Showing posts with label සිංහල විකි. Show all posts

2009-03-13
විකිපීඩියා සහ සිංහල
විකිපීඩියා යනු අප කවුරුත් දන්නා පරිදි ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කල හැකි විශ්වකෝෂයකි. ඕනෑම කෙනෙකුට නව ලිපි ලිවිමට මෙන්ම පවතින ලිපිවල අඩුපාඩු සකස් කිරිමද සිදුකල හැකි බැවින් මෙහි අන්තර්ගතය වැරදි සහිත වීමේ සම්භාවිතාව ඉතා අඩුය.
දැන් විකිපීඩියා සිංහල භාෂාවෙනුත් භාවිතයට පහසුකම ලබාදී ඇත. එහෙත් මෙහි සිංහල සංස්කරණයේ ඇත්තේ අන්තර්ගතයන් 1318ක් පමණි. එහෙත් ඒවායේද සමහරක "සංස්කරණය වෙමින් පවතියි" ලෙස දක්වා ඇත. සිංහල භාවිතා කරන්නන්ගේ පහසුව තකා ලැබී ඇති අවස්ථාව අප මඟ හරින්නේ නැතිව අපේම භාෂාවෙන් මෙහි අඩුපාඩු සකසා ගතහොත් ඕනෑම දෙයක් ගැන කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
අපට මේ වෙනුවෙන් කල හැක්කේ අප දන්නා දේ පිලිබදව මෙහි සටහන් කිරිමයි. එහෙත් වැරදිම් සිදුවිය හැකියාව ඇත. එය මඟ හැරිමට කල යුත්තේ අප සියලු දෙනාම එක්ව මෙය යාවත්කාල කිරීමයි. එවිට සැමදෙනාගේම අදහස් සලකා බැලීමෙන් වඩාත් නිවැරදි සිංහල විකිපීඩියාවක් අපට ලැබෙනු ඇත.
ඉතින් මෙය සිංහල භාෂාව ව්‍යාප්ත කිරීමට මහඟු අවස්ථාවක් නොවන්නේද?