Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2009-06-22

Windows වලදී Fonts වැඩි ප්‍රමාණයක් එකවර ‍Copy කිරීම

Windows මත සිට Font එකක් කොපි කරන විට එම Font එක පද්ධතියේ දැනටම ස්ථාපිත නම් පහත පරිදි පණිවිඩයක් දිස්වනු බොහෝවිට අත්විද ඇති. ‍

මෙය ගැටළුසහගත වන්නේ ‍කොපි කරන Font ප්‍රමාණය වැඩි වූ විටයි. පහත තිරපිටපත බලන්න.


පද්ධතියේ දැනටම ස්ථාපිත Font හමුවූ විට මෙවන් පණිවිඩයක් දිස්වන අතර ‍Font කිහිපයක් මෙලෙස දැනටම ස්ථාපිත නම් එෟ හැම විටකදීම මෙම විමසීම කරයි.

‍මෙම ගැටළුව මතු වූයේ Windows ස්ථාපනය කර කලින් Backup කර තිබූ Font බහලුම නැවත ස්ථාපනය කිරීමේදීයි. පද්ධතිය සමගම එන ‍ Fonts පවා Backup එක තුල අඩංගු ‍වූ බැවින් මෙලෙස ස්ථාපනය කරද්දී ඒ හැම Font එකක් සඳහාම පෙර කී පණිවිඩය දිස්වීම මහත් කරදරයක් නොවන්නේද?

මෙය සරල පියවරකින් මඟහැර Fonts ස්ථාපනය කරගත හැක. කල යුත්තේ,
1) ස්ථාපනය කල යුතු Font සියල්ල එක බහලුමකට Copy කරගන්න.
2) දැන් Command Prompt (cmd) එක විවෘත කරගන්න.
3) CD විධානය මගින් අදාල ගොණුව ඇති ස්ථානයට යන්න.
උදා:- CD C:\Fontcollection
4) copy විධානය පහත පරිදි ලබාදෙන්න
COPY *.* C:\Windows\Fonts
5) මෙහිදීද පෙර ස්ථාපිත font හමුවූ විට
Overwrite c:\windows\fonts\Arial.ttf? (Yes/No/All):
ලෙස විමසීම කරන අතර එහිදී a අක්ෂරය යතුරුලියනය කර Enter කිරීම මගින් Yes to All විධානය දිය හැක. එවිට පෙර ස්ථාපිත ‍ Font හමුවූ විට All විධානය ලබා දි ඇති බැවින් සියලුම Fonts ස්ථාපනය විමසීමකින් තොරව සිදුවන ආකරය දැකියහැකි වනු ඇත.

2009-06-18

වින්ඩෝස් මත සිටම ලිනක්ස් අත්හදා බලන්න

ඔය ලිනක්ස් දාල බලන්න බය අයට මෙන්න කරල බලන්න පුලුවන් වැඩක්. Sun VirtualBox ගැන කට්ටිය දන්නවනේ. මීට කලින් අපේ හයබූසා තව ඇඳුරුතුමා එහෙම ලියල තිබුණනේ. ඉතිං සයිබර් දාපු පෝස්ට් එක බලද්දී මටත් හිතුන මේක වින්ඩෝස් වල කරල බලන්න. ඔක්කොම ලියල තිබුනේ උබුන්ටු වල ඉදන් කරපු විදියනේ.

Install VirtualBox
ඉතිං VirtualBox x86 එක Download කරල වින්ඩෝස් වලට ස්ථාපනය කරා. හරි වැඩේ ගොඩ VBox එක ධාවනය කරන්න පුලුවන්. ධාවනය කරන්න New එකෙන් ගිහින් OS එක තෝරල HardDisk එකක් එහෙමත් දාල (වෙනම HardDisk ඕන නෑ. .vdi ෆයිල් එකක් තමයි හාඩ් එක. :D ) Virtual Machine එකක් හදාගෙන වැඩ පටන් ගත්ත.

ඉතිං ෆෙඩෝරා ‍DVD එකක් තියේනම් ඒකෙන් හරි නැත්නම් ඒකට වියදම් කරන්න අකමැතිනම් නිකංම ISO එක mount කරලත් කරන්න පුලුවන්. ISO එකෙන් දාන එක ඉක්මන්.

ISO එක mount කරන්න ඕනෙ නම් කරන්න තියෙන්නේ. Virtual Machine එක ධාවනය කරල
Devices-->Mount CD/DVD-ROM-->Mount CD/DVD-ROM image.. කියන තැනින් ISO එක හොයල දෙන එකයි.

