Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label Trips. Show all posts
Showing posts with label Trips. Show all posts

2020-06-25

Windows 10 වල Programs Uninstall කරන්න දෙන්නෙ නැද්ද? පරණ පුරුදු තැනින්ම uninstall කරමු

Kaspersky license expire වෙලා නිසා ආයෙ ගන්නකල් AVG free දාගන්න ගියා...

වින්ඩෝස් 10 වල This PC එකේ තියෙන uninstall  or change program ගියාට Kaspersky වලට  uninstall option එක active වෙන්නෙ නෑ.



හැබයි පරණ Add/Remove Programs වල change option එක තිබ්බ මතකයි.

ඉතිං ඒකට යන විදියක් හොයාගත්තා 

Control Panel එකේ Network වල Network and Sharing Center ගිහින් Control Panel Home ගියා..  

දැන් තියෙනව uninstall a program කියල පරණ add remove programs එක. 


මේ තියෙන්නෙ ලස්සනට change බට්න් එක. ඒක ඔබල uninstall කලා 


රවුම් ගහල යන්නැතිව කෙලින්ම පරණ control panel එකට යන්න නම් Win+R ගහල run එක අරගෙන ඒකෙ control කියල ටයිප් කරල Enter Key එක ඔබන්න.



2010-11-09

රජරට සවාරිය සහ ආපසු ගමන

කලින් පෝස්ට් එකෙන් රජරටට යාල්දේවියෙන් ගිහින් උඩමළුව ලඟට ගිහිපු හැටි ලිවුවා ඒක තවම බලපු නැති අය ඉන්නව නං මේං ලින්ක් එක ඒක ඉස්සෙල්ල බලල ඉන්න.

ඉතිං උඩමළුව ගාවට ගිහිපු අපි වෑන් එකට අර දාපු කලෙක්ෂන් එකෙන් ගාණ පියවල ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න ඒ දෙසට පිටත් උනා. මේ පහලින් තියෙන්නේ ඒ පාර තමයි.

ඔය පාර දිගේ ඉදිරියට යද්දි ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පූජා භූමියට ඇතුලු වෙන තැන ඉදි කරල තියෙනව මල් කඩ පෙළක්. අපි එතනට ළඟාවෙනවත් එක්කම

“මල් අරන් යන්න එන්න“
“අපෙනුත් මල් අරගන්න“
“මේ හරියට කවුරුවත් එන්නෙ නෑ මේ හරියනේ ගන්න“

ඒ කඩ පාරෙන් ටිකක් එහාට වෙන්න තිබුණු නිසා දෙන්නෙක් ගියා මල් අරන් එන්න. අනිත් අය ඇතුළු වීමේ දොරටුව ළඟ
පින්තූර ටිකක් ගත්තා.

ඉතිං පූජා භුමියට ඇතුල් වෙන්න පාර තිබුණට එතිනින් ඇතුළු වෙන්න දෙන්නෙ නැහැ. පරීක්ෂා කිරීමේ කුටියක් ඇතුලින් තමයි ඇතුළු වෙන්න තියෙන්නේ.

අපි ගියේ නැගෙනහිර දොරටුවෙන් ඇතුළු වෙන්න. ඒත් ප්‍රශ්නයක් පාවහන් නැගෙනහිර දොරටුවේ තියල ගියොත් ආයෙම මේ පැත්තෙන් එන්න වෙනවා. ඉතිං අපි තීරණය කලා උතුරු දොරටුවෙන් ඇතුළුවෙන්න. උතුරු දොරටුව ළඟ පාවහන් තියල ඇතුළු උනා. මල් පූජා කරල වැඳල එහෙම ඉවර වෙලා පින්තූර ගනිමින් මළුව වටේ ඇවිද්දා. ඇවිද්දෙ වට තුනක් විතර උනාට මටත් උතුර දකුණ මාරු උනා. තව පාරක් වටයක් ඇවිද්දම උතුරු දොරටුව තියෙන පැත්ත මතක් උනේ. හිතුවට වඩා වෙලා ගතවෙලා කියල දැනුන.



