Pages

2010-03-02

තවත් Facebook වයිරසයක් වේගයෙන් පැතිරී යයි




මේ අවස්ථාව වන විට Facebook ජාලය තුල වයිරසයක් පැතිරෙමින් පවතින අතර එය ඔබේ මිතුරන් ලෙසින් මිතුරන්ගේ පින්තූර වලට කමෙන්ට් දමමින් යනු දැකගත හැක. පහත දැක්වන්නේ එම වයිරසය මගින් දැමූ කමෙන්ට කිහිපයකි.

Plsssss help.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

Come if you are my friends.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

Thanks all.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

Love you soooooooo much.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

this is a tough game, please teach me.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/


මෙය වෙනස් වෙනස් ආකාර වලින්ද පැවතිය හැක. එය මත වැරදී හෝ ක්ලික් වීමක් සිදු උනේ නම් පහත පරිදි අවසර විමසීමක් කරනු ඇත. එහිදි කිසිම විටක අවසර ලබා නොදෙන්න. අවසර දුන හොත් එය පැතිර යාමට ඔබේ ගිනුමද භාවිතා කරනු ඇති.


මෙවන් ‍application වලින් ප්‍රවේසම් වෙන්න. සැකකටයුතු application භාවිතා කිරීමෙන් වලකින්න. හැකියාව ඇත්නම් හැකිතරම් application භාවිතය අඩු කරන්න.

16 අදහස්:

  1. මටත් ඔය sims 3 කියන මගුල අවා. දැන්නම් වෙන්න ඔන ඔක්කොම වෙලා ඉවරයි. පරක්කු වෙලා හරි දැන්නුව එකටනම් බොහෝම ස්තුතයි ! :D

    ReplyDelete
  2. ඉතිං අතුරු ආබාධ මොනවද ආවේ කියල ලිවුනං බලන්න අපට දැනගන්න.

    ReplyDelete
  3. ම්ම් එහෙම කියලා විශේෂ යමක් නම් නෑ. හැබැයි දෙතුන් දෙනෙක් එක්ක chat කරන කොටනම් බ්‍රවුසර් එක ඉස්ටක් වෙනවා :D එකද දන්නැ අතුරු ප්‍රතිඵලය !!

    ReplyDelete
  4. මම නං ඉතිං දැන් කිසිම ඇප් එකක් allow කරන්නනෙ නැහැ.

    ReplyDelete
  5. මන් මුලින් මේක වයිරස් එකක් කියලා දන්නේ නැතුව මාව ටැග් කරපු යාළුවෝ දෙතුන් දෙනෙක්ම බ්ලොක් කරලා දැම්මා.

    ReplyDelete
  6. අතුරු අබාධ නැහෑ එ උනත් ඔකෙන් අර එන ලෙඩේ තමා තියෙන්නෙ. යලුවෙක් ගෙන් එනවා වගේ නේ පෙන්නේ [ අහුවෙච්චි අය ] . ඉතින් අපිත් කිල්ක් කරාම මේ යලුවා කියලා තියෙන විදිහට අපේ නමත් අරගෙන ඔය පාර දානවා..
    කොහේද අපේ උන්ට ඉවසගන්න බැහැ නේ එකේ තියෙන පින්තුරේ දැක්කාම

    ReplyDelete
  7. @Bunny!
    දැනට නම් පැතීරීම විතරක් වගේ පේන්නේ

    ReplyDelete
  8. @තමීර | Thameera
    හොද තීරණයක් මමත් කිසිම ඇප් එකකට ප'මිෂන් දෙන්නෙ නැහැ.

    ReplyDelete
  9. @ම
    මං හිතුවෙ උන් ස්පෑම් කරනව කියලා ඇප් එකක් හදල පබ්ලිසිටියක් දෙන්න හදනව කියලා මං කරදේ ස්පෑම් කරන්න එපා කියල ආයි කමෙන්ට් කරා. ඒ කමෙන්ට් එකට පස්සෙත් තව දෙපාරක් ඒකම ආව

    ReplyDelete
  10. @උදාරයා
    අහු‍වුන අයට මේක බ්ලොක් කරන්න පුලුවන්. නැත්තං බ්ලොක් කරනකංම පින්තූර වලට කමෙන්ට් දාගෙන යයි

    ReplyDelete
  11. එල එල, ඔන්න මමත් මේ පෝස්ට් එකට ලිංක් එකක් දැම්මා

    ReplyDelete
  12. හපොයි මමත් අහුවෙච්චි....

    ReplyDelete
  13. @මධූ වීරකෝන්
    ඒ වගේ දෙයක් වෙනකොට ඇප්ලිකේෂන් එකේ අවසර අයින් කරානම් හරි.
    ඇප්ලිකේෂන් එකකට ප'මිෂන් දෙනව කියන්නේ. ඒකට අපේ ප්‍රොෆයිල්එකේ තියෙන සේරම වගේ පාවිච්චි කරන්න අවසර හම්බෙනව කියන එක.

    ReplyDelete
  14. යාලු මමත් මේ ටික කොපි කර ගන්නද මගේ යාලුවන්ට send කරන්න

    ReplyDelete
  15. @ගීත් Nu1
    ආ අවුලක් නෑ. දැනටමත් එලකිරි.කොම් එකේ මේකට ලිංක් එකක් එක්ක මේකම දාල තියෙනවා මම දැක්කා.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