Boot From Image
ආයිම Machene-->Reset කරල නැවත පණගන්වන ගමන් Boot Device එක තෝරන්න F12 යතුර ඔබන්න කියල එයි. එතනදි F12 යතුර ඔබල CD/DVD-ROM එකෙන් පණගන්වන්න c යතුර එබුවම නිකංම Image එකෙන් Boot වෙන්න ගන්නවා.

ඉතිං එන Instruction කියවන්නෙත් නැතුවම Next කරගෙන කරගෙන ගියා. හාඩ් ඩිස්ක් එක ෆයිල් එකක් නිසා කිසි අවුලක් නෑනේ. (අනික ෆෙඩෝරා මට නුපුරුදු දෙයක් නෙවෙයිනේ). හාඩ් ඩිස්ක් පාටිෂන් ගැන වද වෙන්න දෙයක් උනෙත් නෑ.

එච්චරයි වින්ඩෝස් ඇතුලෙ ලිනක්ස් අත්හදා බලන්න පුලුවන්.
ඉතිං එච්චරයි නේ වැඩ කරන්න ඕන වෙන්නේ.

පසු වදන
මං ඉතිං සයිබර් ඔය වැඩක් නෑ කියන seamless-mode එක මොකක්ද බලන්න කියල Guest-Addon එකත් ISO එකත් Download කරල දාල බැලුවා.

ෆෙඩෝරා 10 දානවනම් 2.6.27 kernal Version එක හෝ ඊට වැඩි Version එකක් සහ kernel-headers kernel-devel අවශ්‍ය වෙන නිසා පහත විධාන අග්‍රයේ root ලෙස ලබාදී kernal එක අලුත් වෙලුමට යාවත්කාල කරගන්න. ෆෙඩෝරා 11 නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
yum update kernel
දැන් kernel-headers kernel-devel ස්ථාපනය කරන්න
yum install kernel-headers kernel-devel
දැන් VBoxGuestAddon ISO එකත් අර විදියටම Mount කරගෙන අග්‍රයෙන් ධාවකයේ Path එකට පැමිණ
# sh VBoxLinuxAdditions-x86.run විධානය ලබාදෙන්න

[root@fedora10 VBOXADDITIONS_2.2.4_47978]# sh VBoxLinuxAdditions-x86.run

එවිට VBoxහි තිරය සම්පූර්ණ තිරය මතට ගත හැකිවාසේම Seamless-mode එකටද සහයෝගය දක්වනු ඇත.

2009-06-15

ඔන්න මාත් Twitter එකක් හදා ගත්ත

මම ට්වීටර් එකේ හිටියෙ නැති උනත් සමහරු මාව Follow කරන්න හදල තිබුණ. තව ඉතිං Invitation හිටන් ඇවිත් තිබුණ එයාලගේ ඒව Follow කරන්න කියල.

ඩනිෂ්ක අයියත් දවසක් කිවුව එකක් හදාගන්න කියල. ඒත් ඉතිං මෙච්චර දවසක් වෙනකං බැලුවෙවත් නෑ මේ මොකක්ද කියල.ඉතිං ඔන්න අද තමයි මොකක්ද මේ කියල බලන්න Twitter එක පැත්තේ ගියේ. හැදුව Account එකක්.
හැදුව විතරයි මෙන්න කට්ටියක් මාව Follow කරන්නත් අරන්.
Follow කරන්න කැමති අය පහල එකෙන් යන්න.

2009-06-14

Fedora 11හි ALT+CTRL+BACKSPACE සක්‍රිය කිරීම

ෆෙඩෝරා 11 වල පෙරනිමියෙන් ALT+CTRL+BACKSPCAE වලින් X-server terminate කරන්න එන්නෙ නෑ.
ඒක සක්‍රිය කරන්න ඕන නම් පද්ධතිය-->අභිප්‍රේත-->Keyboard හි Layout ටැබයේ Layout Options බොත්තම එබුවිට ලැබෙන ලැයිස්තුවෙන් Key Sequence to Kill the X-server එක යටතේ තියෙන Control+Alt+Backspaceඉදිරියේ තියෙන කොටුව සලකුණු කරන්න.

2009-06-11

ලිනක්ස්හි ඇති බහලුමක් ජාලය හරහා වින්ඩෝස් වලට Share කිරීම

මේක "වින්ඩෝස්හි ඇති බහලුමක් ජාලය හරහා ලිනක්ස් වලට Share කිරීම" ලිපියෙන් සඳහන් කල එකේ අනිත්පැත්ත. ඒකට කරපු සම්බා සැකසුම් ටික ඒ විදියටම මේකට යොදාගන්න නිසා එය මුලින් කියවන එක වඩා සුදුසුයි.