මේ ඉහලින් තියෙන එකට කියන්නේ ප්‍රාර්ථනා බෝධිය කියලලු. කට්ටිය අත ගාලම ඒකෙ කඳ මැදිලා.

මළුව ඇතුලෙදි මේං මේ සුදු පරෙවියා දකින්න හම්බුනා.

උතුරු දොරටුවෙන් එළියට ආවම ලෝවාමහාපාය. එතන ඉදන් කට්ටියම පින්තූර ගත්ත.

නැවතත් රුවන්වැලි මහ සෑය වෙත පාගමනින් ඇදුන. මේ පහළින් තියෙන්නෙ ලෝවාමහාපාය ලගට චෛත්‍යරාජයා පේන ආකාරය තමයි.

අහසෙ අඳුරු වළාකුළු නිසා රත්නමාලී චෛතය රාජයා අපූරුවට පේනවා. පාවහන් ගලවල රැදවුම් කුටියෙ තියල ඇතුළු උනා. පුදබිමට ඇතුළු වෙනවත් එක්කම සෑහෙන වෙනසක් දැනුනා. මේ තියෙන්නේ ඉර වැහි වළාකුළු අතර සැඟවුණු වෙලාවක මම ගත්තු පින්තූරයක්.


මල් පූජ කරල චෛත්‍ය රාජයා වටේ ඇවිදගෙන යද්දී පොළවට අල්ලලා තියෙන ගල් පතුරු වල කොටල තියෙන අකුරු කියවන්නත් අපේ කට්ටිය උත්සහ කලා. උතුරු පැත්තට වෙන්න තියෙන දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතාගේ දළයක් පෙනව කියල තියෙන තැන නැවතිල නැවතත් පින්තූර ටිකක් අරගත්තා.

ඒ අතර තමා දැක්කේ වාඩිවෙලා වැද වැඳ හිටපු ගෑණු කෙනෙක් ආවේශ වෙලා මොකක්ද විකාරයක් කරනවා.

රුවන්වැලි චෛත්‍යරාජයා ලඟින් නැවතත් අපේ ගමන පයින්ම ඇරඹුනා. මේ ලංකාරාමය.



මහමෙව්නාවේ නටඹුන් නරඹමින් සමාධි බුද්ධා ප්‍රතිමා වහන්සේ ඇතුළුව අමස්ථානයම පාගමනින් වැදල ඉවර වෙනකොට හවස 6.00ත් පහුවෙලා. ඒ උනාට ගොඩක් කළුවර වෙලා තිබුණා.

උදාරට ඇමතුමක් අරන් රාත්‍රී ආහාරයත් අරගෙනම එන බව පැවසීමටන් පසු වටවන්දනා මාර්ගය දිගේ අපේ අය පා ගමනින්ම ආපසු එන්න පිටත් උනා. එනවා එනවා ඉවරයක් නැති පාටක් තමා පේන්නේ. කූට්ටම් පොකුණ ලඟට එනවිටත් හොදටම කළුවර වැටිල. ගෙයක් දොරක් පේනතෙක් මානෙක නෑ පාර විතරයි. පැය බාගයක් විතර ඇවිද්දට පස්සෙ ඔන්න ගෙවල් කිහිපයක් ලඟට ආව. පාර හරිද කියල දන්නෙ නැති නිසා අපි ලඟ තිබුණු කඩේකට ගොඩවැදිල ටවුන් එකට මේ පාර දිගේ කොච්චර දුරද කියල විමසුවා. තව කිමී 2ක් විතර තියෙන බව තමයි දැනගන්න ලැබුනේ. රෑ බෝවී තිබුණු නිසා ජේතවනාරාමයට නොගිහින් එන්න හැදුවත් ළගම පාර තියෙන්නේ ජේතවනාරාමය මැදින්.

