Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label Windows. Show all posts
Showing posts with label Windows. Show all posts

2024-12-17

How to Setup a Proxy for VLC media player

I love VLC because it can play verity of file types, streams, even can open videos and settings from devices such as capture cards, web cams too. No matter which operating system you use, you can still install VLC and experience keeps same (close buttons, preferences location will differ according to OS). best thing is no ads or spyware.

recently noticed VLC refused playing streams behind the firewall. so I was looking for place to set proxy. 

If you are behind a proxy when accessing internet VLC refuses to play streaming media links. but VLC can still play streaming videos after setting proper proxy server settings 

first you need to go to Tools->Preferences (windows). if you are in other OS check under edit menu. then select Input / Codecs Tab as follows 


Under Network enter HTTP proxy URL including http:// part in following format

http://<proxy server IP>:<proxy port>

then press Save. that's it. 

now go to Media-> Open Network Stream (Ctrl+N) and enter network URL.

Enjoy Video and if it work leave a comment below 



2020-06-25

Windows 10 වල Programs Uninstall කරන්න දෙන්නෙ නැද්ද? පරණ පුරුදු තැනින්ම uninstall කරමු

Kaspersky license expire වෙලා නිසා ආයෙ ගන්නකල් AVG free දාගන්න ගියා...

වින්ඩෝස් 10 වල This PC එකේ තියෙන uninstall  or change program ගියාට Kaspersky වලට  uninstall option එක active වෙන්නෙ නෑ.



හැබයි පරණ Add/Remove Programs වල change option එක තිබ්බ මතකයි.

ඉතිං ඒකට යන විදියක් හොයාගත්තා 

Control Panel එකේ Network වල Network and Sharing Center ගිහින් Control Panel Home ගියා..  

දැන් තියෙනව uninstall a program කියල පරණ add remove programs එක. 


මේ තියෙන්නෙ ලස්සනට change බට්න් එක. ඒක ඔබල uninstall කලා 


රවුම් ගහල යන්නැතිව කෙලින්ම පරණ control panel එකට යන්න නම් Win+R ගහල run එක අරගෙන ඒකෙ control කියල ටයිප් කරල Enter Key එක ඔබන්න.



2019-11-22

Realtek පැරණි Drivers නිසා Windows 10 Update ඇණහිටී. Windows 10 version 1909 ට යාවත්කාලීන කරගන්න.

Windows නවතම වෙළුම වන Windows 10 version 1909 මේ වන විට නිකුත් වී තිබෙනවා. නමුත් බොහොමයක් පරිගණක 1903 and 1809 යන වෙළුම් වලටවත් යාවත්කාලීන නොවී දෝෂ පණිවිඩ ලැබී ඇත. 


බොහෝවිට මෙයට හේතුව ලෙස සැලකෙන්නේ Realtek Bluetooth Driver පැරණි ඒවා වීමයි. ඔබේ පරිගණකයේත් පවතින්නේ Realtek Bluetooth Driver පැරණි වෙළුමක් නම් ඔබටත් Windows Update කිරීමේ ගැටළුව පවතිනු ඇත. 

මෙයට විසඳුම වන්නේ  realtek bluetooth driver  අලුත් වෙළුම ස්ථානයයි.  version 1.5.1012 හෝ ඊට පසු version එකක් ස්ථාපනය වී ඇතිනම් windows driver update මගින්ද යාවත්කාලීන වනු ඇත. ඊට පැරණි driver version එකක් නම් ඔබට manually නවතම drivers ස්ථාපනය කිරීමට සිදුවනු ඇත.

දැන ගැනීමට ලැබෙන ආකාරයට Microsoft ආයතනය ඉදිරියේදී මෙම දෝෂය මඟහැරීමට එමකොටස අයින්කර ඇතිනිසා ඉදිරියේදී  windows update කිරීමෙන් පසු මෙම realtek driver දෝෂ සහගත වනු ඇත.  

මෙය මලාට අප්ඩේට් නොකරන License නොමැති හොර ක්‍රම වලින් Windows ස්තාපනය කල අයට අදාල නොවන බව කරුණාවෙන් සලකන්න.


තාක්ෂණික ලෝකයේ අලුත් තොරතුරු සමඟින් නැවතත් ලිපියකින් හමුවෙමු.  TechNotes Like කිරීමෙන් අලුත් ලිපි ලියූ සැනින් ඔබට ලැබෙනු ඇත.

Image source - Microsoft Website

2019-10-25

ඔබේ පරිගණකයත් ස්ලෝ වෙලාද? හේතු මෙන්න

ගොඩක් වෙලාවට අලුතින් ගත්තු computer එකක් ටික කාලයක් යද්දි ස්ලෝ වෙන්න බලනවා. හේතු විවිධාකාර වෙන්න පුලුවන්. ඉතිං කොහොමද හරි හේතුවක් හොයාගන්නෙ කියන ඒක ප්‍රශ්නයක් නම්  ෙමෙහම කරල බලන්න. කී බෝඩ් එකේ  Alt+Ctrl+Delete ඒකට ඔබල එන screen එකෙන් Task Manger හෝ Task bar එක right click කරාම එන Menu එකෙන් Task Manager තෝරන්න. මේ වගේ වින්ඩෝ එකක් එයි. මේ ස්ලෝ වෙච්චි වෙලාවක Task Manger එක බලපු එකක්