ෆෙඩෝරා පරිගණකයේ සැකසුම්
පද්ධතිය --> කළමණාකරණය --> සම්බා හරහා සම්බා සේවාදායකය මානකරණයට පිවිස (පිවිසීමට root මුරපදය ලබාදිය යුතුය) +පොදුවක් එක්කරන්න මත ඔබන්න.

මුලින්ම සම්බා භාවිතා කිරීමට පරිශීලකයෙක් සාදන්න.ඒ සඳහා රුච් අරුචි-->සම්බා පරිශීලකයන්
හරහා සම්බා පරිශීලකයන් කවුලුව විවෘත කරගෙන පරිශීලකව එකතු කරන්න බොත්තම ඔබන්න.
දැන් නව පරිශීලකයකු සාදන්න කවුළුව විවෘත වනු දැකිය හැක. එහි unix පරිශීලක නාමය ලෙස පද්ධතියේ සිටින පරිශීලකයන් පෙන්වා ඇති අතර ඔබේ පරිශීලක ගිණුම එහිදී තෝරන්න.
windows පරිශීලක නාමය යන ස්ථානයට වින්ඩෝස් වලදී පිවිසීමට හැකි ලෙස වෙනත් නමක් ලබාදිය හැක. එයට කැමති නමක් ලබාදෙන්න. පසුව windows මගින් සම්බන්ධතාව ගොඩනැගීමේදී විමසීමක් සිදුකලහොත් ලබාදිය යුතු ව්නනේ මෙම නාමය බව මතක තබාගන්න. මුරපදය සඳහන් කර තහවුරු කරන්න. හරි බොත්තම ඔබා පරිශීලක සාදාගැනීම අවසන් කරන්න

දැන් සම්බා හවුලක් සෑදීමට බහලුම අඩංගු ස්ථානීය ලිපිනය ලබාදීම හෝ සැරිසරන්න බොත්තම හරහා ගොස් අදාල බහලුම තේරීම මගින් හෝ බහලුම තෝරාගන්න. හවුලේ නමට ඔබ කැමති නමක් ලබාදෙන්න. එය බහලුම ජාලය තුල පෙන්වන නාමය වේ.(බහලුමේ නම එතනට ස්වයංක්‍රීයව ගනු ඇත). කැමති නම් විස්තරය යන ස්ථානයට එය හදුනා ගැනීමට විස්තරයක් වුවද සදහන් කළ හැක.

දැන් මෙම බහලුම ජාලයේ අනෙකුත් පරිගණක වල පෙන්විය යුතුද ලිවීමට ඉඩදිය යුතුද යන්න තීරණය කර ඒ අනුව පහල ඇති කොටු සලකුණු කිරීම කරන්න.

ප්‍රවේශය ටැබයට පිවිස නිර්දේශිත පරිශීලකයන් හට පමණක් ප්‍රවේශ වීමට ඉඩහරින්න තෝරා සාදාගත් පරිශීලකනාමයද එතනින් තෝරාගන්න. හරි බොත්තම ඔබා සැකසුම් සුරක්ෂිත කරන්න.

දැන් ෆෙඩෝරා පරිගණකයේ සැකසුම් කර අවසන්. නමුත් වින්ඩෝස් පරිගණකයකින් ප්‍රවේශ වීමට ෆයර්වෝලය මගින් අවසර ලබාදිය යුතුය.
මේ සඳහා පද්ධතිය --> කළමණාකරණය --> ෆයර්වෝල් වෙත පිවිසෙන්න. එහි samba-client සහ සම්බා තෝරා සළකුණු කරන්න.

දැන් වින්ඩෝස් පරිගණකය හරහා ෆෙඩෝරා පරිගණකයට පිවිස බලන්න

2009-06-09

‍Fedora 11 වෙළුම නිකුත් වූ වගයි.

ඔන්න ‍Fedora 11 නිකුත් වෙලා. ඉතිං ගන්න කැමති අය මෙතනින් ගිහින් අරගන්න.
වැඩිවිස්තර සඳහා නිකුත් සටහන් බලන්න.
‍fc10 Startup එකට තත්පර 30කින් ගියාට මේක තත්පර 20කින් Startup , Boot & Shutdown වේගවත් , තව හොද හොද වැඩ තියෙනව වගේ දාලම තමයි බලන්න ඕන.