විදී ලාම්පු වල එලියෙන් පාර හොයාගෙන යන අතරේ වාහන යන පාරක් පේන්න ගත්ත. අපි පාරෙන් ඉවත්වෙලා අර වාහන යන මාර්ගය පැත්තට නටඹුන් අතරින් ගියා.

ළගටම ගියාම තමා දැක්කේ කම්බි දෙක පාර හරහා ඇදල තියෙනවා. ඒකෙනුත් පැනල පාරට ආව. මොන පැත්තට යන්නද කියල ෂුවර් එකක් නැ. අපි වමට හැරිල ඉදිරියට ආපු මෝටර් සයිකලයකින් පාර ඇහුවා.
"තව කි.මී 2ක් විතර තියෙනවා. ඔහොම ඉස්සරහට යන්න"
අන්තිමේ කොහොම හරි 7.45 විතර වෙද්දි ආයෙම උඩමළුව ලගට එන්න පුලුවන් උනා. එතන ඉදනුත් පාරට 1km තියෙන බව එතන හිටපු පොලිස් නිධාරියෙකුගෙන් දැනගන්න පුලුවන් උනා.

පාරට ඇවිත් කුරුණැගල බස් තියෙන තැන හොයාගන්න තව පැය බාගයක් විතර ඇවිද්දා.. ඊට පස්සෙ තමයි යන්න පුලුවන් තැනකට වෙලා හිටියේ කුරුණෑගල බස් එකක් එනකං. කුරුණෑගලින් ආපු යාලුවට පහුවෙනිදා තමයි රස්සාවෙ පලවෙනි දවස කොහොම හරි ගෙදර යන්න ඕන කිවුවා. ඉතිං මෑන්ස් ට කන්න බොන්න ගෙනත් දීල අපේ අය තුන්දෙනෙක් කාල එන්න ගියා. ඉතිරි අය බස් නැවතුමට වෙලා බස් එකක් එනකං හිටියා. ඒ අය කාල එනකනුත් බස් එකක් නැහැ. අපි කාල එනකොට යාලුව ගිහින් තිබුණා. ආයෙම අපි තලාව බස් එකක් එනකං අනුරාධපුරට වෙලා හිටියා..
පොලිස් නිළධාරීන් කිහිපදෙනෙක් ඉදිරියෙන් හිටපු නිසා අපි ගිහින් බස් ගැන විමසීමක් කලා.
"ඔයාල කොහේද?"
කට්ටිය හතරවටේ ගම් කියනවා. එපාර පැහැදිලි කරල කිවුවා. ක්ලාස් එකක යාලුවෝ කියලා..
"හරි පාරෙ අනිත් පැත්තෙන් ඉන්න. මං නවත්තල දෙන්නං"

අනිත්පැත්තෙ තියෙන්නේ පාලමක්. ඔන්න ඉතිං කස්ටියම පාලමේ ඇන්ද උඩ වාඩිවෙලා ඉන්නවා විහිලු තහලු කරකර.
ඒ අතර දවසේ සිදුවීම් ආවර්ජනයකුත් කලා. පයින් යෑම ගැන එහෙමත්.
ඒ අතර මෙච්චර වෙලා කට වැඩිය අරින්තැතිව හිටපු කල්ප එකපාරටම
"මේක තමයි නියම ෆන් එක"
පොරට පාළම් ඇන්ද උඩ ඉන්න එක තමා ෆන් එක වෙලා තියෙන්නේ.
බස් එක එනකංම මෑන් තමා අනිත් අයගේ බයිට් එක උනේ..

