Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2011-03-27

Fedora මත MySQL ස්ථාපනය

වැඩි දෙයක් කරන්න ඕනි නෑ.. අන්තර්ජාලය හා සම්බන්ධ වෙලාවක
Terminal එකට root ලෙස ලොග් වෙලා
yum -y install mysql mysql-server
ඒ පියවර අවසන් වූ විට mysql භාවිතා කිරීමට පෙර mysqld ධෘවනය කල යුතු වෙනවා.
ඒ සඳහා නැවතත් Terminal එකතුල
service mysqld start ලෙස හෝ /sbin/service mysqld start ලෙස ලබා දෙන්න.
නිවැරදිව සිථාපනය වූයේ නම් කොළ පැහැයෙන් OK ලෙස ලැබෙනු ඇති.
දැන් mysql යන්න යතුරු ලියනය කර mysql console ලබාගත හැක.

පරිගණකය ආරම්භයත් සමග mysql server එක ධාවනය කරවීමට
chkconfig mysqld on ලෙස ටමිනලයට ලබාදෙන්න.

mysql root පරිශීලකට මුරපදයක් එක් කිරීමට අවශය නම්.
mysqladmin -u root password 'මුරපදය'

*හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියත් සමග mysql පෙරනිමියෙන්ම ලබාදෙනවා. එබැවින් ඔබ භාවිතා කරන්නේ හන්තාන ලිනක්ස් නම් ස්ථාපන පියවරයන් සිදුකල යුතු වන්නේ නැහැ.

2011-02-14

LED Sign Board එක සහ තෙවන වසරට පා තැබීම.


ඕං තව වැඩක් හරි ගියා.. PIC16F84 දාල හදපු 30x8 LED Sign Board එක තිතට වැඩ කරනවා.. මේ තියෙන්නේ වැඩ කරද්දි ගනිපු පින්තූරයක්. පැහැදිලිව පෙනේද මංදා..



Flasher එක නිසා එළිය අඩුවෙන් තමා පේන්නේ. ඔක්කොම වැඩ ඉවර කලාම වීඩියෝ එකක්ම දාන්නං. ලීවේ Assembly වලින් තමා.. MicroLab IDE එකෙන් ලියල කම්පයිල් කරල Winpic එකෙන් Program කරගන්තා.
දැනට මූලික පියවර ගොඩ.. ඒ කියන්නේ සාර්ථකව වැඩ කරනවා.


ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.



දෙවන වසරට පා තැබීම ගැන ලීවෙ අද ඊයෙ වගේ උනත් ඒක ලියලාත් අවුරුද්දක් වෙනවා. එතකොට සිංහලෙන් බ්ලොගය ලියන්න අරන් අදට අවුරුදු දෙකක් වෙනවා.. මේ තියෙන්නේ දෙවන වසර ඇරඹුම ගැන ලියපු සටහන..

ඒ කාලේ එක්කල බලද්දී දැන් නම් ලිවීමේ වේගය සීඝ්‍ර ලෙස අඩුවීමක් පෙන්නුම් කරනවා.. ආයෙ ලියන්න ගන්න කාලෙ හරි නෙවෙයි ලියන්න ඕනා.. ඩ්‍රාෆ්ට් වල තියෙන ටික දැන් පරණ නිවුස් නිසා එවු‍ව එහෙමම තියෙන්න ඇරල අලුත් දේවල් ලියන්න තමයි හිතන් ඉන්නේ.

