කරන්න පුලුවන් වැඩක්ද? ම්.. ම්.. පුලුවනි. කරල බලපු නිසා තමයි මේක දාන්නෙ.
මුලින්ම කියන්න ඕන මගේ ජංගම දුරකතනය ගැන. මේක Nokia N73 Music Edition එකක්. ඔව් අපේ සමහරඅය නම් ගන්න එපා කියලත් කිවුවෙ මේක තමයි ;) (@ Skype conversation) හිටපු කස්ටියට මේක කියවද්දි මතක් වෙයි. කෙහොම උනත් Nokia ගැන තියෙන පැහැදීම නිසාම මේක ගත්තෙ.
මෙන්න N73 Music Edition එක ගැන සම්පූර්ණ විස්තරයක්.
විස්තරය මඟහරින්න>>General
දැන් Remote එක ගැන බලමුRemote Controls වැඩ කරන්නේ අධෝරක්ත(IR) කිරණ වලින්. ඉතිං මගේ ජංගම දුරකතනයේ අධෝරක්ත පහසුකම් තියෙන නිසා ඒක උපයෝගී කරගෙන රූපවාහිනිය පාලනය කරන්න පුළුවන් ද කියල හිතුන නිසා ඒ ගැන පොඩ්ඩක් Google ගෙන් අහල බැලුවා. හම්බුනා මෙන්න මෙහෙම Application එකක්.
මේකෙන් පාලනය කල හැකි උපකරණසති තුනක් විතර ෆෝරම් වල රස්තියාදු වෙලා Remote Control Application එක කොහොම හරි Phone එක ඇතුලට ඔබා ගත්ත.
මෙතන ගොඩාක් උපකරණ තිබුණත් ඊළඟට ආව ප්‍රශ්නේ ගෙදර TV එකේ Remote Control Model (Goldstar 105-210J) එක ලිස්ට් එකේ තිබුනෙ නැති එක. නමුත් වෙබ් අඩවියේ ඒක නැති උනත් ඒකට හරියන එකක් (Goldstar 105-210A) හොයාගන්න පුලුවන් උනා. Appliation එකේ නැති Remote Model ගොඩාක් වෙබ් අඩවියේ තියෙනවා. .ir ගොනුවක් විදියට තියෙන ගොනුව Phone එකට දාල File Browser එකෙන් විවෘත කලා විතරයි. Remote Database එකට ඒකත් එකතු වෙනවා. දැන් මෙන්න TV ලැයිස්තුව.
TV යටතේ Brand එක Goldstar තෝරගත්තම ඒ 105-210A එකත් පෙන්නනවා.
ඔක්කොම සෙට් කරගෙන ගියා TV එක ළඟට. වැඩ නෑනේ..
බැලුව හදන්න වෙන මොකවත් එහෙම තියේද කියල. Setting වල IR Mode කියල එකක් තියනවා. ඒක වෙනස් කරල Method 1 සිට Method 6 දක්වා වෙනස් කරන්න පුලුවන්. ආයිම TV එක ළගට ගියා. තාත්ත Sport News බලනවා.. Method ඒක වෙනස් කර කර Check කරා.
Method 4 එකේදී එකපාරටම චැනල් එක මාරු උනේ නැතෙයි.
හුරේ!!!!
හුරේ නෙවෙයි. තාත්තට වැඩේ මීටර්. පොඩ්ඩක් බැනුම් ඇහුවා. තවත් බනින්න කලින් දඩි බිඩි ගාල Phone එකෙන්ම ආපහු News ගිය එකටම දාල මම එතනින් මාරු උනා. ;)
Remote එකේ බටන් වැඩීනේද Phone එකට වඩා # එක එබුවම ඉතිරි බටන් ටිකත් එනවා. ඒවයින් TV Tune කරන්න උනත් පුලුවන්.
ඉතිං වැඩේ හරි ගියත් නිකං ඉන්න බෑනේ බැලුව ir ෆයිල් එකක් විවෘත කරල.
XML එකක් වගේ වෙනස් කරල අලුතින් එකක් ලියල බැලුව වැඩ. Remote වල Transfer වෙන Values දන්නවනම් ලියන්න පුලුවන්.
වැඩි විස්තර
http://irremote.psiloc.com/ඉතිං කොහොම හරි දැන් Universal Remote එකක් කොයිවෙලෙත් ළඟ තියෙනවා. ඔන්න ඕකයි Remote කතන්දරේ..