කොහොම හරි රෑ 12 වෙනකොටම වගේ අපි තලාවට ලඟා උනා.. වැවක නාන්න හිටියට ඒවැඩේ කල් දාන්න උනා. මේ රෑ මොන වැව්ද? පහුවෙනිදා උදේම වැවේ නාමු කියල. ඇග පත හෝදං නිදාගත්තා.
____________________________________________________________

ඉතිං පහුවදා උදේම නැගිටල දත කට මැදගෙන ඉවරවෙන කොට උදේ කෑමට තිබුනේ මේං මේවා..


අහල බලද්දි තමා දැනගත්තේ ඉඹුල් කිරිබත් කියලා. එදාම තමා කෑවේ. රසම රසයි. අනිත් අය නං කලිං කාල තිබුනා.
කාල ඉවර වෙලා ගියා වැවකට නාන්න. නාගනෙ ඉවර වෙලා ගියා සීගිරි.. සීගිරි කාශ්‍යපගේ ටීවී රූම් එකත් බලලම ආව.
එද්දි ගොඩාක් රෑ වෙලා ඒක නිසා ආයෙම පන්නිපිටියෙ නැවතිල පහුවදා කෝචිචියෙන්ම ආයෙ ගෙදර බලා ආව.

තවත් විස්තර ලියන්න තිබුණා මේක දැනටමත් දිග වැඩී කියල හිතුන නිසා අන්තිම දවසෙ එවුවා ෂෝට් කරල දැම්මා. D

-------------------------
පලි: ඉතිං කවුරු හරි යනවනං අනුරපුරේ කියන්ඩ තියෙන්නේ උඩමලුවට අන්තිමට එන්න තියාගෙන අනිත්පැත්තන් වන්දනාව පටන් ගන්න කියලා.. Train Time Table එක ඔන්ලයින් විතරක් පරීක්ෂා කරල තීරණ ගන්න එපා..
ගිය මාසෙ ඉදන්ම ලියල ලියල ඕං අද තමා මේක පබිලිස් කොරගන්න පුලුවන් උනේ.. අපිත් පලි කෑල්ලක් දැම්ම කියල කකා නඩු දාන එකක් නෑ මයෙ හිතේ නේද?

2010-10-21

යාල්දේවියෙන් රජරට බලා ගිය හැටි

BCS Diploma එකේ විභාගේ කරල ඉවරවෙලා අපි ට්‍රිප් එකක් යන්න ඕන කියල තීරණය කලා. හැබයි අදහස තිබුනේ Certificate එක ඉවර කරල යන්න. කොහොම කොහොම හරි ඒක ඇදිල ඇදිල ගිහින් හරියටම යන්න සෙට් උනේ ගිය 18 වෙනිදට. යාලුවෝ ටික එක එක පැති වල, ලසන්ත ඉන්නෙ පන්නිපිටියෙ ට්‍රෙෂාන් කැලණියෙ වෙනුර ඉන්නෙ වැලිගම කල්ප අලුත්ගම මදුෂාන් කුරුණෑගල ඉතිං සංවිධාන කටයුතු සේරම කලෙත් අන්තර්ජාලය හරහා. ඒකට ගූගල් මැප්ස් ගොඩාක් උදව් උනා :). ප්‍රධාන සංවිධායක පට්ටම ගත්තෙ ට්‍රෙෂාන් ඒත් පට්ටමේ වැඩ කලේ ලසන්ත.

අපි තුන්දෙනෙකුට වොරන්ට් ලියාගන්න පුලුවන් උනා. http://railway.gov.lk එකට අනුව උදේ 5.45ට කොටුවෙන් යන යාල්දේවී දුම්රිය 9.10 වෙද්දී අනුරාධපුරයට යනවා. ඒකෙන් යන්න තීරණය කරගත්තා. නවාතැන් ප්‍රශ්නෙට කරන්නෙ මොකක්ද කියල හිත හිතා ඉදිද්දී රජරට පුත්‍රයාව මතක් උනා. ඉතිං නවතින්න තැනක් සෙට් කරන එක රජරට පුත්‍රයට බාරදීල අනික් දේවල් ලෑස්ති කරා.

