Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts

2014-07-31

Browser එකේ save කරපු password එකක password field එකට තරු වැටුනම Safe කියල හිතනවද?

අද කියන්න යන්නේ පොඩි Security සීන් එකක් ගැන. කට්ටිය ලේසියට Browser එකේ පාස්වර්ඩ් සේව් කරන් ඉන්නවනේ. මේ ක්‍රමේ ටිකක් අනතුරුදායකයි. මුලින් කියන්නම් මේ තරු විදියට තියෙන පාස්වර්ඩ් බලන්න විදියක්. ඕන නං javascript එකකින් බලන්න පුලුවන්. මං නං කියන්නෙ ඒකත් ඕන නෑ. chrome හරි firefox හරි තිබ්බනං ඇති. කරන්න තියෙන්නෙ මෙච්චරයි.
මේ වගේ පාස්වර්ඩ් එක සේව් කරල තියෙන තැනක් ආවම Chrome වල නම් නිකම්ම පුලුවන්. Firefox නම් Firebug දාගන්න. ඊට පස්සෙ Password එක ගහන්න තියෙන Text box එක උඩ Right click කරල Inspect කරන්න.  එතකොට මේ වගේ පෙන්නයි

දැන් type="password" කියල තියෙන එක type="text" කියල වෙනස් කරන්න. password කියන එක උඩ ඩබල් ක්ලික් කලානම් නිකම්ම edit mode එකට යනවා. දැන් බලන්න මොකද වෙන්නෙ කියල. password එක කොච්චර ආරක්ෂිතද කියල පේනව නේද?
chrome වල master password එක විදියට windows login password එකම භාවිත කරාට Master Password කොච්චර අනාරක්ෂිතද කියල පේනව නේද? හැබයි Firefox මීට වඩා ඉදිරියෙන් ඉන්නව කියල කියන්න පුලුවන් මොකද Master Password එක නැතිව තරු සලකුණුවත් පෙන්න්නෙ නැති නිසා.

මෙතනින් ගිහින් Firefox වල Master Password එක හදාගන්න පුලුවන්



Internet Explorer පාවිච්චි කලානං අවුලක් නෑ කියල හිතන්නෙපා. ඒකෙත් F12 වැඩ.

2013-12-31

Google Calender, සිංහල සහය Android සඳහා 2014 වර්ශයේ දින දර්ශනය

2013 අවසානවෙන්න තවත් පැය කිහිපයක් විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. මැයි පළවෙනිදා දාපු පෝස්ට් එකෙන් පස්සේ මේ බ්ලොග් එක ලියන්නත් බැරි උනා. ඒත් ගෙට්එක නම් මඟ ඇරියෙ නැහැ. මං ගනිපු පින්තූර මෙතන ඇති. දැක්කෙ නැති අය ඉන්නවනං බලන්න. 

ඉතිං කොහොම හරි ආයේ ලියන්න හිතුනා. අවුරුදු කියල විශේෂ සැමරීමක් නැති නිසා කට්ටියට අලුත් අවුරුද්දට කට්ටියට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න හිතුවා. එහෙනං මේ තියෙන්නේ ඒ තෑග්ග තමයි.
  ICS ගොණුවක් විදිටය මෙතන තියෙනවා. මේ ගොනුව Outlook Calender එක එක්ක උනත් වැඩ කරනවා.
Samsung Android දුරකථන වල නම් අවුලක් නැතිව වැඩ කරනවා.   Google Calender sync කරගන්න විතරයි ඕන

එහෙනං කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

ලබන අවුරුද්දෙ හම්බෙමු.. ජයවේවා!!

2011-07-28

Google Plus හි තමන්ගේ Profile එකට link එකක් හදාගමු

Google Plus ,G+ , එහෙමත් නැත්නම් ඔයාල දන්න විදියට කියනවනං පස් වල එකවුන්ට් එක කාටවත් දෙන්න ගියාම ලින්ක් එක ටිකක් අවුල් නේ..
මේ තියෙන්නේ මගේ profile එක.
https://plus.google.com/117408766082951350719
ඉතිං ඕකෙ තියෙන නම්බර් ටික නිසානේ අවුල.. ඒකට මෙහෙම වැඩක් කරගන්න පුලුවන්.

http://ongplus.com/ ගිහින් ඔයාල කැමති නමක් දාගන්නකෝ.
  කියන තැනට ඔයාලට දාගන්න ඕනි නම දෙන්න
දැන් අර උඩ ලින්ක් එකේ තියෙන අංක ටික. plus.google.com එකට පස්සේ තියෙන ටික Google+ ID: කියන තැනට දෙන්න
මෙන්න මේ විදියට.





ඔය ටික කරල ක්ලේම් කලාම දැන් මෙන්න මෙහෙමයි මගේ profile එකට යන්න පාර තියෙන්නේ
http://ongplus.com/kpgtharaka

2010-11-20

Facebook කමෙන්ට් වලට Like එක ආපු හැටි

මෙන්න මෙහෙමයි Mark Zuckerberg ට FB එකේ කොමෙන්ට් වලට ලයික් එක දාන්න අදහස පහල වෙලා තියෙන්නේ. මලින්ත ගේ කොමෙන්ටුව කොහොම හරි කියවගෙන. දැන් ඔන්න හැම කමෙන්ට් එකකටම ලයික් එක ගානේ ඇවිත්. බලමුකෝ ඒකෙත් හැටි නේද? Deeps ට තමා ඕක ආපහු මතක් උනේ කොමෙන්ට් වලට ලයික් එක දැකපුවම.