Windows 8.1 Task manager

දැන් බලන්න ඒකෙ 100% හෝ ඊට කිට්ටුවෙන් භාවිතා වෙන්නෙ මොන එකද කියල. මේ පෙන්නන එකේ නම් Disk තමා 96% Use වෙන්නෙ.  මේකෙ හැටියට නම් වෙලා තියෙන්නෙ Virus Guard එකෙන් System Scan එකක් යනව. Endpoint Security නිසා user ට Control කරන්න බැහැ Scan වෙන එක. Server එකෙන් තමා Scan Schedule Run වෙන්නෙ. ඔබේ පරිගණකය නම් මෙහෙම වෙන්නෙ කරන්න තියෙන වැඩේ හදිසි නැත්තම් Virus Guard Scan එක run වෙන්න ඇරල වැඩේ කරගත්තනම් Speed එක එයි. නැත්තම් Virus Guard එකේ Scan එක Cancel කරා නම් ස්පීඩ් එක එනවා. (ඒක නම් Not Recommended)

ඔබ පාවිච්චි කරන්න හදන Application එක නැතිව වෙන Application එකක් Disk, Ram යූස් කරනවනම් ඔබට ස්ලෝවීමක් දැනෙන්න පුලුවන්. ඉතිං Task Manager එකෙන් බලල ඒක ඔබ පාවිච්චි නොකරන ඇප් එකක් නම් ක්ලෝස් කරල හෝ End Task කලා නම් Ram Disk Free කරගෙන ඕන Application එකට priority ගන්න පුලුවන්. ස්ලෝ වෙච්ච වෙලාවක කරල බලන්න
Performance Tab එකේ බැලුවනම් CPU, Memory, Disk, Network Summery එකක් බලාගන්න පුලුවන Graphically මේ තියෙනව වගේ




අන්තිමට කියන්න තියෙන්නෙ ඉතිං අද කාලෙ Laptop, Desktop ගනිද්දි තියෙන හොඳම Speed Processor එක අරන් 16GB රැම් එකක් ගැහුවත් වැඩක් නෑ HDD එකේ Speed එක 7200rpm උනත්. හොදටම ස්පීඩ් එක අත්විඳින්න නම් SSD එකක් හයි කරගන්න.  SSD කියන්නෙ Solid State Disk. වැඩි විස්තර ඕන නෑ

HDD vs SSD මේ වීඩියෝ එක බලන්න



හොඳට බලන්න  SSD එක තියෙන Laptop එකේ Desktop එක ආවත් HDD එක තියෙන එක ලෝඩ් වෙනවා. Photoshop ලෝඩ් වෙන්න SSD එකේ යන්නෙ තත්පර 3ක් වගේ කාලයක් තමා. 

2012-05-31

ලිනක්ස් ස්ථාපනය

කලින් ලිපියකදි කියල දුන්නේ ලිනක්ස් ස්ථාපනයට පෙර Hard Disk සූදානම් කරන හැටිනේ. අද කියන්නෙ ඒ විදියට සූදානම් කරගත්තු Hard Disk එක සහිත පරිගණකයට ලිනක්ස් ස්ථාපනය කරන විදිය තමයි.

මුලින්ම බයෝස් වලට පිවිස Boot Order එකෙහි පළමු Device එක ලෙස CD/DVD ධාවකය සකසන්න
මේ ලෙස ඇත්නම් මුලින්ම දෘඩ තැටියෙන් Boot වනු ඇත.

එබැවින් එය පහත පරිදි වෙනස් කර ගත යුතුය.
(සැ.යු. පරිගණකයෙන් පරිගණකයට Bios ප්‍ර වේශ වන යතුරු වෙනස් විය හැකියි. සැකසුම්ද වෙනස් ආකාර වලින් පැවතිය හැකි නමුත් සියලුම පරිගණක වල මේවා අන්තර්ගත වේ.)

දැන් F10 යතුර ඔබා හෝ save කර bios වලින් ඉවත්වන්න. පහත පරිදි විමසීමක් කරයි නම් yes යන්න තෝරා enter යතුර තද කරන්න


එවිට පරිගණකය reboot වනු ඇති අතර. ධාවකයට හන්තාන DVD එකක් දමා තිබුනේ නම් එය මගින් පරිගණකය boot වනු දැකිය හැක.  මේ හන්තාන ධාවනයේදී දිස්වන පළමු තිරයයි.


ටික වේලාවක් ගතවූ පසු මෙම තිරය ලැබෙනු ඇත.

සම්පූර්ණයෙන්ම හන්තාන මගින් පරිගණකය ආරම්භ වූ පසු මෙයාකාර තිරයක් ඔබට ලැබෙනු ඇත. එහි දකුණු පස තීරුවේ අවසන් අයිකනය ක්ලික් කිරීමෙන් ඔබේ ස්ථාපන කාර්යය ආරම්භ කල හැකි වනු ඇත.

එහිදී ලැබෙන තිර next කරමින් යන විට Custom Layout තෝරාගත් විට පහත ආකාර තිරයකට ඔබව රැගෙන යනු දැකිය හැක. මෙහිදි කලින් ලිපියේ පරිදි shrink කරගත් පසු ඉතිරි වූ ඉඩ free යටතේ තිබෙනු දැකගත හැක.




එය මත ක්ලික් කර Create බොත්තම ඔබා දෘඩ තැටිය පහත පරිදි සාදාගන්න. මෙහිදී වින්ඩෝස් ස්ථාපනයේදී මේන් කෙලින්ම දෘඩ තැටියට ලියනු නොලැබේ.. මෙම අවස්ථාව පසු කල පසු පමණක් දෘඩ තැටියට අදාල සැකසුම් ආදේශ වේ.

සැකසුම් සියල්ල ඉහත පරිදි සකසා next කල විට පහත පරිදි තිරයක progress එක පෙන්වනු ඇත.
එය අවසන් වූ පසු restart වනු ඇත.
ඉන්පසු පරිශිලක කෙනෙක් සැකසීම සඳහා ඔබගේ තොරතුරු විමසා සිටින අතර ඒවා ලබාදුන් පසු ස්ථාපන ක්‍රියාවලිය සම්පූර්ණ වනු ඇත.