9.10 වෙද්දි අ‘පුරට දුම්රිය යන නිසා කෙලින්ම නවතින තැනට ගිහින් බෑග් තියල අටමස්ථානේ වන්දනා කරල වැවකින් එහෙම නාල කරල සීගිරියට බලා ගිහින් ගෙදර එන්න තමයි සංවිධානය කරගත්තේ.

අපිට ඉතිං 5.30ට කොළඹ යන්න පුලුවනෑ. ලසන්තලගෙ ගෙදරට ගිහින් එහෙන් කොළඹකොටුවට යන්න තීරණය උනා. ඒ අනුව මම,කල්ප,ට්‍රෙෂාන්,වෙනුරට ට්‍රිප් එක 17 වෙනිදට පටන් ගැනුනා.

17 වෙනිද හවස 3.00ට ගෙදරින් ගියාම හරියටම 7.00 වෙද්දි පන්නිපිටියට යාගන්න පුලුවන් උනා. ට්‍රෙෂාන් 8.00ට විතරත් අනිත් දෙන්න 9.00ට විතරත් ආව. මම ගියේ කටුබැද්ද කොට්ටාව හරහා. 5.30ට කොළඹ යන්න ඕන නිසා වෑන් එකක් කතා කරගත්තා. 18 වෙනිදා පාන්දරිංම නැගිටල ඕං 5.20 වෙද්දි කොළඹට ගියා. ගිහින් වොරන්ට් ටික ලියාගන්න මගේ වොරන්ට් කොලේ බලද්දී ඒක මිසිං. බැලින්නං කලින් දවසේ වෙනුරයා හිමීට ඒක හංගල. කොහොම හරි පරක්කු වෙන හින්දා ඒ වෙලාවෙම ඒක හම්බුනා නැත්තං තව ටිකක් හංගන් ඉදී. කල්ප 1st Class මමයි වෙනුරයි 2nd Class අනිත් අයත් 2nd class ටිකට් අරගත්ත. ගිහානුත් අපිට එකතු වෙන්න හිටියෙ කොටුවෙදි.

5.30 වෙලත් ගිහාන් තාමත් නෑ. අපි ටික කෝච්චියට නැග්ගා. කෝච්චිය ඇද්දුවා. අපි බහින්නයැ. ගිහාන්ට බස් එකේ වරෙන් කියල කෝල් එකක් දුන්න. පොර බස් එකේ එනව අපි කෝච්චියෙ යනවා. නගරාන්තර දුම්රියක් නිසා වැඩිය නැවතුම් නෑ. ගමන විතරයි. ප්‍රයිවට් බස් එකක වගේ සිංදුත් ඇහෙනවා හැබයි නෝමල් ඒවා. යාල්දේවියෙ කොච්චර ඉඩ තියෙනවද කියනව නම් අපේ බෑග් පවා තිබ්බෙ අනිත් පැත්තෙ ෂීට් උඩ.


ආ තව එකම පැත්තකට යන කෝච්චියකට ඉස්සර කරනව ජීවිතේ ප්‍රථම වතාවට දැකගත්ත. අවට සිරි නරඹමින් පින්තූර ගනිමින් යන අතර ඕං එකෙක් කාඩ් පැක් එකක් ඇදපි.

“ඹ්මියක් බලමුද බං“
“හතර දෙනාට නේ පුලුවන් අපි 5ක් ඉන්නවනේ“
“මට නං පිටිපස්ස බලාගෙන යන්න බෑ උඹල සෙල්ලම් කරපල්ල“
ට්‍රෙෂාන් ස්වේඡ්චාවෙන් ඉවත් උනා එහෙම කියල.

එපාර වෙනුර ඕමි බලන්න දන්නෑලු. ලසන්ත කුප්පි පාරක් දැම්මා. වැඩේ ගොඩ හැබයි. තියං කපල කොල දෙක දෙක දුන්න. අපි ඉතිං පලවෙනි පාර නිසා මිනිහට චාන්ස් දෙක තුනකුත් දුන්න.