බලාගෙන ඔයාලගේ කමෙන්ටුත් එයාල කියවනව ඇති. :D

2010-05-19

facebook තහනම් වෙයි

පාකිස්තානු අධිකරණයක් මගින් ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් වන facebook අඩවිය තහනම් කිරීමට නියෝග නිකුත් කර ඇත.
වැඩි විස්තර සඳහා http://goo.gl/bucF වෙත පිවිසෙන්න.

2010-05-05

ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් II

රාත්‍රි 9.00 ට විතර මතක් උනා තව පෙර ගෙවුම් එකක් තිබුණ කියලා. දාල බැලුවා ඒකත් ඩිස්කනෙක්ට්. ඩිස්කනෙක්ට් වෙච්ච එකක් අරගත්තු නිසා සේ මෙචච්චර කට්ටක් කෑවේ. වැඩ කරන එකක් හොයාගත්ත නම් හරි කියලා හිතුනා.

ගෙදර පෙර ගෙවුම් එකක් පාවිච්චි කරන්නේ නංගි විතරයි. ඉතිං පහුවෙනිදා රීලෝඩ් එකක් දාල දෙන පොරොන්දුව පිට ඒක ඉල්ල ගත්තා. අයිය නැති නිසා E220ත් නෑ. සිම් දෙක මාරු කරා. හැබයි ෆෝන් දෙකම මම ලඟ ;)
කනෙක්ට් වෙන්න පුලුවන්ද බැලුවා. ගින්දර වගේ වැඩ. එවෙලෙම දැම්මා Daily Delight (25) පැය 2ක් විතර පාවිච්චි කරා. කරපු වැඩ ටික අනුව ඒක ඉවර ඇති කියල හිතුණා. ඉතිං ඔන්ලයින් වැඩ ටික නවත්තල එදා ඕෆ්ලයින් වැඩ කරන්න ගත්ත.

පහුවෙනිදා උදේම වැ‍ඩට යන ගමන් ගත්ත ඇමතුමක් මොබිටෙල් පාරිභොගික සේවා අංශයට. අපරාදේ කියන්න බෑ විනාඩියක් යන්නත් කලින් කෙනෙක් කතා කරා.(කතා කරන නම්බර් එක අනුවත් සෑහෙන වෙනසක්). මම දාපු පැමිණිල්ලෙ අංකය දීල විමසීමක් කරා. පොඩ්ඩක් ඉන්න කියල ඕං දැම්ම අර ඇඩ් පෝලිම. ටිකකිං කට් උනා. මං යමින් ගමන් නිසා සිග්නල් වල තත්වය මදි වෙලාද දන්නෙත් නැහැ. ටිකක් වෙලා ඉදල ආයිම ගත්ත. කලින් වගේම විනාඩියක් යන්නත් කලින් නියෝජිතවරියක් සම්බන්ධ උනා. ඉතිං නැවත මුල සිට විමසීමක් කරන්න උනා. අන්තිමේදි පැමිණිල්ල අරගනිපු නියෝජිතයව දැනුවත් කරන්නම් මේ සම්බන්ධයෙන් හොයල බලන්න එයා කෝල් එකක් දෙයි කියල කිවුවා.

වෙන මුකුත් දැනගන්න තියෙද කියල ඉතිං එයාල අන්තිමට අහනවනේ. ඒ වෙලාවෙදි මට අහන්න හිතුන මොබිටෙල් පැකේජ පිලිබඳ විස්තර. මොකද මං පාවිච්චි කලේ 2003 මොබිටෙල් හදුන්වාදීමෙදී ගත්තු Cool 100 එකක්. ඒක නම් මාසෙට රු100 යි. ඒ දවස් වල නම් පිටතට ගන්නා ඇමතුමකට රු 11ක් විතර අය කරනවා. පස්සේ සහන දීල දීල දැන් වීඩියෝ ඇමතුම් විනාඩි 100ක් නොමිලේ ලැබෙනවා. බලද්දී පස්සෙ දීපු Cool Plus 100 එකම තමයි.
අවම දත්ත පැකේජය ගැන විම‍සීමේදී දැනගන්න ලැබුනේ මාසික ගාස්තුව රු 300 ක් වෙන Active F එක තමයි. ඒකෙ නම් විනාඩි 300ක විඩියෝ ඇමතුම් සහ 300Mb දත්ත ප්‍රමාණයක් නොමිලේ භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා.
ඊළගට තියෙන්නේ SRIL කියන පැකේජය. ඒකෙ මාසික ගාස්තුව රු 500යි සාමාන්‍ය ඇමතුම් විනාඩි 500ක්, වීඩියෝ ඇමතුම් විනාඩි 500 ක කාලයක් සහ 500Mb දත්ත ප්‍රමාණයක් නොමිලයේ භාවිත කරන්න අවස්ථාව ලැබෙනවා.
(නොමිලයේ කිවුවට ඉතිං අපි මාසෙකට ගාණක් ගෙවලනේ) ඒත් සාමා්‍යයෙන් මාසෙට වියදම් වෙන ගාණ අනුව බැලුවම ඔයින් පැකේජයක් ගන්න එක ලාබයි පෙරගෙවුම් එකක් භාවිතා කරනවට වඩා.
වැඩි විස්තර ඕන නම් මොබිටෙල් වෙබ් අඩවියේ මෙන්න මෙතනින් ගන්න පුලුවන්