අවසන් වූ පසුව මෙම තිරය නැවත දැකගත හැකි වනු ඇත.

වම් පස ඉහල කෙළවරට mouse pointer එක ගෙන ගිය විට දැනට භාවිතයේ පවතින වැඩසටහන් දිස්වන අතර applications ටැබය පිවිසීමෙන් හන්තාන සතු මෘදුකාංග ලැයිස්තුව දිස්වනු ඇත.


එහෙනම් හන්තාන සමගින් නිදහස අත්විඳින්න. හන්තාන මත සිට වැඩ කරන ආකාරය තවත් ලිපියකින් ලියන්නම්.

2012-04-13

ලිනක්ස් ස්ථාපනයට පෙර Hard Disk සූදානම් කිරීම.

ගොඩාක් අයට අමාරුයි කියල හිතෙන දෙයක් තමයි තියෙන Windows OS එකටයි ඩේටා වලටයි මුකුත් නොවී ලිනක්ස් දාගන්නෙ කොහොමද කියන එක. ඉතිං අද මේ කියන්න හදන්නේ ලිනක්ස් දාන්න Windows 7 OS එක විතරක් භාවිතා කරල Hard Disk එක පෙර සූදානම් කරගන්න ආකාරය තිරපිටපත් එක්කම.
මුලින්ම කියන්න ඕන මේ මං දාන්න හදන්නෙත් ලැප්ටොප් එකකට. එකෙ ස්ථාපනය කරන්න කලින් තමයි මේ තිරපිටපත් සියල්ල ගත්තෙ මේ පෝස්ට් එක වෙනුවෙන්.



මේ තියෙන්නේ සාමාන්‍ය පරිදි Computer එකේ තියෙන Hard Disk Partition ටික. මේකේ විදියට බැලුවම තියෙන්නේ 320GB HDD එකක් සහ 4GB RAM එකක්. Hard Disk එක පාටිෂන් 3කට කඩා වෙන්කරල තියෙන බව පේනවනේ. 320GB HDD එකක් කීවට මේකේ Available use කරන්න පුලුවන් ප්‍රමාණය 298.09GB විතරයි.

මුලින්ම Computer Right Click කරල Manage කියන එක තෝරල පහත පරිදි Computer Management කවුලුවේ Disk Management කියන එක තෝරගන්න. එතකොට පරිගණකයේ දැනට ඇති Drive සේරම වල විස්තරයක් පෙන්නාවි. බලන්න Hard Disk එක කොටස් කරල තියෙන විදිය. ඒ වගේම තමයි ඔතනදී තව දෙයක් පේනවා. System සහ C,D කොටස් තද පැහැයෙන් තියෙනව. අනිත් එක ටිකක් ලාපාටක් තියෙන්නේ. ඒවගේම ඒක වටේ කොළපාටක් තියෙනවා. එත් එක්කම උඩ තියෙන විස්තර බැලුවොත් පෙනෙයි ඒකට හේතුව මොකක්ද කියලා. System සහ C,D කොටස් Primary ලෙසත් G කොටස Logical ලෙසත් පැවතීම තමයි හේතුව. සාමාන්‍යෙයන් උපරිම වශයෙන් Primary Partitions 4ක් සාදන්න පුලුවන්. Windows  7 ස්ථාපනයේදී ස්ථාපනය අතරම මෙම Partition කිරීම කල හොත් මුල් කොටස් සියල්ල Primary ලෙස සෑදෙනවා.  එහෙම උනොත් ලිනක්ස් ස්ථාපනයේදී Grub එක ස්ථාපනය කරන්න Primary Partition එකක් නැතිවීම Error එකක් දීමට හේතුවක් වෙන්න බොහෝවිට ඉඩ තියෙනවා. මේ විදියට තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ. තව Primary එකක් තැනීමට ඉඩක් තියලයි මම 7 ස්ථාපනය කරල තියෙන්නේ.


දැන් මම හදන්නේ ලිනක්ස් ස්ථාපනයට ඉඩක් වෙන් කරගැනීමටයි. ඉතිං ඒ සඳහා G Partition එකෙන් 30GB ඉඩක් මම ඒ සඳහා වෙන් කරනවා. මෙච්චරම වෙන් කරන්න ඕන නැහැ. තමන් දාන වෙළුම අනුව ඒක තීරණය කරගන්න පුලුවන්. උදාහරණයක් විදියට හන්තාන ලිනක්ස් ස්ථාපනය කරනවනම් 15GB වෙන් කරගත්තනම් හොදටම ඇති.

මුලින්ම ඉඩ ගන්න පුලුවන් partition එක Shrink කරන්න අවශ්‍යයි. මෙහිදි මෙම partition එකේ Data තිබෙනවනම් ඔබ වෙන්කරන්න බලාපොරොත්තු වෙනවාට වඩා වැඩි ඉඩක් free space ලෙස තිබීම වැදගත්. නැතිනම් ඔබට බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ඉඩ වෙන්කරගන්න නොහැකි වෙන්න පුලුවන්.

ඉතින් G partition එක shrink කරන්න එය මත right click කර Shrink Volume යන්න තෝරන්න


එවිට පහත පරිදි කවුලුවක් ලැබෙනු ඇත. එහි දැනට වෙන්කරගත හැකි උපරිම ඉඩ ප්‍රමාණය සුදු කොටුව තුල වෙන්වනු ඇති. 