Processor and memory requirements for x86 Architectures

The following CPU specifications are stated in terms of Intel processors. Other processors, such as those from AMD, Cyrix, and VIA that are compatible with and equivalent to the following Intel processors, may also be used with Fedora. Fedora 11 requires an Intel Pentium or better processor, and is optimized for Pentium 4 and later processors.
  • Recommended for text-mode: 200 MHz Pentium-class or better
  • Recommended for graphical: 400 MHz Pentium II or better
  • Minimum RAM for text-mode: 128MiB
  • Minimum RAM for graphical: 192MiB
  • Recommended RAM for graphical: 256MiB

Processor and memory requirements for x86_64 architectures

  • Minimum RAM for text-mode: 256MiB
  • Minimum RAM for graphical: 384MiB
  • Recommended RAM for graphical: 512MiB

Hard disk space requirements for all architectures

The complete packages can occupy over 9 GB of disk space.

2009-06-08

ලිනක්ස් දේශීයකරණයට මාගේ දායකත්වය -2

මේ සැරේ හම්බුනේ gcalctool නම් gnome හි ගණකය සිංහලට හැරවීමයි. ඉතිං මේක කරද්දී ගණකය කියල දැනගත්ත නිසා සිංහලට හරවන ගමන් ගණකය විවෘත කරල බල බල තමයි කලේ. සමහර වෙලාවට දාපු වචන දාන තැනට අදාලනොවෙන්න පුලුවන් නිසා තමයි එහෙම කලේ. මුහුණතේ බොත්තම් සිංහලට හරවන්න ගියේ නෑ.කාටත් හුරු ඒ බොත්තම් ටික නිසා. ඉතිං පුලුවන් උපරිම විදියට සිංහලට හැරවීමේ කටයුත්ත කරා. Undo Redo කියන වචන දෙක තමයි ලොකුම ගැටළුවකට තියෙන්නේ. ඒක නිරාකරණය කරගන්න බැරි නිසා ඒවිදියටම තියෙන්න ඇරියා. අන්තිමට ගණකය මෙහෙමයි පේන්න තිබුණේ.



කාට හරි පුලුවන්නම් මේ Undo Redo කියන වචන දෙකට හරියන සිංහල පද දෙකක් කියන්න. මොකද මේක හැම යෙදුමකම වගේ තියෙන නිසා.

වින්ඩෝස්හි ඇති බහලුමක් ජාලය හරහා ලිනක්ස් වලට Share කිරීම

මේක කරල බලන්න නම් පරිගණක Network Environment අවශ්‍ය වෙනවා. තව වින්ඩෝස් සහිත පරිගණකයක් සහ ෆෙඩෝරා සහිත පරිගණකයක්ද අවශ්‍යයි.

Network Environment එකක් ගෙදර කොයින්ද .
පරිගණක දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වෙනවනම් ඒක Network එකක්නේ. ඉතිං වින්ඩෝස් තියෙන පරිගණකයකුයි. ලිනක්ස් තියෙන පරිගණකයකුයි Cross-over කේබල් එකක් අරගෙන Ethernet port වලින් එකිනෙක සම්බන්ධ කරල ගත්තම ඒකත් Network එකක් තමයි.

ෆෙඩෝරා පරිගණකයේ සැකසුම්
මේකට සම්බා අවශ්‍ය වෙනවා. (හාල් නෙවයි. ) ඒක ස්ථාපනය කරගන්න අග්‍රයේ root ලෙස පහත විධානය දෙන්න
# Yum install samba

දැන් පද්ධතිය --> කළමණාකරණය --> සම්බා අනුගමනය කර සම්බා සේවාදායකය මානකරණයට පිවිසෙන්න. එහිට පිවිසීමට root මුරපදය ලබාදිය යුතුය. දැන්
රුචි අරුචි-->සේවාදායකයේ පරිස්ථිතයන්
වෙත ගොස් පහත විස්තර ලබාදෙන්න.

සේවා කණ්ඩායම workgroup
විස්තරය Fedora

එම කවුළුවේම ඇති ආරක්ෂාව ටැබයට පිවිස
අනන්‍යතාවය තහවුරු කරගන්නා ආකාරය පොදුව
රහස් පදයන් සංකේත වලට හරවන්න ඔව්
ආගන්තුක ගිණුම පරිගණකයට ප්‍රවේශවන නාමය හෝ සකස්කරගත් පරිශීලක නාමය
ලබාදී හරි බොත්තම ඔබන්න. ෆෙඩෝරා පරිගණකය සූදානම් කර අවසන්.

දැන් වින්ඩෝස් ඇති පරිගණකයේ MyComputer මත මවුසයේ දකුණු බොත්තම ඔබා properties ලබාගන්න. එහි Computer Name ටැබයෙන් Change --> Name and workgroup ලබාදෙන්න.
Name windows
Workgroup workgroup

තවද User account එකට Password එකක් ලබාදෙන්න (ජාලය තුල හාවිතයට මුරපද අවශ්‍යෙ වේ.