මාසෙට 1000 ට 2000කට ව‍ඩා වැඩියෙන් වියදං වෙන කවුරු හරි ඉන්නවනං මෙන්න මේවා හොදයි

ඔන්න ඉතිං කතාව වෙන පැත්තකට යනවා. ආපහු මාතෘකාවට එමු. ඉතිං අර පැමිණිල්ල දාපු නියෝජිතයා අමතන කං බලන් ඉන්න වෙනවා. ඕං ඔ‍ෆීසි‍යට ඇවිත් වැඩ කරන කොට ‍ආව මොබිටෙල් එකෙන් ඇමතුමක්. කතා කලේ අර නියෝජිතයා. ඇත්තම කියනවනම් පැමිණිල්ල ලියාගෙන තියෙන්නේ නියෝජිත වරියක්. එයා කලිං ගෙදරට කතා කලාලු. ෆෝන් එක රිං වෙනවා ආන්සර් කලේ නෑ. කිවුවා. ඉතිං පැහැදිලි කරල කිවුවා ගෙදර තියෙන SLT දුරකථනය තමයි රැහැන් කපාදාල තියෙන්නේ. ඒක වැඩ කලා නම් මට වීක්ලි ඩිලයිට් එක දාන්න ඕනත් නෑ ඒකෙන්ම ADSL අරන් තියෙන නිසා කියල. කොහොම හරි ඉතිං ආපහු මං අර දාගත්තු Weekly Delight එක අයින් කරගන්න කං ‍මුදල් ලබා දෙන්න විදියක් නෑ. ඒක අයින් කරගත්ත ගමන් මුදල් ආපසු ලැබෙයි කිවුවා. මට ඒත් සැකයක් ආව රු 75යි නේ Weekly Delight ‍දාන්න යනව කියන්නේ. සම්පූර්ණ අය කිරීම රු 98.98ක්. ඒ ගැන විමසීමේදී කිවුවේ ඒ සම්පූර්ණ මුදලම ලබා දෙන බව තමයි. ඉතිං ඒක ආපහු ලැබුණට පස්සේ ජංගම දුරකථනයේ සැකසුම් පරීක්ෂා කරල නැවත Weekly Delight දාගන්නත් කිවුවා. ආපහු දාන්නේ මොකටද මේ වෙච්ච දේ හොදටම ඇතිනේ. අර වැඩ කරන සිම් එකටම ගිණුමෙ ශේෂය මාරු කරගත්තනම් හරිනේද කියල හිතල ඒ මුදලට නැවත නොදා ඇමතුම් ගන්න භාවිතා කරන්න බැරිද කියල ඇහුවා. ඒකට කැමති දෙයක් කරන්න පුලුවන් කියල එපාර කිවුවා.
ඒ ඇමතුමෙන් පස්සේ ඔන්න #170# මගින් දාගනිපු Weekly Delight එක අක්‍රිය කලා. ඒත් මුදල් නම් ආපහු ලැබුනෙ නෑ. හවස 2ට විතර ගියා මාතර මොබිටෙල් ශාඛාවට තියෙන පැකේජය පාඩුයි වගේ නිසා ඒක ‍මාර කරගන්න තමයි ගියේ. ඒකත් මාරු කරල ඉවරවෙලා අර කරපු පැමිණිල්ලෙ නවතම තත්වය මොකක්ද කියල විමසීමක් කරා. ‍එයාල මූලස්ථානයත් එක්කල කතා කරල බලල අද හවස 5 ට කලින් නැවත මුදල් ලබා දෙන බව දැනුම් දුන්නා.

ඉතිං කොහොම හරි හවස 6 ට විතර බැලුවත් අර මුදල ආපහු ඇවිත් තිබුනෙ නෑ. Daily Delight දාපු සිම් එකට #170# ගහල බලද්දි තවත් පැය කිහිපයක් සහ මෙගාබයිට කිහිපයක් ඉතිරිව තිබුණා. එදා දවසත් ඒ සිම් එකම භාවිතා කරන්න පුලුවන් උනා. මෙන්න ඒ වෙලාවෙ වේගය


කොහොම හරි පහුවෙනිදා උදෑසන වෙනකොට නැවත රු 98.98ක් වෙච්ච මුලු මුදලම මගේ ගිණුමට ආපහු ඇවිත් තිබුණා. ඕං ඔහොමයි ජංජාල ගත වෙන්න ගිහිල්ල වෙච්චි ජංජාලෙන් බේ‍රුනේ. දැන් නම් ADSL එක යථා තත්වයට පත් කරල ආයෙම හොරු කපයිද දන්නෙත් නෑ. :)

2010-04-25

ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් I

පහුගිය මාසේ 24 වෙනිදා විතර අපේ ගෙවල් පැත්තට එන ටැලිෆෝන් වයර් සෙට් එකේ 4' කේබල් එක කපල දාල කියල කලින් පෝස්ට් වලත් ලිවුවනේ. ඉතිං ටැලිෆෝන් නැති කල කවර ADSL ද? මේ ලියන්නේ ඊට පසු ජාලගත වෙන්නන දරපු මහන්සිය තමයි. දවස් දෙකකින් විතර SLT එකේ ඉන්ජිනේරුවෝ ඇවිත් නැවත යථා තත්වයට පත් කරා. ඒ වෙනකොට කේබල් කපපු අය පොලිසිය විසින් අත් අඩංගුවට අරන්ලු. (බඩුත් එකකම හොරු). ඇප දුන්නෙත් නෑ කියල තමයි කිවුවේ.