මෙය MB වලින් එනම් Megabyte වලින් ලබාදෙන ප්‍රමාණයන් නිසා. 30GB වෙන් කරගැනීමට නම් 30720MB වෙන් කල යුතුය. එය ලබාගන්නේ අදාල GB ගණණ 1024න් වැඩි කිරීමෙනි. උදාහරණයක් ලෙස 15GB වෙන් කරගැනීමට අවශ්‍ය නම් 15*1024 මගින් ලබාදිය යුතු ගණන  ලබාගත් හැක.


දැන් Shrink කල විට පහත පරිදි 30GB ඉඩක් Free space ලෙස පෙන්වනු ඇති.


ඉහත පරිදි ඔබට අවශ්‍ය Gigabyte ගණන Free Space ලෙස පෙන්වයි නම් දෘඩ තැටියෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණය වෙන් කරගෙන අවසන්.. 

හන්තාන ස්ථාපනය කරන්න ඇවැසි නම් දැන් http://hanthana.org/si/install.php හි විස්තර කර ඇති ආකාරයට ස්ථාපනය කල හැකි වනු ඇත.

අනෙකුත් ලිනක්ස් වෙළුම්ද මේ ආකාරයෙන්ම ස්ථාපනය කළ හැකි වනු  ඇත.

2010-08-13

ජාලය මගින් පරිගණක පණගැන්වීම (WOL)

පරිගණක ජාලයක් තුලදී මධ්‍යගත පාලනයක් තිබෙන බව ජාලකරණය හදාරන අය නම් දන්නා කරුණක්. මධ්‍යගත පාලනයක් කිවුවම එක පරිගණකයක ඉදගෙන සියළු පරිගණක පාලනය කල හැකියාව පවතින්න ඕන. පරිගණක ජාලවල පාලකවරු (Administrators) දුරස්ථ පරිගණකවල තිරය තම පරිගණකයට ගෙන(Remote Desktop) මෙහෙයවනු සමහරවිට ඔබ දැක ඇති. කලින් ලිපියකදී මා ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මගින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාලනය කරන ආකාරය ලියා තැබුවා. නමුත් මේ හැම දේම කරන්න පරිගණකය පණගන්වා තිබිය යුතු වෙනවා. පරිගණක දුරස්ථව පණගැන්විමට හැකිනම් සියලු පාලනය ඔබ අතට ගත හැකියි. ඔව් එය කල හැකියි. ඇත්තට සුළු පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන් ඔබට ඔබගේ ජාලයේ ඇති පරිගණක එක් ස්ථානයක සිට පණගැන්වීමට පුලුවන්*. මෙම ක්‍රියාවලිය හදුන්වන්නේ Wake on Lan (WOL) යනුවෙනි.

*කොන්දේසි සහිතයි.

  • පළමුවෙන්ම මේ සඳහා ඔබේ දුරස්ථ පරිගණක වල ජාලක අතුරුමුහුණත් (Network Interface Card) ඒ සදහා සහය දැක්විය යුතුය. BIOS වෙත පිවිස එය සක්‍රිය කරගන්න. එහි නැති නම් මවුපුවරු අත්පොතෙහි පෙරනි‍මියෙන්ම එය සක්‍රියදැයි බලන්න.



  • දැන් දුරස්ථ පරිගණකයේ NIC හි MAC ලිපිනය සොයාගන්න.
    ipconfig /all යන්න command prompt එකෙහි ලබාදීමෙන් පහත පරිදි තොරතුරු ලබාගත හැක.
    Ethernet adapter Local Area Connection:

    Connection-specific DNS Suffix . :
    Description . . . . . . . . . . . : Intel(R) PRO/100 VE Network Connecti
    on
    Physical Address. . . . . . . . . : 00-19-D1-EC-DC-21
    Dhcp Enabled. . . . . . . . . . . : No
    IP Address. . . . . . . . . . . . : 192.168.2.5
    Subnet Mask . . . . . . . . . . . : 255.255.255.0
    Default Gateway . . . . . . . . . : 192.168.2.1
    DNS Servers . . . . . . . . . . . : 192.168.2.1
    8.8.8.8

    මෙහි Physical Address ඉදිරියෙන් ඇති ලිපිනය සටහන් කරගන්න.


  • Local Area Connection හි Configure කවුලුවේ Advance යටතේ ඇති Wake on Link->Enableසහ Wake on Settings->Wake on Magic Packet යන්න ඇත්දැයි බලන්න.


  • දැන් මැජික් පැකට්ටුව යැවීමට සූදානම් කරගන්නා ආකාරය බලමු.

  • දුරස්ථ පරිගණක පණගැන්වීම කරන පරිගණකය වෙත ‍පැමිණ WOL ගොනුව බාගත කරගන්න. එය විහිදූ පසු bin බහලුම තුල ඇති ගොණු දෙක System32 බහලුමට පිටපත් කරගන්න.


  • දැන් Command prompt එක විවෘත කර එහි පහත සදහන් පරිදි දැනට වසා ඇති පණගැන්වීමට අවශ්‍ය ඔබේ දුරස්ථ පරිගණකය පණගැන්වීමට පහත විධානය ලබා දෙන්න.
    wol 00:19:D1:EC:DC:21
    මෙහි 00:19:D1:EC:DC:21 යනු ඔබගේ දුරස්ථ පරිගණකයේ MAC ලිපිනය වේ. පෙරදී - සමග සටහන් කරගත් ලිපිනයෙහි - ඉවත් කර ඒ වෙනුවට : යොදා wol සමහ විධාන කරන්න. Enter යතුර එබූ සැනින් දුරස්ථ පරිගණකය ‍වෙත wol මගින් මැජික් පැකට්ටුව යවා එය පණ ගැන්වන ආකාරය දැකිය හැකිය.