ට්‍රෙෂානය පොඩි නින්දක් දාගෙන ඉදල අපි පින්තූර ගන්නැද්ද බං කියල අපට ඉස්සරහින් හිටපු ෂීට් එකේ අංකල් කෙනෙක් එක්කරගෙන ඇවිත් ඔක්කොමලගේ පින්තූරයක් ගන්න සෙට්කරගත්ත. පින්තූරෙ අරන් ඉවර උනාට පස්සේ අංකල්ගෙන් ඉංග්‍රිසි පට්ට ලෙසන් එකක් හම්බුනා ඔක්කෝටම. ආයෙම අපි සෙල්ලම් කරද්දි ට්‍රෙෂාන් අර අන්කල් එක්ක කඩු ෆයිට් එකක් පටන් අරන්. මොනව කතා කරාද කියල අපට නම් ඇහුනෙ නෑ. මොනව උනත් දෙපැත්තෙම සිංහල ඉංග්‍රිස් කවලමක් කියල නම් තේරුණා.

අපි වොරන්ට් නිසා අපට බුක් කරපු ෂීට් තමයි හම්බෙන්නේ. කල්පගේ ෂීට් එක 1st Class. මගෙයි වෙනුරගෙයි 2nd Class. ඒ උනාට අපි ගියේ 2nd Class බුක් නොකරපු ෂීට් වල. මෙන්න යාල්දේවියේ ඇතුල.



වෙනුරය ඒ අතර ට්‍රෙෂානයට බෝල බස්සනවා. 1st Class එක AC කරල තියෙන්නේ. ෂීට් තියෙන්නෙ ඇජෙස්ටබල් ඒවා කියල. ට්‍රොෂානයටත් නිකං ඉන්න බැරිකමට ගිහින් 1st Class ආසන මොන වගේද? 2nd Class වෙන් කල ආසන මොනවගේද කියලත් බලල ආව. අනුරාධපුරේටම යන නිසා මුලු කෝච්චිය පුරාම අපි ඇවිදල තිබුණ. :)

කුරුණෑගලදී මදුෂාන් අපිත් එක්ක එකතු උනා උදේ කෑමත් අරන්. හත් දෙනෙකුට කෑම ගෙනාවට අපි 6දෙනයි නෙව කෝච්චියෙන් ආවෙ. හත්දෙනෙකුගෙ කෑම අපි හයදෙනා ඉවර කරා. කුරුණෑගලට ඇවිත් රජරට පුත්‍රයට කෝල් කරන්න කියපු නිසා කෝල් එකක් අරන් කිවුවා අපි කුරුණෑගල බව. හැමෝගෙන්ම 1500 ගානේ කලෙක්ෂන් එකක් දැම්මා. ලසන්ත තමයි මුල්‍යමය කටයුතු පරිපාලනයට බාරගත්තෙ.

රජරට පුත්‍රය එයාලගේ ගෙදරම තමයි නවාතැන් ලේස්ති කරල තිබුනේ. දැන් අපි යන්න ඕන තලාවට. නගරාන්තරේ තලාවෙ නැවැත්තුවෙ නෑ. ඉතිං අ‘පුර තමයි නැවතුනේ. ඒ වෙද්දි වෙලාව හරියටම උදේ 11.30යි. කෝච්චිය අනුරාධපුරයට ලඟා උනේ CGR website එකේ තියෙන වෙලාවට වඩා පැය දෙකක් පහුවෙලා.