ඒත් හදපු දවසටම පහු වෙනිදා ආයිම අර කපපු තැනට පොඩ්ඩක් එහායින් ආයිම කපල. කපල තියෙන තැනට පොලිස් මුරපොලේ ඉදන් 200m විතර ඇති. ඒ වගේම ප්‍රදේශයේ තවත් පොලිස් මුරපොලවල් අවටිනුත් කේබල් කපාගෙන ගිහින්. නිකං බිල ගෙවන්න මොකටද SLT ආයතයෙන් විමසීමක් කරා. පලවෙනි පාර කිවුවා කොහොමත් බිල් එක ගෙවන්න වෙනවා කියල. ඉතිං අන්තිමට තීරණය කරා ADSL විසන්ධි කරන්න. විසන්ධි කරන්න ගියාම කියනවා බිල් එක අඩු කරන්නම් ලු. දැන්ම හදන්නැත්ද කියල ඇහුවම පොලීසියෙ කිසිම මෙව්ව එකක් නැති නිසා හදන්නැද්ද මොකක්ද කියල තිබුණ. ඉතිං අපි තීරණය කරා මේක නිවුස් එකක් කරන්න. කරල මාධ්‍ය වලට දුන්න. තවම හදල නෑ.

ඒත් ඕව හදනකං නෙට් නොයා ඉන්නයැ. අයියගේ Airtel Unlimited Sim එකයි E220යි තමයි අවුරුද්ද දවස් ටිකේ පාවිච්චි කලේ. Airtel 3G මේ පැත්තට නෑ. ඉතිං EDGE තමයි. මාර ස්ලෝ. මේල් එක වත් හරියට ලෝඩ් වෙන්නෑ.ඉතිං Unlimited උනා කියල කන්නයැ.හැම ජාතියම දාල බලුවා හොදට සිග්නල් තියෙන්නේ මොකේද කියලා. Etisalat එකෙත් EDGE විතරයි. Dialog පෙර ගෙවුම් සල්ලි ඉක්මණට ඉවරයි. අන්තිමේ හොද උනේ පාවිච්චි කරන මොබිටෙල් ම තමයි.



පහුගිය 18 වෙනිදා පරණ මොබිටෙල් සිම් එකේ දුවිලි පිහදාල අරන් ෆැක්ස් එකක් යවල සක්‍රිය කරගත්ත. 100ක් රීලෝඩ් කරා. ගත්ත 141 එකට කෝල් එකක්. 6 ගහල Weekly Delight (75)ඇක්ටිව් කරා. 75යි කිවුවට හරි ගාන රු 98.98. දැන් ඔන්න E220කට සිම් එක දාල නෙට් යන්න බැලුවම කනෙක්ට් වෙන්නෑ. එතකොට උදේ 7ට විතර ඇති. සැකසුම් දෝශයක්ද කියල සැකයක් ආපු නිසා පසු ගෙවුම් සබඳතාව දාල බැලුවා. හොදට වැඩ කරනවා. සිම් එකේ මොකක් හරි අවුලක් කියල තේරුණා. ගත්ත පාරිභෝගිකයන්ට කෙලවීමේ අංශයට 2පාරකට වඩා කතා කලොත් දැන් කීයක්ද කැපෙනව කියලත් කියනවා ඇහුනා. කොහොම හරි නියෝජිතයෙක් කතා කරා විනාඩි 20කට විතර පස්සේ.
ඉතිං ගැටලුව කිවුවා.

සිම් එකට weekly delight දැම්මා. බ්ලා... බ්ලා....බ්ලා..

මෙහෙන් අවුලක් නැහැ. සිම් එකට ඇක්ටිව් වෙලා තියෙන්නේ. සර්ගෙ මොබයිල් එක මොකක්ද ඇහුවා. ඉතිං මොබයිල් එකේ වර්ගය කිවුවා. දැන් සෙටිංග්ස් එවන්නම් කිවුවා. .

මං කිවුවා සෙටිංස් වල අවුල් නෑ. අනිත් සිම් එකෙන් කනෙක්ට් වෙනවා. ඒ උනාට එහෙම හරියන්නෑ කියල සැකසුම් ටික එවුවා. ඕෆ් කරල තියල ඔන් කරන්න එතකොට හරියයි කියල කිවුවේ. මං කිවුවා ෆෝන් එකේ නෙවෙයි මොඩම් එකටත් වැඩ කරන්නැහැ කියලා. පොඩ්ඩක් ඉන්න කිවුවා. විනාඩි 2ක් විතර ඉන්න ඇති කට් උනා. ඉතිං !@#$%^&*()

මාත් ඉතිං කරලම බැලුව. සිම් එකට Packet Data සක්‍රිය නැ වගේ තමයි ෆෝන් එකේ පෙන්නෙන්නේ. Always online දැම්මම අර 3G යටින් වැටෙන කැඩි ඊතල පෙන්නන්නෑ. ඒ කියන්නේ Packet Data Not Available කියන එකනේ.