දැන් දුරස්ථ පරිගණකය පණ ගැන්වී අවසන්. ඉතිං දැන් ජාලයේ ඕන තැනක ඉදන් ඕන රෙද්දක් කරන්න බැරියැ.

සැ/යු: මවිසින් මෙය මේ අවස්ථාවේම Windows XP මත සිට Windows 7 පරිගණකයක් පණගන්වා ප්‍රායෝගිකව අත්හදා බලා 100%ක් සාර්ථක වූ පසුව ලියා තැබූවක් බව සලකන්න.

2010-01-19

වින්ඩෝස්හි පාලනය ලිනක්ස් නතු කිරිම

මේ සඳහා ජාලගත කරන ලද වින්ඩෝස් හා ලිනක්ස් මෙහෙයම් පද්ධති ඇති පරිගණක දෙකක් අවශ්‍ය වෙනවා. මා යොදාගත්තේ වින්ඩෝස් XP සහ ෆෙඩෝරා මෙහෙයුම් පද්ධති දෙක වේ.

වින්ඩෝස් ලිනක්ස් මගින් පාලනය කරන්නේ මෙහෙමයි.‍
වින්ඩෝස් පරිගණකයට VNC ස්ථාපනය කරන්න. දැන් එහි Options කවුලුවේ Authentication ටැබයට ගොස් මුරපදයක් යොදන්න.

ලිනක්ස් පරිගණකයෙ තුල vnc ස්ථාපනය කරන්න.
yum install vnc

එය ස්ථාපනය වූ පසු ප්‍රධාන මෙනුවේ අන්තර්ජාල සේවා යටතේ TigerVNC Viewer දැකගත හැකි වනු ඇත.
දැන් එය මගින් හෝ
<alt+f2> මගින් ලැබෙන යෙදුම් ක්‍රියාත්මක කිරීමේ කවුලුවේ vncviewer යන්න ලබාදීමෙන් ලැබෙන කවුලුව පහත පරිදි වේ








පෙර යෙදූ මුරපදය ලබාදී පාලනය භාර ගන්න.










පෙර ලිපියක සඳහන් කල පරිදි dynamic DNS බාවිත කිරීමෙන් එම වින්ඩෝස් පරිගණකය ලොව ඕනෑම තැනක සිට පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. කල යුත්තේ dynamic DNS ලිපිනය අගට 5800 port එක භාවිතා කරන එකයි. http://<dynamic DNS ලිපිනය>:5800

2009-11-26

Windows XP 64bit එකක සිට සිංහලෙන් ලියමි

Windows XP 64bit SP1 එකට සිංහල යුනිකේත ස්ථාපනය කරන්න ගියාම Service Pack 2 ඕන කියනවා. ඉතිං Service Pack 2 වලට යාවත්කාල කලාට පස්සෙ මෙහෙම කියනවා.

මොනව කරන්නද? ඒත් එහෙම කියල බෑනෙව.

සිංහල යුනිකේත නිවැරදිව කියවීමේ පහසුකම ඉස්කෝල පොත‍ ෆොන්ටය Fonts folder එකට පිටපත් කර දසුන් සමීර සොයුරාගේ ලිපියට අනුව usp10.dll ගොනුව ෆයර්ෆොක්ස් ස්ථාපන ස්ථානයට පිටපත් කර සාදාගත් නමුත් මෙතෙක් සිංහල යුනිකේත ලිවීමේ හැකියාව නොතිබුණි.

නමුත් දැන් KeyTouch නමින් අලුත් IME (Input Method Editor - යතුරුලියන සංස්කරණ මෘදුකාංගයක් හදුන්වා දී ඇති අතර එමගින් සිංහල යුනිකේත ලිවීමේ හැකියාව Windows XP 64bit වෙළුම මතදීද ලබාදේ.

බාගත කිරීමට පහත සබැදියෙන් යන්න

http://cplus.lk/2009/11/keytouch-ime/

2009-07-12

Remove Win7 BootLoader

Windows 7 did not support to ZTE ADSL modem so removed Windows Seven Boot Loader form a PC. it works well and now restord xp boot loader.
Steps to remove windows 7 boot loader.

put windows 7 dvd to DVD Drive
Start command prompt and give this code
D:\boot\bootsect.exe /nt52 ALL /force

Microsoft Windows XP [Version 5.1.2600]
(C) Copyright 1985-2001 Microsoft Corp.

C:\>D:\boot\bootsect.exe /nt52 ALL /force
Target volumes will be updated with NTLDR compatible bootcode.

C: (\\?\Volume{9546ffe8-57f9-11de-9e43-806d6172696f})

Updated NTFS filesystem bootcode. The update may be unreliable since the
volume could not be dismounted during the update:
Access is denied.

E: (\\?\Volume{1f344acc-57f9-11de-afe5-806d6172696f})

Forced dismount complete, open handles to this volume are now invalid.

Successfully updated NTFS filesystem bootcode.

\Device\HarddiskVolume2

Successfully updated FAT32 filesystem bootcode.

Bootcode was successfully updated on all targeted volumes.

C:\>

2009-06-22

Windows වලදී Fonts වැඩි ප්‍රමාණයක් එකවර ‍Copy කිරීම

Windows මත සිට Font එකක් කොපි කරන විට එම Font එක පද්ධතියේ දැනටම ස්ථාපිත නම් පහත පරිදි පණිවිඩයක් දිස්වනු බොහෝවිට අත්විද ඇති. ‍

මෙය ගැටළුසහගත වන්නේ ‍කොපි කරන Font ප්‍රමාණය වැඩි වූ විටයි. පහත තිරපිටපත බලන්න.