ජාලය සූදානම් කර අවසන්.

දැන් වින්ඩෝස් වල ඇති Folder එකක් Share කරන්න. ඉන්පසු ෆෙඩෝරා පරිගණකයෙන්
ස්ථාන-->සේවාදායකයට සම්බන්ධවන්න මගින් සේවාදායකටය සම්බන්ධවන්න කවුළුව විවෘත කරගන්න. එහි පහත පරිදි සැකසුම් ලබා දෙන්න.

සේවා වර්‍ගය Windows Share
සේවාදායකය windows (වින්ඩෝස් පරිගණකයට ලබාදුන් නම)
බහලුම Share කරන ලද Folder එකේ නම(Share කරද්දී ලබාදුන් නම)
පරිශීලක නම වින්ඩෝස් හි User Name
කලාප නම workgroup
දැන් සම්බන්ධවීම මත එබූ විට මුරපදය විමසා සිටිනු ඇත. එවිට වින්ඩෝස් පරිශීලකට අදාල මුරපදය ලබාදෙන්න.

එවිට ලබාදුන් පරිශීලක නාමය මුරපදය හා කලාප නම නිවැරදි නම් නව කවුලුවකින් වින්ඩෝස් මගින් share කරන ලද Folder එක තුල අඩංගු සියල්ල පෙන්වනු ඇත.

සිහිනපෙන්වන්නා දැන් ෆෙඩෝරා ඇතුලෙ

වෙබ් ඩිසයිනින් වලට මම ගොඩක් වෙලාවට භාවිත කලේ Dreamweaver8 දැන් CS4 වෙළුම ඇවිත් තිබුණත් මම Code කරල කරන නිසාම අලුත් වෙළුමට මාරු වෙන්න හිතුනෙ නෑ. ඒකෙ තියෙන පහසු බව නිසාම තාමත් ඒක මගේ වැඩවලට සෑහෙනවා. අනික අලුතින් එන එන වෙළුමට මාරු වෙන්න ඕන කියල නියමයකුත් නෑනේ. ඉතිං නිකමට මම Dreamweaver8 ස්ථාපන ගොණුව ෆෙඩෝරා මත ධාවනය කරා. හරියයි කියල හිතුනෙ නෑ.
( වයින් වලින් තමයි Setup.exe එක වැඩකරේ. වයින් දාපු දවස් වලම ඒක ගැන කම්පුටරේට ලිවුව වින්ඩෝස් යෙදුම් ලිනක්ස් මත ධාවනය කියල)

ඉතිං සාමාන්‍යයෙන් වින්ඩෝස් වල ස්ථාපනය වෙන විදියටම Dreamweaver8 ලිනක්ස් වල C:\Program files ඇතුලට ස්ථාපනය කලා.

C:\ එකක් ෆෙඩෝරා වල...
C:\ එකක් ලිනක්ස් වල එන්නේ නෑ තමයි. ඒක කරන්නෙ වයින් වලින් වයින් වලින් ලිනක්ස් ඇතුලෙ C:\ එකක් Virtually හදනවා. තව Registy එකකුත් එක්ක. ඉතිං ඒක වින්ඩෝස් වල වැඩ කරන විදියටම වැඩ කරනවා.

කොහොම හරි දැන් මගේ පරිගණකයේ ෆෙඩෝරා වල Dreamweaver8 ධාවනය කරන්න පුලුවන්.


තව දවස් දෙකකින් ඒ කියන්නේ 9 වෙනිදා ෆෙඩෝරා අලුත් වෙළුම වන Fedora 11 LEONIDAS නිකුත් වීමටත් නියමිත වෙලා තියෙනවා.

2009-06-05

ස'වරයට සාදාගත් අඩවියක් එක් කිරීම

Apache ස'වරය ජාලයට නිදහස් කිරීමෙන් පසු එයට අප විසින් සාදා ගන්නා ලද වෙබ් අඩවියක් එක්කරගන්නා අයුරු දැන් බලමු.

වෙබ් අඩවියක් නොමැති නම් ක්ෂණිකව වෙබ් පිටුවක් සකසා ගෙන මෙය පරීක්ෂා කල හැක. මේ සඳහා පහත කේතය gedit, vi, හෝ කැමති Text Editor එකක් මගින් index.html ලෙස var/www/html බහලුම තුල සුරකින්න.



නැත්නම් /var/www/html යන බහලුම තුලට සාදාගත් වෙබ් අඩවිය පිටපත් කරන්න.

