Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label Google. Show all posts
Showing posts with label Google. Show all posts

2022-08-23

සිංහලෙන් ටයිප් කරපු එකක් Google Docs වලින් Microsoft Word වලට ගමු

image source: https://www.lifewire.com/

මේ දවස් වල Online Collaboration tool එකක් වෙච්ච Google Docs හොඳට පාවිච්චි වෙනවනෙ. ඉතිං සිංහලෙන් ටයිප් කරපු එකක් වැරදිලා හරි ඩවුන්ලෝඩ් කරල බැලුවොත් ශ්‍ර ප්‍ර වගේ අකුරු පෙන්නන්නෙ ශ්ර ප්‍රර කියල. අපි කොහාමත් ඩවුන්ලෝඩ් කරන්නෙ .docx විදියට නිසා තමා ඔය අවුල වෙන්නෙ.

ගොඩක් වෙලාවට කරන්නෙ ඉතිං ආයෙ ඩොකියුමන්ට් එකම මුල ඉඳන් Proof read කර කර අකුරු ටික ආයෙ ටයිප් කරන එක. ඒක ගොඩක් කරදර වැඩක්. සමහර වෙලාවට මඟඇරෙන්නත් පුලුවන්. ඒක නිසා කරන්න තියෙන්නෙ තියෙන විදියටම ගන්න එක.

ඒකට කරන්න තියෙන්නෙ Download කරනකොට .odt එහෙමත් නැත්තම් Open Document Format එකෙන් ඩවුන්ලෝඩ් කරන එක. ඒක word වලින් Open කරන්නත් පුලුවන් නිසා පස්සෙ කැමති ෆෝමැට් එකකින් Save කරගන්න පුලුවන්.

2017-01-09

App Install ‍නොකර 2017 දිනදර්ශනය (Holidays In Sri Lanka) ජංගම දුරකථනයට දාගන්න

ලැබුවා වූ 2017 සයිබර්වාසී සියලුදෙනාම සුබම සුබ අවුරුද්දක් වේවා. මේ අවුරුද්දට හා හා පුරා කියන පලවෙනි පෝස්ට් එක තමයි මේ. 

මේ අවුරුද්දෙ ගොඩක් අය නිවාඩු දවස් දිහා ඇහැ ගහගෙනමනේ ඉන්නෙ. ඉතිං නිවාඩු දවස් ටික  phone එකට දාගන්න පොඩි ට්‍රයි එකක් දුන්න. 
2014 දි සිංහලෙන් හදාගෙන දාගත්ත ඒ කාලෙ ඉතිං සිංහල වැඩකරන phone තිබුනෙ අඩුවෙන්. දැන් නං Samsung, LG, Nexus වල සිංහල වැඩ නෙව. ඒත් Sony, Huawei එහෙම ගොඩක් ඒවයෙ තාම සිංහල  වලට කොටු දානවා. 

හැබැයි මේක තියෙන්නෙ නං ඉංග්‍රීසියෙන්. ඉතිං එතනට ගිහින් හරි ඔය පල්ලෙහා තියෙන එකේ හරි  +Google Calender කියන එක ඔබල Google Calendar එකට මේක දාගන්න. ලොගින් වෙන්න කිවුවොත් ඉතිං යූසර්නේම් පාස්වර්ඩ් දෙන්නයි තියෙන්නෙ google එකට



එතකොට calender.google.com එකට ගිහින් other calender යටතෙ පෙන්නනවා Holidays In Srilanka කියල. ඒකට ඉස්සරහින්  තියෙන කොටුව check කරගත්තනම් Holidays ටික අදාල කොටුවල පෙන්නන්න ගන්නව උඩ තියෙනව වගේ.

දැන් කරන්න තියෙන්නෙ Phone එකට ගිහින් calendar එක Open කරගන්න. LG එකේ නං Calendar කියලම තියෙනවා Samsung එකේ තියෙන්නෙ SPlaner කියල.

LG නං ඒකෙ සෙටිංග්ස් වලින් Accounts වලින් gmail එක තේරුවම ඒකට අදාල calendar ටික පෙන්නනවා. එතනිනුත් Holidays in Srilanka තෝරල තියෙන්න ඕන. calendars to sync එකෙනුත් ඒකම තෝරල sync now කරගන්න.

Samsung වල splaner open කරල settings වල Display යටතෙ තියෙන calendars වලින්  Holidays in Srilanka තෝරගන්න. දැන් sync කරන්න. Holidays ටික මේවිදියට පෙන්නන්න ඕන




පොකට් කැලැන්ඩරේ වගේම ඔය තියෙන්නෙ අපූරුවට.
මොනව හරි ගැටලුවක් තියෙනව නම් ඔන්න පහල  කමෙන්ට් බොක්ස් එකක් ඇති. 

2012-04-04

Google Music තාම හම්බුනේ නැද්ද? එහෙනම් අරගන්න

Google Search එකේ Navigation එකට ලඟදි අලුතින්  Play කියල එකක් එකතු වෙලා තියෙනව ඔයගොල්ලොත් දකින්න ඇති.
සාමාන්‍යෙයෙන් ලංකාවෙ කෙනෙක් ඕක click කරල ගියොත් ලැබෙන්නේ සාමාන්‍යයෙන් කලින් Android Market එක තිබුණු එකම Play කියල වෙනස් කරලනේ.. ඊට අමතරව US වල කෙනෙක් ගියොත් Music, Books, Movies, Android Apps කියල හතරකුත් දකින්න ලැබෙයි.


මේක බලාගන්න  නම් US වලින්ම යන්න එපැයි.. ඉතිං මාත් US වලින් ලොග් උනා..
වැඩිය මුකුත් කලේ නැහැ Hotspot Shield දාගත්ත. නිකංම Google Music ලැබෙනවා.
මොකක්ද මේ Google Music කියන්නෙ කියන කුතුහලය නිසා බැලුව මිසක් ඇති වැඩකට කරපු දෙයක් නෙවෙයි. බලන්න ඕනනම් කරල බලන්න.

2011-07-28

Google Plus හි තමන්ගේ Profile එකට link එකක් හදාගමු

Google Plus ,G+ , එහෙමත් නැත්නම් ඔයාල දන්න විදියට කියනවනං පස් වල එකවුන්ට් එක කාටවත් දෙන්න ගියාම ලින්ක් එක ටිකක් අවුල් නේ..
මේ තියෙන්නේ මගේ profile එක.
https://plus.google.com/117408766082951350719
ඉතිං ඕකෙ තියෙන නම්බර් ටික නිසානේ අවුල.. ඒකට මෙහෙම වැඩක් කරගන්න පුලුවන්.

http://ongplus.com/ ගිහින් ඔයාල කැමති නමක් දාගන්නකෝ.
  කියන තැනට ඔයාලට දාගන්න ඕනි නම දෙන්න
දැන් අර උඩ ලින්ක් එකේ තියෙන අංක ටික. plus.google.com එකට පස්සේ තියෙන ටික Google+ ID: කියන තැනට දෙන්න
මෙන්න මේ විදියට.





ඔය ටික කරල ක්ලේම් කලාම දැන් මෙන්න මෙහෙමයි මගේ profile එකට යන්න පාර තියෙන්නේ
http://ongplus.com/kpgtharaka