2011-01-28

සැබෑවූ සිහිනයක්

ඔන්න ඉතිං අපි දෙදහස් එකොළොස්වන වසරටත් පා තබලා. ‍දෙදහස් එකොලහ වසර ලබල මාසයක් අහවර වෙන්නත් කිට්ටුයි. ඒත් කමක් නැහැ. සියළු දෙනාටම ලැබුවා වූ දෙදහස් එකොලහ වසර සුභම සුභ වෙන්න කියලා පතනවා.
මේ අවුරුද්ද ආරම්භය නම් ගොඩාක් සුභ දායක විදියට සිදු උනා. මුලින්ම NVQ5&6 කියල ලියාපු විභාගෙන් පස්සේ NVQ6 සදහා පරීක්ෂණයකට පසුගිය මාසය තුලදී මුහුණ දුන්නා. ඉතිං මේ අවුරුද්දෙ ආරම්භයේම NVQ6 සහතිකය ලබාගන්න පුලුවන් උනා. සහතිකය ලබාගත්ත ගමන්ම ඉතිං කලින් ලිපියකින් සදහන් කල Interview එක සමත් වීමට අවශය මූලිකම සුදුසුකම සපුරාගන්න පුලුවන් උනා. ප්‍රතිචාරයකින් ඒක සිහිනයක් බව කෙනෙක් කීවත් මම අද දිනය වන විට University of Vocational Technology (UNIVOTEC) එහෙමත් නැතිනම් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ B.Tech (Multimedia and Web Design) Degree එකේ පළමු කණ්ඩායම සදහා සුදුසුකම් ලැබ ඇතුලත්ව සිටිනවා.

අමාරුම කියපු සිහිනයක් සැබෑවෙලා. අදින් Foundation Course එක අවසන්. හෙට සිට Degree එක පටන් ගන්නවා. ඉතිං තවත් එක Management Assignment එකක් හෙට දිනයේදී බාරදීමට ඇති නිසා අදට මේ ලිපිය මෙතකින් නැවැත්වීමට සිද්ධ වෙනවා.

2010-12-15

Linux මත Automatic Login සක්‍රිය කිරීම


බොහෝමයක් ලිනක්ස් Live CD වල තියෙන්නේ බූට් කල විට Desktop එක ලැබෙනතෙක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමයි. නමුත් ස්ථාපනයෙන් පසු බොහෝවිට Desktop එක ප්‍රවේශ වීමට ප්‍රථම Login Screen එකේදී පරිශීලක නාමය සහ මුරපදය විමසා සිටී..

මෙය මඟහැරයාමට පහත පියවර අනුගමනය කරන්න..

/etc/gdm/custom.conf ගොනුවට [daemon] වලට පසු

AutomaticLoginEnable=true
AutomaticLogin=tharaka


හෝ
TimedLoginEnable=true
TimedLogin=tharaka
TimedLoginDelay=0


එක් කරන්න. එවිට පරිගණකය පණගැන්වූ වට මුරපද නොවිමසාම Desktop එක ලැබෙනු ඇත.

2010-11-21

අඳුරු අහසක රෑ කැටයම්...


අඳුරු අහසක රෑ කැටයම්
සඳකි තනිකම් කළ සිත්තම්
ඔබට තවකෙක් පමණක් නම්
මියෙමි සඳවත අද මා නම්
නොනිමි කඳුළක පටලා හද
අඳුර කිම සැඟවී දුර තෙර
කිබඳ මහද ද ඔබ වූ සඳ
කිමද ඉකිබිඳ හද වැද අද

නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ
මා පැතු සෙනේ
මඟ නොදැන ඔබ යන මඟ දැක
මිය යනු කෙසේ
දිවිතත් නැතත් මා හඬවා
ළතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
හිම මෙනි දියේ

අඳුරු අහසක ....

මුකුලිතව සිත වත නෙත වැඩි
කඳුළයි නෙතේ
සිතක දුක දැක දැක ඔබ මෙන්
වෙන්වී ගියේ
දිවිතත් නැතත් මා හඬවා
ළතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
හිම මෙනි දියේ

අඳුරු අහසක .....


ගායනය :- රකිත

සිංදුව ඕන අය මෙතනින් ගන්න.


විශේෂ ස්තූතිය උදාර මදුෂංක සොයුරාට.
පින්තූරය : http://f-atedaffinity.blogspot.com/2009_10_01_archive.html පිටුවෙනි.