ආපහු ගත්තා අර ඉස්සෙල්ල ගනිපු සේවාවටම තවත් විනාඩි 20ක් විතර හිටියා ඔන්න නියෝජිතවරියක් ආව. ඒ පාර ඇහුවා කෙලින්ම weekly delight දැම්ම නෙට් යන්න බෑ මොකද කියලා. පාවිච්චි කරන්නේ මොකක්ද ඇහුවම කෙලින්ම E220ක් කිවුවා. ආයිම කියපි එහෙන් අවුලක් නෑ සෙටිංග්ස් හදාගන්න කියලා. මම දන්නැද්ද සෙටිංග්ස්. කෙලින්ම ඇහුවා මොඩම් එකට දෙන්න තියෙන්නේ apn එක mobitel3g නම්බර් එක *99# නේද කියල. එහෙනම් පොඩ්ඩක් ඉන්න කිවුවා. ඉතිං ආයිම හිටියා. විනාඩි 3ක් විතර ඉදල ආයිම කතා කරා.වෙන ඩොංගල් එකකට දාල බලන්න. ෆෝන් එකකට දාල බලන්න. අනං මනං ටිකක් ආයිම කිවුවා. මං කිවුව සේරම කරල බලල බැරි වෙච්ච නිසා තමයි ඔයාලට කතා කරේ කියල. එපාර ආයිම ඉන්නලු ඉතිං ඉන්නව ඉන්නවා. ඔන්න ආයිම ටික වෙලාවක්(විනාඩි 5ක් විතර) ඉදල කියනවා සර්ගෙ එකවුන්ට් එකේ සල්ලි මදිලු. මං කිවුවා 100ක් දාල තමයි ඇක්ටිව් කරේ. එතකොට කියපි රු 75 ට බදු එක්ක රු 98.98 ක් යනවා. දැන් රු 1 සත ගාණයි තියෙන්නේ. එපාර කියනවා නෙට් යන්න නම් අවම රු 2ක් තියන්න ඕනලු. එකවුන්ට් එක රීචාර්ජ් කරල බලන්නලු. මටත් දැන් ඇතිවෙලා බලං ඉදලම මේ වෙනකොට 10ටත් කිට්ටු වෙලා තිබුනා. හරි මං ඒකත් කරල බලන්නම් කියලා තිබ්බා. 2වෙනි චාන්ස් එකත් ඉවරයි. මැසේජ් එකක් ආව. තව පාරක් ගත්තොත් charge කරනව කියල තබයි තිබුනේ.

රිලොඩ් එකක් දාල බලන්න ඕන කියල හිතුන නිසා ඕං යාලුවෙක්ට කෝල් එකක් දීල කිවුවා 20ක් දාන්න කියලා. 20ත් ආව දැන් එකවුන්ට් එක රු 21.02 දැන් හරිනේ කිවුව විදියට දැන් නම් නෙට් යන්න බැරි වෙන්න විදියක් නෑ. ඔන්න ආයිම ට්‍රයි එකක්ද දුන්න. මොන අර විදියමයි. දැන් මොකද කරන්නේ. ආපහු ගත්තොත් charge වෙනවා. විනාඩි 20ක් විතර බලන් හිටියොත් රු20 ආයිම ඉවරයි.

එතකොට තමයි මතක් උනේ මම පාවිච්චි කරන්නේ මොබිටෙල් පසු ගෙවුම් පැකේජයක් කියලා. ඇමතුව පාර්භෝගික සේවා අංශය. විනාඩියක් යන්නත් කලින් ඕන් නියෝජිතවරියක් කතා කරා. එපා වෙලා හිටපු හින්දම උදේ ඉදන් උනු දේවල් කිවුවා. එක පාරක් ගත්තම කට් උනා. කරන්න කිවුව සේරම කලා තාම ඔයාලට හදල දෙන්න බැරි ඇයි කියලා. එපාර කියනවා අර සිම් එකෙන්ම කතා කරන්නලු. මං කිවුව ඒක මොඩම් එකේ තියෙන්නේ. ඒකයි මේකෙන් ගත්තේ කියලා. තද වෙච්ච නිසා මම කෙලින්ම කිවුවා නෙට් යන්න හදල දෙන්න බැරිනම් කැපිච්ච ගාන රිෆන්ඩ් කරන්න කියලා. එපාර අදාල අංශයට ඒ ගැන පැමිණිල්ලක් ගොනු කරන්නම් කියලත් කිවුවා. Weekly Delight එක ඉවර වෙන්න කලින් නෙට් යන්න හරි රිෆන්ඩ් එක හරි නොලැබුනොත් TRC එකට පැමිණිලි කරනවා කියල මම කට් කලා. එදා දවසත් සුපුරුදු විදියටම නෙට් නැතිව ගත කරන්න හිතුවත් පසුගෙවුම් පැකේජ් එකෙන් කනෙක්ට් වෙලා මේල් එක විතරක් චෙක් කරා. BCS එකේ විභාගය 21,22 නිසා Admission එක ප්‍රින්ට් කරගන්නත් ඕන.ඒත් මේල් එක හොයාගන්න බැරි උනා.

මේක මාගලක් වෙලා වගේ වැඩිය දිග ඒව කියවන්න කම්මැලි ඇතිනේ. අන්තිමේ ආපහු ජංජාල ගත වෙච්ච හැටියි අර රු 98.98 ට වෙච්ච දේයි ගැන ඊලග පෝස්ට් එකේ දාන්නම්.

2010-04-09

Mozilla FireFox කාර්යක්ෂමව භාවිතා කිරීමට කෙටිමං..



[F3] - පිටුව තුල වචන සෙවුමට.

[F5] - වත්මන් පිටුව / ටැබය යලිපූරණයට.

[Ctrl + T] - නව ටැබයක් ලබාගැනීමට.

[Ctrl + W] - වත්මන් ටැබය වැසීමට.

[Ctrl + Shift + T] - අවසානයට වසා දැමූ ටැබය යලි විවෘත කිරීමට.

[Ctrl + Shift + P] - පෞද්ගලික ගවේශණය ආරම්භ කිරීමට.

[Alt + Left Arrow] හෝ [Backspace] - පෙර පිටුවට.

[Alt + Right Arrow] - ඉදිරි පිටුවට.

[F11] - පුළුල් තිර ආකාරය සහ පුළුල් තිර ආකාරයෙන් ඉවත්වීමට.

[Esc] - පිටුව පූරණය නැවැත්වීමට.

[Ctrl + (- or +)] - ෆොන්ටයේ ප්‍රමාණය, ෆොන්ටයේ ප්‍රමාණය '-' මගින් අඩුවන අතර '+' මඟින් වැඩිවනු ඇත.

[Ctrl + Shift + Del] -‍ ‍පෞද්ගලික දත්ත ඉක්මණින් හිස් කිරීම සඳහා Clear Data කවුලුව වීවෘත කිරීමට’

[F6] or [Alt + D] or [Ctrl + L] – වෙබ් ලිපිනය එකවර තෝරාගැනීමට.