පද්ධතියේ දැනටම ස්ථාපිත Font හමුවූ විට මෙවන් පණිවිඩයක් දිස්වන අතර ‍Font කිහිපයක් මෙලෙස දැනටම ස්ථාපිත නම් එෟ හැම විටකදීම මෙම විමසීම කරයි.

‍මෙම ගැටළුව මතු වූයේ Windows ස්ථාපනය කර කලින් Backup කර තිබූ Font බහලුම නැවත ස්ථාපනය කිරීමේදීයි. පද්ධතිය සමගම එන ‍ Fonts පවා Backup එක තුල අඩංගු ‍වූ බැවින් මෙලෙස ස්ථාපනය කරද්දී ඒ හැම Font එකක් සඳහාම පෙර කී පණිවිඩය දිස්වීම මහත් කරදරයක් නොවන්නේද?

මෙය සරල පියවරකින් මඟහැර Fonts ස්ථාපනය කරගත හැක. කල යුත්තේ,
1) ස්ථාපනය කල යුතු Font සියල්ල එක බහලුමකට Copy කරගන්න.
2) දැන් Command Prompt (cmd) එක විවෘත කරගන්න.
3) CD විධානය මගින් අදාල ගොණුව ඇති ස්ථානයට යන්න.
උදා:- CD C:\Fontcollection
4) copy විධානය පහත පරිදි ලබාදෙන්න
COPY *.* C:\Windows\Fonts
5) මෙහිදීද පෙර ස්ථාපිත font හමුවූ විට
Overwrite c:\windows\fonts\Arial.ttf? (Yes/No/All):
ලෙස විමසීම කරන අතර එහිදී a අක්ෂරය යතුරුලියනය කර Enter කිරීම මගින් Yes to All විධානය දිය හැක. එවිට පෙර ස්ථාපිත ‍ Font හමුවූ විට All විධානය ලබා දි ඇති බැවින් සියලුම Fonts ස්ථාපනය විමසීමකින් තොරව සිදුවන ආකරය දැකියහැකි වනු ඇත.

2009-06-11

ලිනක්ස්හි ඇති බහලුමක් ජාලය හරහා වින්ඩෝස් වලට Share කිරීම

මේක "වින්ඩෝස්හි ඇති බහලුමක් ජාලය හරහා ලිනක්ස් වලට Share කිරීම" ලිපියෙන් සඳහන් කල එකේ අනිත්පැත්ත. ඒකට කරපු සම්බා සැකසුම් ටික ඒ විදියටම මේකට යොදාගන්න නිසා එය මුලින් කියවන එක වඩා සුදුසුයි.

ෆෙඩෝරා පරිගණකයේ සැකසුම්
පද්ධතිය --> කළමණාකරණය --> සම්බා හරහා සම්බා සේවාදායකය මානකරණයට පිවිස (පිවිසීමට root මුරපදය ලබාදිය යුතුය) +පොදුවක් එක්කරන්න මත ඔබන්න.

මුලින්ම සම්බා භාවිතා කිරීමට පරිශීලකයෙක් සාදන්න.ඒ සඳහා රුච් අරුචි-->සම්බා පරිශීලකයන්
හරහා සම්බා පරිශීලකයන් කවුලුව විවෘත කරගෙන පරිශීලකව එකතු කරන්න බොත්තම ඔබන්න.
දැන් නව පරිශීලකයකු සාදන්න කවුළුව විවෘත වනු දැකිය හැක. එහි unix පරිශීලක නාමය ලෙස පද්ධතියේ සිටින පරිශීලකයන් පෙන්වා ඇති අතර ඔබේ පරිශීලක ගිණුම එහිදී තෝරන්න.
windows පරිශීලක නාමය යන ස්ථානයට වින්ඩෝස් වලදී පිවිසීමට හැකි ලෙස වෙනත් නමක් ලබාදිය හැක. එයට කැමති නමක් ලබාදෙන්න. පසුව windows මගින් සම්බන්ධතාව ගොඩනැගීමේදී විමසීමක් සිදුකලහොත් ලබාදිය යුතු ව්නනේ මෙම නාමය බව මතක තබාගන්න. මුරපදය සඳහන් කර තහවුරු කරන්න. හරි බොත්තම ඔබා පරිශීලක සාදාගැනීම අවසන් කරන්න

දැන් සම්බා හවුලක් සෑදීමට බහලුම අඩංගු ස්ථානීය ලිපිනය ලබාදීම හෝ සැරිසරන්න බොත්තම හරහා ගොස් අදාල බහලුම තේරීම මගින් හෝ බහලුම තෝරාගන්න. හවුලේ නමට ඔබ කැමති නමක් ලබාදෙන්න. එය බහලුම ජාලය තුල පෙන්වන නාමය වේ.(බහලුමේ නම එතනට ස්වයංක්‍රීයව ගනු ඇත). කැමති නම් විස්තරය යන ස්ථානයට එය හදුනා ගැනීමට විස්තරයක් වුවද සදහන් කළ හැක.

දැන් මෙම බහලුම ජාලයේ අනෙකුත් පරිගණක වල පෙන්විය යුතුද ලිවීමට ඉඩදිය යුතුද යන්න තීරණය කර ඒ අනුව පහල ඇති කොටු සලකුණු කිරීම කරන්න.

ප්‍රවේශය ටැබයට පිවිස නිර්දේශිත පරිශීලකයන් හට පමණක් ප්‍රවේශ වීමට ඉඩහරින්න තෝරා සාදාගත් පරිශීලකනාමයද එතනින් තෝරාගන්න. හරි බොත්තම ඔබා සැකසුම් සුරක්ෂිත කරන්න.