නමුත් පිටපත් කල පසුවද පෙන්වන්නේ ෆෙඩෝරා පරීක්ෂණ පිටුවයි. එයට හේතුව වන්නේ සවරයේ Welcome පිටුව ලෙස පරීක්ෂණ පිටුව සකසා තිබීමයි. එය ඉවත් කර අපගේ මුල් පිටුව දිස්වීමට පහත පියවර අනුගමනය කරන්න.


sudo gedit /etc/httpd/conf.d/welcome.conf
විධානය දුන් පසු gedit texteditor එක මගින් welcome.conf ගොනුව විවෘත වේ. එහි අවසන් සිවුපෙල ඉදිරියඑ # ලකුණ යොදා සුරකින්න.

#
# This configuration file enables the default "Welcome"
# page if there is no default index page present for
# the root URL. To disable the Welcome page, comment
# out all the lines below.
#
#<LocationMatch "^/+$">
# Options -Indexes
# ErrorDocument 403 /error/noindex.html
#</LocationMatch>


දැන් ස'වරයට index.htm ද මුල් පිටු ලෙස පෙන්වන ලෙස පහත පරිදි /etc/httd/conf/httpd.conf ගොණුවේ DirectoryIndex කියල තියෙන පේලියට පහත පරිදි index.htm දෙන්න. (මුල්පිටුව home.htm ලෙස පවතී නමි එයද එකතු කරන්න.)

DirectoryIndex index.html index.html.var index.htm


දැන් ස'වරය ඔබගේ අඩවිය ජාලගත කිරීමට සූදානම් වී අවසන්. ජාලගත කිරීමට අග්‍රයේ
sudo /sbin/service httpd restart ලබාදී httd සේවාව නැවත අරඹන්න.

නැතහොත්
පද්ධතිය-->කළමණාකරණය-->සේවාවන්
මගින් httpd තෝරා restart කරන්න.


නැවත ජාලයේ වෙනත් පරිගණකයකින් පෙරසේ ධාරක නාමය හෝ ip ලිපිනය යොදා පරීක්ෂා කරන්න. ඔබගේ අඩවිය එවිට ලැබිය යුතුය

2009-06-04

Apache ස'වරය ජාලයට නිදහස් කිරීම

කලින් ලිපියක සඳහන් කලා Apache Web Server ෆෙඩෝරා මත ස්ථාපනය කරගන්න ආකාරය. ඉතිං ඒක ස්ථාපනය සේවාව විශ්වාසිත කරන තුරු වැඩ කරන්නේ එම පරිගණකයේ පමණයි. වෙබ් සවරය ජාලය තුල භාවිත කිරීමට නම් WWW(HTTP) ක්‍රියාත්මක වන 80 port එක Trusted කල යුතුය.

GUI එකෙන්
පද්ධතිය --> කළමණාකරණය --> ගිනිපවුර(ෆයර්වෝල්)
මගින් ෆයර්වෝල් මානකරණ කවුලුව ලබාගන්න. එහිදී root සදහා වන මුර පදය විමසා සිටින බැවින් එය ලබාදෙන්න.
දැන් විශ්වාසිත සේවා යටතේ WWW(HTTP) 80/tcp පෙලට ඉදිරියෙන් ඇති කොටුව මත ක්ලික් කිරීමෙන් එය සලකුණු කරන්න. දැන් යොදවන්න මගින් සැකසුම සුරක්ෂිත කර‍න්න. දැන්

CLI එකෙන්
අග්‍රයට root ලෙස ප්‍රවේශවන්න.
පහත විධානය මගින් iptables ගොණුව විවෘත කරගන්න.
[root@fedora ~] vi /etc/sysconfig/iptables
INSERT යතුර ඔබා එයට පහත පෙල එකතු කරන්න
-A INPUT -m state --state NEW -m tcp -p tcp --dport 80 -j ACCEPT
දැන් Esc යතුර ඔබා :wq විධානය දී ගොණුව සුරකිමින් ඉවත්වන්න.


ඉහත ආකාර දෙකෙන් පහසු ආකාරයක් භාවිත කර tcp 80 port එක Trusted කල පසු ජාලයේ ඇති වෙනත් පරිගණකයකින් සවරය පරීක්ෂා කරන්න. පරීක්ෂා කිරීමට ජාලයේ ඇති පරිගණකයක අන්තර්ජාල ගවේශකයේ සවරයේ නම හෝ IP ලිපිනය ලබාදුන් විට සැකසුම් නිවරදි නම් පරීක්ෂා පිටුව ලැබේ. නැතහොත් httpd නැවත ආරම්භ කර උත්සහ කරන්න.
උදා: Fedora.host නමින් ස'වරයේ ධාරක නාමය ලබාදී ඇත්නම්
"http://fedora/" ලෙස ගවේශකයේ ලිපින තීරුවට ලිපිනය ලබාදෙන්න.
නැතහොත්
"http://" ට පසුව සවරයේ ip ලිපිනය යොදන්න.

