වර්ෂ 2008ක් වූ මැයි මස 26 වෙනිදා ගා/බටපොල නවෝද්‍යා විදුහලේදී නිදහස් හා විවෘත මෘදුකාග ගැන වැඩමුළුවක් විදුහලේ 11, 12 ,සහ 13 ශ්‍රේණි වල ළමුන් සඳහා පැවැත්විණ. මෙය බටපොල ප්‍රදේශයේ පැවැත්වූ ප්‍රථම ලිනක්ස් වැඩසටහන වීමද මෙම වැඩමුළුවේ විශේෂත්වයකි.දක්ෂිණ ලිනක්ස් හවුල මගින් වැඩමුළුව මෙහෙයවූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්බලන්ගොඩ කලාප තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා වාසනා මෙනවිය සහභාගි විය.
විදුහල්පති තුමා මෙහි ආම්භක කතාව පැවැත්වූ අතර එහිදී තොරතුරු තාක්ෂණය සහ පරිගණක භාවිතයේ වැදගත්කම ගැන තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා වාසනා මෙනවියද ළමුන්ට මතක් කලාය.
මෙහිදී වැඩසටහන මෙහෙයවු දක්ෂිණ ලිනක්ස් හවුලේ සාමාජිකයින් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කල කරුණු වූයේ
* නිදහස් හා විවෘත මෘදුකාංග
* ලිනක්ස් යනු කුමක්ද
* පාසල් වල ලිනක්ස් භාවිතය
* Gnome Desktop හි විශේෂතා
* ෆෙඩෝරා අධ්‍යාපනික තැටිය
* ෆෙඩෝරා ස්ථාපනය
* ලිනක්ස් හි සිංහල භාවිතය
* සිංහල ෆයර්ෆොක්ස්
* උබුන්ටු ස්ථාපනය
* පැන විසදුම්
ළමුන් නැගූ පැන වලට විසදුම් දෙන අතරම ලිනක්ස් මෙහෙයුම් පද්ධති අඩංගු තැටි බෙදාදීමද දක්ෂිණ ලිනක්ස් හවුලේ සාමාජිකයන් විසින් සිදු කරන ලදී.
උදෑසන 8.00 සිට පස්වරු 1.30 වන තුරු වැඩසටහන පැවැත්වීමට පෙර සූදානම් කර තිබුණද පාසල කලින් අවසන් කිරීමට කටයුතු යෙදුණු බැවින් දහවල් 12.30 වන තුරු පමණක් වැඩමුළුව පැවත් වීමට සිදුවිය.
වැඩසටහනේ සාර්ථකත්වය ළමුන්ගේ උනන්දුවෙන් පෙනුණි. වැඩසටහන අවසන් වූ පසුවද ළමෝ හවුලේ සාමාජිකයන්ගෙන් අවශ්‍ය දේවල් දැන ගැනීමට ඔවුන් වටා එක්රැස් වී සිටි අයුරු දැකගත හැකිවිය.
:), මම මේ පෝස්ට් එකම සයිට් එකට දානව.. නියමයි
ReplyDeleteවීඩියෝස් ටිකත් හරි නම් එල,
ආහ් අපේ ඩැනී අයියා ඉන්නවා නේද! කල්ගයා මලයාත් ආවද?
ReplyDeleteඔවු ඔව්. කල්ගයා තමයි හාව පෙන්නුවේ. අනුෂ්ක නම් ලේයර්ස් වලට බය උනා. තව කල්ප, අමිත්ත , එහෙමත් ආව
ReplyDelete