[Ctrl + D] - විවෘතව ඇති වත්මන් පිටුව සඳහා පිටු සළකුණක් එක් කිරීමට.

[Ctrl + I] - භාවිතයට ඇති පිටු සළකුණු ‍දර්ශණය කිරීමට.

[Ctrl + J] - භාගත කිරීමේ කවුලුව (Download Window) විවෘත කිරීමට.

[Ctrl + N] - ගවේශකයේ නව කවුලුවක් විවෘත කිරීමට.

[Ctrl + P] - වත්මන් පිටුව / රාමුව මූද්‍රණයට.

[Ctrl + Tab] - විවාතව පවතින ටැබ අතර මාරුවීමට.

[Spacebar] - වරකට පිටුව බැගින් පහළට චලනයට.

[Shift + Spacebar] - වරකට පිටුව බැගින් ඉහළට චලනයට.



http://www සහ .com ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව සම්පූර්ණ කිරීමට [CTRL + Enter]

උදා:- http://www.google.com ලබා ගැනීමට ලිපින තීරුවේ google ලෙස සඳහන් කර [Ctrl +Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

http://www සහ .org ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව සම්පූර්ණ කරගැනීමට [CTRL + Shift + Enter]

උදා:- http://www.hanthana.org ලබා ගැනීමට ලිපින තීරුවේ hanthana ලෙස සඳහන් කර [Ctrl + Shift + Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

http://www සහ .net ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව ලබාගැනීමට [Alt + Enter]

උදා:- http://www.batapola.net ලබා ගැනීමට ලිපින තීරුවේ batapola ලෙස සඳහන් කර [Alt + Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

---
ප.ලි.
මෙම ලිපිය cPlus සඟරාවේ මංගල කලාපය සඳහා මා විසින් සකස් කරන ලද්දකි.

කෙටිමං වලට හුරුවිම ඔබේ කාලය ඉතිරි කරයි.

2010-04-01

SLT DNS අවුල සහ ටැලිපෝන් කැපීම




පසුගිය දිනවල මා සතු ඩොමේන වලට ප්‍රවේශ වීමට නොහැකි බව කිහිප දෙනෙක් දැනුම් දුන්නා. ඒ අයට මුලින්ම ස්තූතිවන්ත වෙනවා ඒක මට දැනුම් දුන්නට. SLT Automatic DNS වලින් වෙබ් අඩවි වලට ප්‍රවේශ වීමට බැරි වීම තමයි මෙයට හේතුව. මේක මට විතරක් වෙච්ච දෙයක් නොවන වගත් අනිත් අයගේ ප්‍රතිචාර වලින් තේරුණා. මේකට හේතුව හොයාගෙන හොයාගෙන යනකොට නැවතුනේ ටෙලිකොම් එකේ ස'වර් රූම් එකෙන්. එතනදි හොයාගත්ත ලෙඩේ මොකක්ද කියලා.

tracert www.batapola.net කියල දුන්නම එන්නේ මෙන්න මේක
Unable to resolve target system name www.batapola.net.

Google DNS දාල ඒකම දුන්නම
racing route to batapola.net [173.212.202.130]
over a maximum of 30 hops:

1 1 ms <1 ms <1 ms 192.168.1.1
2 353 ms 59 ms 48 ms 220.247.232.35
3 30 ms 26 ms 28 ms 203.94.91.242
4 25 ms 52 ms 77 ms 222.165.130.57
5 36 ms 95 ms 29 ms 222.165.130.10
6 235 ms 209 ms 351 ms so-2-3-3-dcr1.lnd.cw.net [166.63.161.237]
7 176 ms 261 ms 174 ms xe-5-0-0-xcr1.lnd.cw.net [195.2.25.121]
8 382 ms 330 ms 310 ms 195.66.226.167
9 243 ms 246 ms * vl0019.gwy02.sctn01.hostnoc.net [63.218.31.42]
10 415 ms 495 ms 280 ms ec1-00.gwy01.sctn01.hostnoc.net [64.191.108.38]
11 364 ms 241 ms 247 ms ec1-17.agg03.sctn01.hostnoc.net [96.9.191.2]
12 385 ms 246 ms 261 ms ec0-63.bp1901.sctn01.hostnoc.net [96.9.184.42]
13 458 ms 246 ms 270 ms 173-212-202-130.hostnoc.net [173.212.202.130]

Trace complete.