‍මගේ ෆෙඩෝරා පාරිසරිකය

ෆෙඩෝරා gonme පාරිසරිකය තමයි මං භාවිතා කරන්නේ. ඉතිං සරලම වැඩ ටික දාල පොඩ්‍ඩක් හදාගත්ත. දැන් බලන්නකෝ ලස්සනයිද කියල. පැහැදිලිව බලාගන්න මේක උඩ ඔබල බලන්න. සිංහලෙන් තමයි සේරම වැඩ.
මුලින්ම කරේ පැනල දෙකට පසුබිම් වර්ණය සුදු දාල පාරදෘශ්‍ය ආකාරයට සකස් කරපු එක. ඊට පස්සේ අග්‍රයටත් අලුත් පැතිකඩ පෙනුමක් ලබාදුන්න නිල් මිශ්‍රකරල. දැන් නියම පෙනුමක් තියෙනවා.
ඊලඟට ඩෙක්ස්ටොප් රංග සැරසිලි සක්‍රිය කරල ගත්ත. දැන් පාරිසරික හතර ඝනයක ආකාරයට තමයි තියෙන්නේ. මාරු කරන කොට කැ‍රකෙනවා. තව කවුළුවක් හෙලෙව්වොත් පේන විදිය රබර් කවුලුවක් කියල හැ‍ඟෙනවා. Compiz වල වැඩකිඩ තමයි.
තව ‍වැඩකෑලි දාන්න පුලුවන් Emerald දාගත්තනම්
බලන්න මේක කොහොමද කියල (මේක මගේ එක නම් නෙවෙයි.)
Youtube එකෙන් ඉෆෙක්ට් ගැන හොයල තමයි ගත්තේ.



පේන විදියට මේක නම් Beryl වලින් හරි Emerald වලින් හරි කරපු වැඩක්.
Beryl
Emrald

කමෙන්ටයක් සිදුකල හදිය

කමෙන්ට් ගැන කිවුවම කට්ටිය හිතන්නේ බ්ලොග් පෝස්ට් වලට දාන කමෙන්ට් කියලනේ. ඒ කමෙනට් නෙවෙයි Web Designing Programming වලත් කමෙන්ට් තියෙනවානේ. මේක ඇවිල්ල HTML කමෙන්ට් එකක් නිසා වෙච්ච දෙයක්. (HTML කමෙන්ට් ගවේශකයේ පෙන්නන්නේනෑ. ඒක දාන්නෙ පසු ප්‍රයෝජනය සඳහා කරපු දේ ගැන විස්තර කරන්න.)

මගේ පෙරනිමි ගවේශකය ලෙස තියෙන්නේ ෆයර්ෆොක්ස්නේ. ඉතිං වෙබ් පිටුවක් හදල පෙරදසුන බලන්න දුන්නම ෆයර්ෆොක්ස් වලින් තමයි පේන්නෙ. තව පද්දතියේ ක්රෝම් සහ IE8 ස්ථාපනය කරල තියෙනවා.
IE8 නම් ලෙඩ ගොඩක් විවෘත කරාම වෙලාවකට අනිත් ගවේශක වලින් ජාලයට ගියත් මේකේ පිටු හොයාගන්න බෑ කියනවා. සබදතාව පරීක්ෂාකරන්න කියනවා. Web Designing කරද්දී ගවේශක කිහිපයකින් පරීක්ෂාකරන එක කෝකටත් හොදයිනේ.

මං සාමාන්‍යයෙන් ‍Coding කරන කොට මගේ විස්තරයකුත් ඒකට එකතු කරනවා. ඉතිං අද දාපු කමෙන්ට් එක දාල තිබුනේ Html ටැග් එකටත් කලින්.
<!-- My Comment ->
<HTML>
<HEAD>
<TITLE>My Title</TITLE>
</HEAD>
<BODY>
අන්තර්ගතය
</BODY>
</HTML>
හදන ගමන් ෆයර්ෆොක්ස් වලිනුත් බලල වැරදි එහෙමත් හැදුවා. ඉතිං පිටු දෙකක තිබුණ පින්තූර ටිකක් ලොකු කරල පෙන්නන්න තැනක්. එතනදි මම java script එකක් දාල ඒ පිටුවෙම මැද්දෙන් පෙන්නන්න හැදුව.
‍ෆයර් ෆොක්ස් වලින් දැන් ‍ඔක්කොම පිටු ටික නියමෙට පෙන්නනවා. වැඩේ හරි. ලස්සනට පිටුව මැදට වෙන්න පෙන්නනවා.ක්රෝම් වලත් අවුලක් උනේ නෑ. අද උදේ නිකමට මම IE8 වලින් පරීක්ෂා කරා. මුලින්ම පිටුව වත් පෙන්නුවෙ නෑ. (ඒක නම් IE8 වල ලෙඩේ) වහල ආයිම IE8 ‍වල msn මුල් පිටුව පෙන්නනකං ඉදල localhost දුන්න. එපාර හරි. ඒත් මාර වැඩේ අර මැදට වෙන්න හදපු image viewer එක පෙන්නන්නේ වම් පැත්තට වෙන්න.

