Pages

2009-05-10

ෆෙඩෝරා මත Apache Web Server ස්ථාපනය කිරීම සහ සැකසීම

ලිනක්ස් හි සම්මත වෙබ් සවරය වන්නේ ‍Apache වේ. එහි සේවාව httpd ලෙස ලිනක්ස් හිදී හදුන්වනු ලැබේ. පහත දැක්වෙන්නේ Apache සවරය ෆෙඩෝරා තුල නිවැරදිව ස්ථාපනය කිරීම සහ සැකසීම සිදු කරන ආකාරයයි

මෙම Apache සවරය ෆෙඩෝරා මත ස්ථාපනය වී ඇත්දැයි දැන ගැනීමට,
අග්‍රය හෙවත් ටමිනලය තුල rpm -q httpd‍ යන විධානය දෙන්න.
එවිට එය ස්ථාපනය වී ඇත්නම් ස්ථාපිත වෙලුම පහත පරිදි පෙන්වයි.
httpd-2.2.11-2.fc10.i386
ඉහත වෙලුම වෙනුවට
package httpd is not installed ලෙස දිස්වේ නම් පලමුව httpd ස්ථාපනය කරගන්න.

httpd ස්ථාපනය කිරීමට
yum install httpd

වෙබ් සවරය ආරම්භ කිරීම
සවරය ස්ථාපනය කිරීමෙන් පසුව ඊලග පියවර ලෙස වෙබ් සවරය ක්‍රියාත්මක වී ඇත්දැයි සැකහැර දැනගන්න.
‍සවරයේ තත්වය
/sbin/service httpd status
විධානය මගින් පෙන්වයි.
httpd (pid xxxx) is running... ලෙස පෙන්වයි නම් දැනටමත් වෙබ් සවරය ධාවනය වෙමින් පවතියි.

httpd is stopped ‍ලෙස දිස්වේ නම් වෙබ් සවරය ධාවනය කිරීමට
/sbin/chkconfig --level 3 httpd on විධානය ලබාදී සවරයේ තත්වය නැවත බලන්න.

වෙබ් සවරය පරීක්ෂා කිරීම.
දැන් වෙබ් සවරය පරීක්ෂා කිරීම සඳහා ඔබේ වෙබ් බ්‍රවුසරයේ ලිපින තීරුව තුල Loop back ජාල ලිපිනය (127.0.0.1) හෝ localhost යන්න ඇතුලත් කර එන්ටර් කරන්න.

දැන් බ්‍රවුසරය තුල ඉහත පරිදි ෆෙඩෝරා පරීක්ෂණ පිටුව දිස්වේ නම් ඔබගේ සවරය සාර්ථකව ක්‍රියා කරයි.

මීලග පියවර >>සවරය ජාලයට නිදහස් කිරීම

0 අදහස්:

Post a Comment

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