ඉතිං GoogleDNS OpenDNS වගෙම SLTDNS මැනුවල් හදාගත්තමත් යන්න බැරි උනු සයිට් වලට යන්න පුලුවන් උනා. ඒ automatic DNS වලිට පාවිච්චි වෙන්නේ 203.115.0.46 සහ 222.165.*26.22[දෙවනි එක හරියටම ෂුවර් නෑ] IP දෙකම මැනුවල් හැදුවම යන්න පුලුවන් උනා. ඉතිං ඒ ගැන ස'වර් රූම් එකේ ඉන්න අයත් එක්ක කතා කරල විසඳ ගත්තා දැන් ඒ යන්න බැරිව තිබුණු සයිට් වලට යන්න පුලුවන්. ඉතිං මේ දිනවල බටපොල හරිත උදානය 2010 නමින් කෘෂිකාර්මික අධ්‍යාපනික වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළියක් 2010 මාර්තු 25,26,27,28 හා 29 දින පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙනවා. ඉතිං මාතර මාධ්‍ය නිවස මගින් විද්‍යාල පරිශ්‍රයේ සිට FM 96.1 ඔස්සේ විකාශය කරනු ලබන සුසර FM දැන් www.batapola.net වෙබ් අඩවිය හරහා ඔබට සවන් දීමටත් හැකියාව ලබාදුන්නා. ඒ වගේම ඔබට සිංදු ඉල්ලීම් කරන්නත් සුසුර FM මෙහෙයවන මාතර මාධ්‍ය නිවසේ අය සූදානම් කරල තිබුනා.[මාතර මාධ්‍ය නිවසේ අය ප්‍රථම වරට අන්තර්ජාල මාධය හරහා කරන ලද විකාශයද මෙයයි.] විකාශය අතර තුර සිංදු ඉල්ලීම් කරන්න පුලුවන් වෙලාවල් සහ දුරකථන අංකය ඔවුන් සඳහන් කරන අවස්ථාවල ඔබ ලෝකෙ කොයි කෙළවරේ සිටියත් සිංදු ඉල්ලීම් කරන්න පුලුවන් උනා. ඒ දිනයන් තුල පානදුර හා දෙහිවල යන ප්‍රදේශවලිනුත් සිංදු ඉල්ලීම් ලැබී තිබුණා. එයත් සතුටට කාරණයක්. FM රේඩියෝ මාධ්‍ය වගේම අන්තර්ජාල මාධයත් භාවිතා වන බව දැන් ඔවුන්ට වැටහෙන්නට ඇති.


ප.ලි: මේක ලියන්න ගත්තේ 26 වෙනිදා . ඒ උනාට කවුරු හරි බටපොල සිට උඩුවිල දක්වා දුරකථන රැහැන් කපා දමා තිබීම නිසා මට අන්තර්ජාලයට සම්බන්ධ වීමට නොහැකි වීමෙන් එදා පෝස්ට් කරගන්න බැරි උනා . දින දෙකක් ඇතුලත SLT ආයතනය රැහැන් යථාතත්වයට පත් කලත් නැවතත් පසුවදාම ඒ සම්බන්ධ කල ස්ථානයට මදක් ඈතින් කපා දමා තිබුණා. කෙසේ හෝ අන්තර්ජාල විකාශය සිදුකරන්නට ගෙදර සිට නොහැකි උනා. මේ සියලු බාධා මැද පාසලේ සිට සජීව විකාශය අන්තර්ජාලය හරහා සිදු කරන්නට කටයුතු සිදු උනා. මා හට පාසලට යාමට නොහැකි උනත් මාගේ සහෝදරයා එම ස්ථානයට යවා සාර්ථක ලෙස එතන සිට විකාශන කටයුතු ගෙන ඒමට පුලුවන් උනා.

ඉතිං පාසලේ පරිගණක විද්‍යාගාරය විවෘත කරන තුරු විකාශන කටයුතු සඳහා බලා සිටීමට සිදුවීමත් නිතරම එතන රැදී සිටීමත් නොහැකි විම නිසා අන්තර්ජාල විකාශනයට බාධා පැමිණුනා. ඒ පිළිබදව මාගේ කණගාටුව ප්‍රකාශ කරන අතර සවන් දුන් අයටත් අන්තර්ජාල විකාශයට තමාගේ සේවාදායකයක් නොමිලේම ලබා දුන් කාලිංග අයියාටත් ස්තූතිවන්ත වෙමි.

2010-03-17

Firefox , Safari, Opera, Chrome සහ IE

මේ දවස් වල අන්තර්ජාල ගවේශක සංසන්දනය කරනව වැඩී ද මංදා. මාත් ජංජා‍ල ගත වෙලා යමක් හොය හොය ඉන්න කොට හම්බුනා අන්තර්ජාල ගවේශක සංසන්දනය කරල බලපු පින්තූර ටිකක්. බලන්න මේ කියල තියෙන කතා ඇත්තද කියලා.


මෙන්න මෙතනින් තමයි මටත් හම්බුනේ http://goo.gl/OK7G

2010-03-02

තවත් Facebook වයිරසයක් වේගයෙන් පැතිරී යයි




මේ අවස්ථාව වන විට Facebook ජාලය තුල වයිරසයක් පැතිරෙමින් පවතින අතර එය ඔබේ මිතුරන් ලෙසින් මිතුරන්ගේ පින්තූර වලට කමෙන්ට් දමමින් යනු දැකගත හැක. පහත දැක්වන්නේ එම වයිරසය මගින් දැමූ කමෙන්ට කිහිපයකි.

Plsssss help.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

Come if you are my friends.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

Thanks all.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

Love you soooooooo much.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

this is a tough game, please teach me.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/


මෙය වෙනස් වෙනස් ආකාර වලින්ද පැවතිය හැක. එය මත වැරදී හෝ ක්ලික් වීමක් සිදු උනේ නම් පහත පරිදි අවසර විමසීමක් කරනු ඇත. එහිදි කිසිම විටක අවසර ලබා නොදෙන්න. අවසර දුන හොත් එය පැතිර යාමට ඔබේ ගිනුමද භාවිතා කරනු ඇති.


මෙවන් ‍application වලින් ප්‍රවේසම් වෙන්න. සැකකටයුතු application භාවිතා කිරීමෙන් වලකින්න. හැකියාව ඇත්නම් හැකිතරම් application භාවිතය අඩු කරන්න.

2009-08-29

නම්, පාස්වර්ඩ් Save වෙනවද?

කාලෙකින් බ්ලොග් එක ලියන්න ගත්තෙ. ලියන්න දේවල් බොහොමයි. මතක් උන වෙලාවෙ එකක් ලියන්න හිතුනා.