දැන් ෆෙඩෝරා පරිගණකයේ සැකසුම් කර අවසන්. නමුත් වින්ඩෝස් පරිගණකයකින් ප්‍රවේශ වීමට ෆයර්වෝලය මගින් අවසර ලබාදිය යුතුය.
මේ සඳහා පද්ධතිය --> කළමණාකරණය --> ෆයර්වෝල් වෙත පිවිසෙන්න. එහි samba-client සහ සම්බා තෝරා සළකුණු කරන්න.

දැන් වින්ඩෝස් පරිගණකය හරහා ෆෙඩෝරා පරිගණකයට පිවිස බලන්න

2009-06-08

වින්ඩෝස්හි ඇති බහලුමක් ජාලය හරහා ලිනක්ස් වලට Share කිරීම

මේක කරල බලන්න නම් පරිගණක Network Environment අවශ්‍ය වෙනවා. තව වින්ඩෝස් සහිත පරිගණකයක් සහ ෆෙඩෝරා සහිත පරිගණකයක්ද අවශ්‍යයි.

Network Environment එකක් ගෙදර කොයින්ද .
පරිගණක දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වෙනවනම් ඒක Network එකක්නේ. ඉතිං වින්ඩෝස් තියෙන පරිගණකයකුයි. ලිනක්ස් තියෙන පරිගණකයකුයි Cross-over කේබල් එකක් අරගෙන Ethernet port වලින් එකිනෙක සම්බන්ධ කරල ගත්තම ඒකත් Network එකක් තමයි.

ෆෙඩෝරා පරිගණකයේ සැකසුම්
මේකට සම්බා අවශ්‍ය වෙනවා. (හාල් නෙවයි. ) ඒක ස්ථාපනය කරගන්න අග්‍රයේ root ලෙස පහත විධානය දෙන්න
# Yum install samba

දැන් පද්ධතිය --> කළමණාකරණය --> සම්බා අනුගමනය කර සම්බා සේවාදායකය මානකරණයට පිවිසෙන්න. එහිට පිවිසීමට root මුරපදය ලබාදිය යුතුය. දැන්
රුචි අරුචි-->සේවාදායකයේ පරිස්ථිතයන්
වෙත ගොස් පහත විස්තර ලබාදෙන්න.

සේවා කණ්ඩායම workgroup
විස්තරය Fedora

එම කවුළුවේම ඇති ආරක්ෂාව ටැබයට පිවිස
අනන්‍යතාවය තහවුරු කරගන්නා ආකාරය පොදුව
රහස් පදයන් සංකේත වලට හරවන්න ඔව්
ආගන්තුක ගිණුම පරිගණකයට ප්‍රවේශවන නාමය හෝ සකස්කරගත් පරිශීලක නාමය
ලබාදී හරි බොත්තම ඔබන්න. ෆෙඩෝරා පරිගණකය සූදානම් කර අවසන්.

දැන් වින්ඩෝස් ඇති පරිගණකයේ MyComputer මත මවුසයේ දකුණු බොත්තම ඔබා properties ලබාගන්න. එහි Computer Name ටැබයෙන් Change --> Name and workgroup ලබාදෙන්න.
Name windows
Workgroup workgroup

තවද User account එකට Password එකක් ලබාදෙන්න (ජාලය තුල හාවිතයට මුරපද අවශ්‍යෙ වේ.

ජාලය සූදානම් කර අවසන්.

දැන් වින්ඩෝස් වල ඇති Folder එකක් Share කරන්න. ඉන්පසු ෆෙඩෝරා පරිගණකයෙන්
ස්ථාන-->සේවාදායකයට සම්බන්ධවන්න මගින් සේවාදායකටය සම්බන්ධවන්න කවුළුව විවෘත කරගන්න. එහි පහත පරිදි සැකසුම් ලබා දෙන්න.

සේවා වර්‍ගය Windows Share
සේවාදායකය windows (වින්ඩෝස් පරිගණකයට ලබාදුන් නම)
බහලුම Share කරන ලද Folder එකේ නම(Share කරද්දී ලබාදුන් නම)
පරිශීලක නම වින්ඩෝස් හි User Name
කලාප නම workgroup
දැන් සම්බන්ධවීම මත එබූ විට මුරපදය විමසා සිටිනු ඇත. එවිට වින්ඩෝස් පරිශීලකට අදාල මුරපදය ලබාදෙන්න.

එවිට ලබාදුන් පරිශීලක නාමය මුරපදය හා කලාප නම නිවැරදි නම් නව කවුලුවකින් වින්ඩෝස් මගින් share කරන ලද Folder එක තුල අඩංගු සියල්ල පෙන්වනු ඇත.

2009-05-25

Microsoft Office 2010 තාක්ෂණික පෙරදැක්ම කලින්ම අත්හදා බලන්න කැමතිද

office 2010

The Microsoft Office 2010 Technical Preview is a limited, invitation only program which will provide you with the opportunity to experience early, pre-release versions of Office 2010 which will include the following applications: Word 2010, Excel 2010, Outlook 2010, PowerPoint 2010, OneNote 2010, Access 2010, InfoPath 2010 and Publisher 2010.

By registering you are signing up to be considered for the Technical Preview Program, you will be waitlisted for consideration to be invited into the Technical Preview Program. We will notify invitees in early to mid July.

Please click below to make your request to be waitlisted for the Technical Preview.

Waitlist Me for the Technical Preview!

for more details

Source:

https://microsoft.crgevents.com/Office2010TheMovie/Content/Home.aspx

2009-05-18

Server ගැන දැනගන්න

මේ Server ගැන දැනගන්න කැමති අයට සහ Server එක්ක වැඩ කරන අයට සුභ ආරංචියක්. ඉගෙනගන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.