දැන් අපි ප්ලෑන් කරපුව සේරම අවුල් වෙලා. ආපහු තලාවට බස් එකකින් ආව. තලාව බස් නැවතුමේ ඉදලා ආයෙම රජරට පුත්‍රයා ඇමතුවා. ගෙදරට යන පාර අහගත්ත. ගෙදරට දාපු ගේට්ටුවෙන් ඇතුලට ගිහින් ආයෙම කෝල් එකක් ගත්ත. එතකොටම රජරට පුත්‍රයාගේ රූපය ගේට්ටුව අතරින් මතු උනා. අපි ඇතුලට වෙලා බලන් ඉන්නව එයාල එලියට වෙලා අපි එනකං බලන් ඉන්නව. :D. දෙගොල්ලන්ටම හිනා. අපි ආගිය තොරතුරු කතා කරන අතර ගිහාන්ව එක්කන් එන්න අපේ දෙන්නෙක් ආයෙම තලාව බස් නැවතුම බලා පිටත් උනා.

ඒ දෙන්නත් එක්කලම ගිහාන් අපිත් එක්ක එකතු උනා. රජරට පුත්‍රයගේ අම්ම අපට උදේ කෑමත් ලේස්ති කරල. උදේ කෑම දවල්ට ශීෆ්ට් කරා. දැන් වෙලාව දෙකට විතර ඇති. ගමන දවස් දෙකකින් ෂේප් කරගන්නත් ඕන. ආයෙම ඩිස්කෂන් එක දාගෙන ඉදිද්දී අවට වැව් තියෙන විත්තියත් හවස් වෙලා නාගන්න පුලුවන් කියන අදහස රජරට පුත්‍රයගෙන් ආව. අපේ කට්ටිය වැඳුම් පිඳුම් වලට වැඩිවෙලාවක් ගන්න එකක් නෑ කියල හිතල 5.30ට වත් ආපහු එන්න හිතාගෙන ආයෙමත් පූජානගරයට යන්න අනුරාධපුරය බලා පිටත් උනා. බෑග් සේරම ඒ ගෙදර තියල එකක කෑම බීම ටික දාගෙන මදුෂාන් එදාම ගෙදරයන්නත් බලාගෙන තමයි අපි අ‘පුරයට ආවෙ. එදා මදුෂාන්ට නෑම තහනම් කරල වතුරට බහින්න එපා කියල වෝනිං එකක් හම්බෙල තිබුණ.

අනුරාධපුරයට ආයෙම ලඟා උනා. එතනින් වෑන් එකක උඩ මළුවට යන්න එක්කෙනාගෙන් රුපියල් 10ක් විතරයිලු ගන්නේ. අපිත් එහෙම වෑන් එකක් හොයාගත්ත.
“උඩමලුවට එක්ක යන්න 100යි“
අනිත්පැත්තට දෙසීය ගාණක් කිවුව දැන් මතක නෑ.
“1500ක් දෙනව නම් සේරම එක්කන් යන්නම්“
වාහනේ ගනන් හිලවු කිවුව.

“මොකද කරන්නේ“
“උඩමලුවට යමු, 130යිනේ. එතනට ගිහින් හැමතැනටම පයින්ම යතෑකි“
“එහෙනං එහෙම කරමු“

අපි වෑන් එක කතා කරගන්න අතරෙ ට්‍රෙෂානයයි ගිහානයයි මෝටර් බයිසිකල් කඩේකට රිංගල බයික් ගැන විස්තර අහනවා. උන් දෙන්නත් ඇදගෙන වෑන්එකට නැගගත්ත. උඩමලුවට යනකං බයික් ගැනමයි දෙන්නගෙ කතාව. කොහොම හරි 3.00ට විතර උඩමළුවට ලඟා උනා.

මේ දවස් වල අටමස්ථානෙ කොහොමද? අටමස්ථානෙම වඳින්න පැය දෙකක් අපට ඇතිවෙයිද? මදුෂාන් එදා රෑ ගෙදර යයිද? අපට ආපහු තලාවට යන්න පුලුවන් වෙයිද? රෑට කන්නෙ කොහොමද? කියලා ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්.

