Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label OpenOffice. Show all posts
Showing posts with label OpenOffice. Show all posts

2010-04-20

පරිවර්තන මැරතන් තරගයට ලේස්තිද

අවුරුද්දත් පහු වෙච්චි. අවුරුද්දත් එක්කලම ඉතිං පහුගිය දවස් ටිකේම අවුරුදු උත්සව තිබුණනේ. අන්තර්ජාලයේ ඉන්න යාලුවෝ එක්ක අවුරුද්දට මැරතන් දුවන්න ලේස්ති වෙනවා. ඉතිං මැරතන් දුවන එකෙන් තවත් සේවාවක් කරන්න තමයි මේ අවස්ථාව ඇවිල්ල තියෙන්නේ. ඉතිං ඔන්න සම්පූර්ණ විස්තරේ පල්ලෙහායින් තියෙනවා! සිංහලෙනුයි ඉංගිරිසියෙනුයි. දුවන කට්ටිය දුවන්න ලේස්ති වෙන්න. වතුර ගහන අය වතුර ලේස්ති කරගන්න. එහෙනං කට්ටියම මැරතන් පිටියෙදි හමුවෙමු.

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්



ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.



මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.

Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.
100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.

ඔබ කොහොමඳ එක්වෙන්නේ?

Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න.
ඉන් අනතුරුව "Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න.
කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න.

ඔබ මොනවද දැනගත යුත්තේ?

සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම අනිවාර්ය වේ.
අදාල ඉංග්‍රිසි වදන් තේරුම් ගෙන එය සිංහලින් සරළව ලිවීමයි ඔබ කළ යුතු වන්නේ

පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනීමක් අවශ්‍ය නොවේ!

තනිවද තරග කරන්නේ?

ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක.
එනම් පාසැල්, විශ්ව විද්‍යාල, ආයතනික මිතුරන් සමඟ එක් රැස්වී තරඟ කළ හැක.

සයුරෙන් එහා ඉන්න මම?

ඔව් මව් රටින් බැහැර වුවත් ඔබටත් අන්තර්ජාලය හරහා දායක විය හැක.
පැය 27ක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි.
(දැනට එක්සත් රාජධානිය, සවුදි සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියන් තිදෙනෙක් සහය දීමට ඉදිරිපත්ව ඇත.)

එන්න අපහා එක්වන්න.
මෙය සුවිශේෂි ප්‍රජා ව්‍යාපෘතියකට දායකත්වය ලබා දීමට ඔබට ඇති මහගු අවස්ථාවකි.


OpenOffice.org Translation Marathon 2010 April

An event, a marathon is scheduled to be held for 27 hours starting on 27th April 2010 at 9pm. The event will bbe held online and the objective is to translate OpenOffice.org help files into Sinhala. We have almost finished translating the user interface of OO.org.



So this is an open invitation for you all. If you love OO.org, willing to contirbute and meet all the pre-requisites, this opportunity is for you. Spend few hours and be proud for years.

Pre-requisites
  • Sinhala unicode installed Linux/Windows system (how to install)
  • Ability to type Sinhala in Sinhala unicode (no need to be fluent, all that is needed is the ability)
How to contribute
  • Subscribe to openoffice-lk mailing list
  • Drop a mail with the subject "Translation Marathon 2010 April", say that your willing to contribute.
What you have got to do at the event
  • Type simple Sinhala terms for the English terms provided.
  • You should only use Sinhala unicode.
Your not alone
  • There will be a lot for sure.
  • You can ask others for unknown terms.
  • You can get to know each other.
  • You will have fun.
As this event is going to be held you 27 hours you can contribute at any time for any long. We hope to get a considerable percentage of the OO.org Help files translated to Sinhala in this event.

Make use of this significant opportunity you have, contribute to the community project, spend few hours at the event and be your self proud for the life time.

2010-01-15

ලංකාවේ OpenOffice භාවිත කරන්නන්ගේ සමූහය ආරම්භ වේ.


OpenOffice භාවිත කරන්නන්ට භාවිතයේදී පැන නගින ගැටළු සාකච්ඡා කිරීමටත් නවකයන්ට මග පෙන්වීමටත් ඔබ සතු OpenOffice පිළිබඳ දැනුම අන් අය සමග බෙදා ගැනීමටත් පහසු වන පරිදි ආරම්භ වූ මෙම සමූහය ආරම්භ කර වැඩි දවසක් ගතවී නැතත් මේ වන විට මෙම සමූහයේ දැනටමටත් සාමාජිකයන් 60දෙනෙක් සාමාජිකත්වය ලබා ගෙන ඇත. එමෙන්ම ඔවුන් සතු දැනුම බෙදා හදා ගැනීමට මේවන විටත් සිදුවෙමින් පවතින බව දැකිය හැක.

ඔබගේ දැනුම බෙදා ගනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.

පරිශීලක සහාය:
OpenOffice.org පිළිබඳ ඔබේ දැනුම අන් අය සමඟ බෙදාගන්න, ඔවුන්ගේ ගැටලු විසදා ගැනීමට අලුත් දෙයක් කියා දීමට ඉදිපත් වන්න.

ප්‍රචාරණය:
OpenOffice.org හැකි තරම් ඔබේ හිතමිතුරන් අතරේ ව්‍යාප්ත කිරීමට දායක වන්න.

තත්ත්ව පාලනය:
ඉතා හොඳ තත්ත්වයේ නිපැයුමක් OpenOffice.org වෙතින් ඉදිරිපත් කිරීම සඳහා ඔබ දකිනා දෝෂ ඉදිරිපත් කිරීමෙන් හෝ ඒවා විසදිමෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.

ප්‍රලේඛනය:
OpenOffice.org භාවිතය පිළිබඳ අන්තර්ගය ලිවීමට හෝ දැනට පවතින අන්තර්ගතයේ ඇති දෝෂ නිවැරදි කිරීමට දායක වන්න.

ඇත්තටම ඉතා පහසුවෙන්ම දායක විය හැකි ක්‍රමය ව්නනේ ඔබේ හිතමිතුරන්ට OpenOffice.org ස්ථාපනය කරදී, ඔවුන් අතරේ OpenOffice.org බෙදා හැරිමෙනි..


Subscribe to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List

Email:





"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"