ඉතිං Server2003 ගැන සියලු දේ එක තැනකින් දැනගන්න මෙන්න තැනක්. Server.lk ගිහිල්ලම බලන්න.

Join to Server.lk FaceBook Group

2009-05-13

ALT+CTRL+DEL වෙනුවට

විනඩෝස් හි Task Manager ගැනීමට සාමාන්‍යයෙන් ඔබන්නේ ALT+CTRL+DEL යන යතුරු සංයෝජනයන්ය. නමුත් මෙම තුනම එකවර තදකිරීමට අත් දෙකම යොදාගත යුතු වෙනවා. මේ යතුරු සංයෝජනය වෙනුවට තවත් යතුරු සංයෝජනයක් වින්ඩොස්හි තිබෙනවා. ඔබත් උත්සහ කර බලන්න තනි අතකින් එබිය හැකි සංයෝජනය

CTRL+SHIFT+ESC

2009-05-08

Desktop එක ධාවනය වන යෙදුම් සමග සුරැකීම

වැඩක් කරමින් සිටින විට පරිගණකය වසා දමන්න සිදුවුවහොත් ඔබ කරන්නේ කුමක්ද?
බොහෝ විට කරන්නේ සියල්ල සුරකීම සිදුකොට වසා දැමීමයි.

එහෙත් Desktop එක විවෘත කර ඇති යෙදුම් සමගම ‍සුරකීම සිදු කර වසා දමා නැවත ආරම්භ කල විට වසද්දී තිබූ තැනටම ගත හැකි විකල්පයක් වින්ඩොස් හි ඇත.

එය Hibarnation නම්‍ වේ.පෙරනිමියෙන් මෙය සක්‍රීය නොවේ.
සක්‍රිය කිරීමට Control Panel හි Power Options වල Hibarnation නම් ටැබය යටතේ ඇති Enable Hibernation tick එක සක්‍රිය කරන්න.
(මේ සඳහාද Hard disk එකෙන් යම් ඉඩක් වැයවේ.)
දැන් විකල්පය සක්‍රිය කර අවසන්.

භාවිත කිරීම මෙසේ සිදු කල හැක. මීඩියා ප්ලේයරය හැර ඕනෑම යෙදුමක් හෝ කිහිපයක් ධාවනය කරන්න.
දැන් Start-->Shutdown තෝරන්න.
සුපුරුදු විකල්ප තුන වන Stand by, Shutdown, Restart එහි දිස්වනු ඇත.
දැන Shift යතුර තද කරන්න. එවිට Stand by යන්න Hibarnate ලෙස වෙනස් වනු ඇත.
Hibernate දිස්වී තිබෙන විට එය මත ක්ලික් කිරීම මගින් පරිගණකය Hibernate කිරීම සිදු කල හැක.
එවිට සියල්ල සුරකීමට කාලයක් ගනිමින් පරිගණකයේ විදුලිය විසන්ධි වනු ඇත. එවිට එය Shutdown කිරීම හා සමාන අවස්ථාවකට පත්වේ.

දැන් නැවත පරිගණකය පණගැන්වූ විට Resume Windows ලෙස දිස්වෙමින් Hibarnate තත්වයට පත් කරද්දී තිබු Desktop එක ධාවනය වූ යෙදුම් සියල්ල එලෙසම විවෘත කර‍ දෙයි.

2009-05-03

Copy කරන කොට No to ALL තිබුණ නම්



ගොඩක් ‍‍ෆයිල්ස් කොපි කරන කොට වින්ඩෝස් වල තියෙන Function එකක් තමයි Yes to All කියල වෙනම විධාන බටනයක් තිබීම. ඒත් මේකෙ අනිත් පැත්ත අපට ඕන නම් මොකද කරන්නනේ. ඒ කිවුවෙ No to All කියල දෙන්න ඕන උනොත්. ඒකටත් විසඳුමක් තියෙනවා. මෙච්චරයි කරන්න තියෙන්නේ Shift යතුර ඔබාගෙන No කියල දෙන්න.

Create Virtual Hard Disk Without Programs

Add Virtual Drive
1) First Create Folder or get Path that you need to access virtually.
2) Now find not Assigned Drive Letter
3) Then Open Command Prompt(Start-->Run-->type CMD-->OK
4) type this command
SUBST
EX:to mount "C:\My Music" folder as a new hard Drive with letter L:
SUBST L: C:\My Music
5) It will add new Virtual Hard Disk. to Check Open My Computer and Watch.
6) Now you can Access you folder via new Drive Letter any whare.

Remove
at Command Prompt type
SUBST /D

But this may can use Cheat customers by adding virtual Harddisk's on My Computer
can say it has large Hard Disk. Because it shows the drive size of mounted folder included Drive

2009-03-07

IE 8 වල තවත් ලෙඩක්

IE 8 ‍‍ආරම්භ කල පසු මුල් පිටුව ලෙස ගූගල් සකසා තිබුනද දිස්වන්නේ මෙම පණිවිඩයයි. ගූගල් වෙන යාමට පිටුව ප්‍රතිපූරණය කල යුතුය.

එ‍බැවින් මම සුපුරුදු පරිදි ‍ගිනි නරියා ම භාවිත කරමි. මන්ද මෙවැනි දෝෂ නොමැතිව සහ වේගවත්ම අන්තර්ජාලයේ සැරිසැරිය හැකි නිසාත්ය. කාල ප්‍රමාදය නැති කරගැනීමට උපදෙස් සදහා මෙය මත ක්ලික් කරන්න. දැන් නම් මට වෙන ගවේෂක වලට යන්න හිතෙන්නෙත් නෑ. ෆයර් ෆොක්ස් දාල.