ගොඩක් වෙලාවට මේක සිද්ධවෙන්නේ පොදු පරිගණක භාවිතා කරන තැන් වල.
GMail Login එක කවුරුත් දැකල තියෙනවනේ. දැකල නැත්තං ඔන්න බලාගන්නකෝ

ඔතන තියෙන Username Field එක උඩ ක්ලික් කරගමන් පරිගණකයේ GMail භාවිතා කරපු අයගේ username ලැයිස්තුවක් බලාගන්න පුලුවන්. රහස්පද සුරැකීම කරල තිබුනොත් නම් ඉතිං ඉවරම තමයි. නම උඩ ක්ලික් කල ගමන් රහස්පදය ඉබේම එනවා.

ඉතිං වෙනත් රහස්පදයක් ඇතුලත් කරල සුරකින එක තරමක් සාර්ථකයි කියන්න පුලුවන් උනත්. ආයිමත් Log වෙන්න උනොත්?

ඊටත් ලේසිම ක්‍රමයක් තමයි තියෙනවා. නොදන්නා අයගේ දැනගැනීම පිණිස මෙහෙම ලියන්නම්.
Username Field එක උඩ ක්ලික් කල විට ලැබෙන පරිශීලක නාම ලැයිස්තුවෙන් ඉවත් කල යුතු නම මතට මවුස් පොයින්ටරය ගෙන එන්න. මවුස් පොයින්ටරය එය මත තිබියදී යතුරු පුවරුවෙන් Del යතුර ඔබන්න. කොහොමද වැඩේ. මහ ලොකු දෙයක් නම් නෙවෙයි තමයි.

අවස්ථාවක් ලැබුනොත් අත්හදා බලන්න. GMail වලට විතරක් නෙවයි. අන්තර්ජාලයේ text Field එකක් තියෙන ඕනම එකක් පිරෙව්වම සුරැකෙන වෙලාවල් වලට මේ ක්‍රමෙන් මකා දමන්න පුලුවන්.

2009-07-14

Facebook Status එක Twitter සමග update කරන්න

Facebook එකේ Status update කරන්න දැං ඉතිං Facebook එකට යන්න ඕනම නෑ. Twitter එකෙන්ම දැන් මට update කරන්න පුලුවන්. ගොඩක් අපේ අය මේක හදාගෙන තියෙනව මම දැක්ක. ඉතිං මං කලේ මෙහෙමයි.

Facebook එකේ Twitter application එක සක්‍රිය කරා.

ඊළගට ඒකට permission දුන්න ‍Facebook status update කරන්න පුලුවන් වෙන්න.

එච්චරයි. twitter එ‍කේ දාන ඒවත් දැන් Facebook එකේ වැටෙනවා.

2009-05-05

ටොරන්ට් හොයන්න හොදම තැනක්

අපි ටොරන්ට් එකක් හොයාගන්න ගොඩක් සෙවුම් යන්ත්‍ර භාවිතා කරනවා.
උදා :-
isohunt.com
mininova.org
vertor.com
thepiratebay.org
btjunkie.org
btjunkie.org
torrenthound.com
seedpeer.com
torrenthub.org
mybittorrent.com
monova.org
torrentportal.com
torrentreactor.net
BitTorrent.AM
extratorrent.com

ඉතිං අපට අවශ්‍ය ටොරන්ටය මේ සේරම වලින් හොයාගන්නෙ කොහොමද? ඉතිං එක සැරේ ගොඩක් ටොරන්ට් සෙවුම් ප්‍රතිඵල දෙන එකක් තියෙනවනම්. මෙන්න ඒකට විසඳුමක්. හැබයි මේකට හොදම ටොරන්ට් ගබඩාව වන Demonoid නම් ඇතුලත් වෙලා නෑ.

විසඳුම තමයි Torrentz.com ඉතිං හොයා ගන්න අමාරු ටොරන්ට් මෙහෙම හොයල බලන්න.

හොයද්දී සීඩ්ස් ගැන බලන්නත් අමතක කරන්න එපා.

2009-04-28

නොමිලේ ඊ-මේල් එකෙන්ම SMS / MMSයවන්න.

ලංකාවෙ නොමිලේ SMS යවන වෙබ් සයිට් ගොඩක් දැකල තියෙනවා. ඒත් බොහොමයක් ඊ-මේල් සේවාව මත පදනම් වූ ඒවා.

මේක මම පාවිච්චි කරන්න අරන් ගොඩක් කල්. හැමෝගෙම දැනගැනීම සඳහා ‍බ්ලොග් එකේ දාන්න හිතුවා.

ඉතිං කරන්න තියෙන්නේ මෙච්චරයි.

මොබිටෙල් නම්
9471XXXXXXX@sms.mobitel.lk

ඩයලොග් සඳහා
+9477XXXXXXX@mms.dialog.lk

ලංකාබෙල් සදහා
0915XXXXXX@sms.bellmail.lk

ටීගෝ සඳහා
+9472XXXXXXX@mms.celltel.lk

යන ලිපිනයන්ට ඊමේල් කිරීම විතරයි.

MMS යවන්න නම් SMS කියන තැනට MMS ලෙස වෙනස් කර යවන්න.

**හොදින්ම අත්හදා බලා ඇත්තේ මොබිටෙල් පමණි.(මා සතුව ඇත්තේ මොබිටෙල් සබඳතාවයක් බැවින්)
ලංකාබෙල් සදහා බෙල්මේල් ඇක්ටිව් වියයුතුයි.

PC Connectivity නොමැති MMS පමණක් ඇති ජංගම දුරකතන සඳහා ජායාරූප සහ MID Sounds දැමීම සඳහාත් මෙය භාවිතා කල හැක.

ඔබත් උත්සහ කර බලන්න.