ඉතිං හොයන්න ගත්ත මොකද උනේ කියල. Script Coding වල ‍කිසි වැරද්දක් වෙලා නෑ. එපාර CSS වල අවුලක් කියල හිතුන. Justify සහ Right කියල තිබුණු සේරම Center කරා. හරිගියේ නෑ. ඉතිං CTRL+Z තමයි. ඔක්කොම වෙන පිටුවකට කොපිකරල වෙනස්කම් කරන්න ගත්ත. හරිගියේ නෑ. අන්තිමට පින්තූරෙට ලින්ක් එක විතරක් තියල අනිත් සේරම අන්තර්ගතය අයින් කරා. මෙන්න වැඩ කරනවා.
අන්තර්ගතයන් එකින් එක ආයිම දාල බලද්දී තමයි අහුවුනේ කමෙන්ට් එක නිසා තමයි මේ වැඩේ වෙන්නෙ කියලා.
ඉතිං කමෙන්ට් එක HEAD ටැග් එක ඇතුලට දැම්මා.

<HTML>
<HEAD>
<!-- My Comment ->
<TITLE>My Title</TITLE>
</HEAD>
<BODY>
අන්තර්ගතය
</BODY>
</HTML>
එපාර නම් හරි. කොහොම හරි මේ කමෙන්ට් එක නිසා උදේ වරුවම ඉවරයි.
IE නිසා විදවපු තරමක්. කොහොම හරි මීට පස්සෙ නම් කමෙන්ට් දාන්නෙ <HTML> </HTML> අතර තමයි.

2009-06-01

YUM සඳහා GUI එකක්

ලිනක්ස් වල වැඩ කරන්න සමහරු ආස නැත්තේ CLI එකක් කියල හිතලනේ. ඒක එහෙමමත් නෙවෙයි. GUIත් ලිනකස් වල තියෙනවා.
දැන් නම් ෆෙඩෝරා වල සිංහල භාෂාවෙන්ම තියෙන ලස්සන GUI එකක් තියෙනවා.

ඉතිං කියන්න ගියේ ඒක ගැන නෙවෙයිනෙ. වෙනදා මෘදුකාංග කළමණාකරණය කිරීමට භාවිතා කලේ අග්‍රයේ
yum install/remove/update විධාන අග්‍රයේ යතුරු ලියනය කරලනේ. ඉතිං යතුරු ලියනය කරන්න අකමැති නම් මවුසය මගින්ම මෘදුකාංග කළමණාකරණය කරගන්න පුලුවන් YUM වල GUI එක හරහා.
ඉතිං මේ YUM GUI එකේ නම තමයි Yum Extender.

yum extenter ස්ථාපනය කිරීමට පහත විධානය Terminal එකට root ලෙස ප්‍රවේශ වී ලබාදෙන්න.
[root@fedora]# sudo yum install yumex

මේ තියෙන්නේ මෘදුකාංග කළමණාකරණය කරන මුහුණත. පරිශීලකට තියෙන්නේ අවශ්‍ය යෙදුම් තේරීම හෝ ඉවත් කිරීම කර Process Queue බටනය මත ක්ලික් කිරීමයි.

එවිට ඔබ සිදු කරන ලද වෙනස් කිරීම් අනුව මෘදුකාංග ස්ථාපනය හෝ ඉවත්වීම සිදුවේ.
Yum Clean All විධානය පවා Tools-->Yum Clean All ලෙස මෙහි දකින්නට ලැබෙනවා.


තවද මෙමගින් repositories සක්‍රිය කිරීමට හා අක්‍රිය කිරීමටද පහසුකම ලබාදී තිබෙනවා. කල යුත්තේ Repository Seleciton View මගින් අවශ්‍ය Repository සලකුණු කිරීම හෝ සලකුණු ඉවත් කිරීම පමණයි.