2009-09-22

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ආලෝක ලප

ඉතිං පසුගිය මාසේ ඔන්න මමත් නෑදෑ පිරිවර සමඟ අනුරාධපුර චාරිකාවක් ගියා. ඉතිං ඒ ගිය ගමනේ ගත්ත ඡායා රූප වලින් මේ ලියමනේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වදින්න ගිය අවස්ථාවේ ගත් ඡායා රූප ටිකක් එක් කරන්න හිතුවා.

මේ තියෙන්නේ ඇතුල් වෙන තැන නොවැ. ඉතිං දොරටුව පෙනුනට එතන යටින් ඇතුලු වෙන්න බෑ. ඔය දෙපැත්තෙ තියෙන කුටිය මැදන් තමයි යන්න තියෙන්නේ. ඉතිං ඔය කුටියෙන් යනකොටත් පරීක්ෂා කරල තමයි ඇතුලට ගන්නේ. වැඩේ කියන්නේ මේකනේ ඉතිං ඕක ඇතුලින් අනිත් අය ගියා මම යද්දිම කොළ පාටින් තිබුණු ලයිට් ටික රතුපාට වෙලා එලාම් එකකුත් වැදුනා. මොනවත් අරන් ගියෙත් නෑ. අතේ තිබුනේ ඔය පින්තූර ගත්තු කැමරාවයි, ජංගම දුරකතනයයි. මොකට වැදුනද කියන්න නම් දන්නේ නෑ. හැබයි කරදරයක් නැතුව ඇතුලට ගියා. :D
ඉතිං ඇතුලට යන වෙලාව හරියටම බෝධිපූජාව පැවැත්වෙන වෙලාව. මම මොකද කලේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පින්තූරයක් ගත්ත. ගත්ත පින්තූර වල වෙලාව සටහන් වෙලාම තියෙනවනේ. මෙන්න වැඩක් ගත්ත පින්තූරෙ ආලෝක ලප වගයක් වැදිලා. පින්තූර හොදට බලාගන්න ඕන නම් ඔය පින්තූරෙ උඩ ඔබල බලන්න.
මේක කොහොමද උනේ. කැමරාව සවුත්තු වෙලා වෙන්නත් බෑ. මොකද ගත්ත අලුතම තමයි ඕක අරන්ගියෙත්. ආව අදහසක්! ගත්ත තව පින්තූරයක් එතනම. කැමරාවෙ ලෙඩක් නම් ඒ තැන් වලම ලප හිටින්න එපැයි. හැබයි ඒකෙ සටහන් වෙලා තියෙන්නේ අඩු සංඛ්‍යාවක්නේ. මාර පැටලිල්ල.


තව එකක් අරන් බැලුව. ආලෝක ලප තියෙන තැන් වෙනස් වෙනවා. කොහොම හරි පින්තූරෙ ලප හිටිනවා.

ඒකත් ගත්තට පස්සේ තමයි මතක් උනේ දසුන්ගෙ අලුත් ගෙදර තිබුණ ආලෝක ලප ගැන කතාව. ටික වෙලාවකින් පින් අනුමෝදන් කරන වෙලාව ආව මම ආයිම ඡායාරූපයක් ගත්ත බලන්නකෝ ඒකෙ තත්වය කොහොමද කියල.
පහල මළුවේ ඉඳල රාත්‍රී දර්ශන ආකාරය දාල ගත්ත පින්තූරයක් තමයි මේ.



පහුවෙනිදා උදේ ගත්ත පින්තූර තමයි මේ තියෙන්නේ.
පිනතූර ටික පවතින තත්ත්වය නිසා කෙලින්ම දාන්න මොකක්ද මොකක්ද වගේ. ඉතිං Gimp වලින් පොඩී වැඩක් දැම්ම :D

ඊලඟ පෝස්ට් එකත් ට්‍රිප් එකේදි ගත්ත එකක් ගැනම තමයි දාන්න හිතන් ඉන්නෙ.