IE Linux තුල ස්ථාපනය කරන්න පුලුවන්ද කියල පැන නැඟුණු පැනයකට පිලිතුරක් සෙවීමට දැරූ උත්සහක් තමයි මේ සනිටුහන් කරන්න සූදානම. පහත පියවර අනුගමනය කිරීමෙන් ලිනක්ස් තුල ස්ථාපනය කරගත හැකියි.
ලින්ක්ස් තුල වින්ඩෝස් යෙදුම් ධාවනය කල හැක්කේ කෙසේද යන පැනයටද පිලිතුරු ලැබෙනු ඇත
පළමු පියවර ලෙස ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට exe ගොනු ස්ථාපනය කල හැකි ලෙස සැකසිය යුතු වෙනවා.
ඒ සඳහා මෙම විධානය ට'මිනලය තුල root පරිශීලක ලෙස ලබාදෙන්න.
yum -y install wine*වයින් ගැන වැඩි දුර තොරතුරු සඳහා මවිසින් කොම්පුටරේ බ්ලොගයට ලියූ ලිපිය බලන්න.ඊළඟට මෙම විධානය ලබාදෙන්න
yum -y install cabextractදැන් exit විධානය ලබාදී ඔබගේ සාමාන්‍ය පරිශීලක ගිණුමට ප්‍රවේශ වන්න
ඊළඟ පියවර ලෙස IE ස්ථාපන ගොනු(Files) ඇති ස්ථානයෙන් ස්ථාපන ගොනු ලබාගත යුතුය. ඒ සඳහා wget විධානය භාවතා කල හැක.
wget http://www.tatanka.com.br/ies4linux/downloads/ies4linux-latest.tar.gzමෙහිදී සිදුවන්නේ wget ඉදිරියෙන් දී ඇති ලිපිනයේ අඩංගු ගොනුව වත්මන් බහලුමට(Folder) එකට ලබාගැනීමයි.
හොදින් දිගුව(extension) දෙස බැලුවහොත් මෙම ගොනුව tar.gz නම් වර්ගයේ බව ඔබට පෙනෙනු ඇත. මේ ගොනු ආකාරයද සම්පීඩන(compress) ගොනු ආකාරයකි. දැන් මෙම සම්පීඩිත ගොනු දිගහැරීම සඳහා tar විධානය zxvf යන පරාමිතීන් සමඟ ලබාදෙන්න.
tar zxvf ies4linux-latest.tar.gz
එවිට එම ගොනුව තිබූ ස්ථානයේ බහලුමක් තැනී එයතුලට සම්පීඩිත ගොනු දිගහැරෙනු ඉහත රූපයේ පරිදි බහලුම ඇති ස්ථානයට පිවිසි විට දැකගැනීමට හැකියාව ලැබේ.
එම බහලුම තුලට ඇතුලු වීමට cd විධානය සමග බහලුමේ නම ලබාදෙන්න.
cd ies4linux-*දැන් එය තුල වූ ස්ථාපනය කල හැකි ගොනුව ක්‍රියාත්මක කිරීමට පහත විධානය ලබාදෙන්න.
./ies4linuxඑවිට මෙම කවුලුව පැන නගිනු ඇත.

එහි ඇති OK බොත්තම එබූ විට පහත පරිදි ස්ථාපනය ආරම්භ වනු දැකිය හැක.

**දෝශ මතුවේ නම් අවසන් විධානය නැවත ලබාදෙන්න.
මෙවැනි කවුලුවක් මතුවේ නම් Install මත ක්ලික් කරන්න.

එය අවසන් වූ පසු IE6 ආරම්භ වනු ඇත.
මේ Fedora තුල් ධාවනය කරන ලද IE6 හි තිර පිටපත් කිහිපයකි.


ඉතිං ඔන්න ඔහොමයි ලිනක්ස් ඇතුලේ Internet Explorer ස්ථාපනය කරන්නේ. කැමති අය ඉන්නවනං දාලම බලන්න.