Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2009-03-31

මූණුපොතේ යාවත්කාලීන දැන් SMS වලින්

දැන් මූණු පොතෙන් notification sms මාර්ගයෙනුත් දැන ගන්න පුළුවන්.
මේ මොබිටෙල් සයිට් එකෙත් දාල තියෙන්නේ


වැඩි විස්තර මෙතනින්


මෙන්න මූණු පොතේ තියෙන විදිය
Facebook is now available via SMS. Click here to activate. Once activated, you can update your status by texting it to FBOOK (ඔබේ fbඅංකය). Learn more.

2009-03-26

ටෙලිවිෂන් ෂෝ බලන්න

මට හම්බුනා ටෙලිවිෂන් ෂෝ බලන්න පුලුවන් නියම තැනක්. ඉතින් කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුනා. මෙන්න ගිහිල්ලම බලන්න.

Blinkx Video Search Engine 

2009-03-23

Fire Foxහි Address Bar එක Progress Bar එකක් කිරීම

මේක කරන්නේ Fire Fox addon එකකින්.‍Fire fox හි පිටුවක් පූරණය වන විට එහි පූරණය වූ ප්‍රමාණය මෙහිදී Address bar එකෙහි දිස්වේ.ඒක මෙතනින් එකතු කරගන්න

     

Fission 1.0.3



2009-03-18

Share නොකර Share කිරීම

හොයාගත්තෙ මෙහෙමයි
මේ කියන්න යනදේ නම් Server එක්ක වැඩ කරද්දී හුඟ කාලෙකට කලින් මට ඉගෙන ගන්න ලැබුණු එකක්. මට නම් පන්ති ගිහින් ඉගෙන ගත්තට මතක හිටිනව අඩුයි. Self Study හරි පැට්‍රිකල් හරි කරපු දෙයක් නම් හොදට මතක තියෙනව. මේකත් ඒ වගේ ඉගෙන ගත්තෙ.

මේකයි වැඩේ.
නෙ‍ට්වර්ක් එකක ෆොල්ඩර් එකක් Share කලාම ඒකෙ icon එක අතක් එක්ක තියෙන ෆොල්ඩර් එකක් විදියටයි පෙන්නන්නෙ හරියට මේ වගේ.

ඒත් මේ කියන්න යන ක්‍රමේදී මුර පදයක් යෙදූ පරිශීලක ගිණුමක් පරිගණකයේ තියෙන්න ඕන.
අනිත් එක තමයි මේ විදියට share කලාම ඒ පරිශීලකගේ මුරපදය දන්නා අයෙකුට දෘඩතැටියේ ගවේෂණය කල හැකි සියලුම ස්ථාන වලට වෙනත් පරිගණකයක් මගින් පිවිසිය හැකි වෙනවා. ලිනක්ස් වල සම්බා වලිනුත් ඇතුලුවෙන්න පුලුවන්.

කරන්න තියෙන්නෙ මෙච්චරයි.
ෆොල්ඩර් ඔප්ෂන් වල view ටැබ් එකේ advance settings යටතේ ඇති අවසන් තේරීම [use simple file sharing(Recommended) කියල තියෙන තේරීම] අවලංගු කරන්න.(ඉදිරියෙන් ඇති හරි සලකුණ නැති කිරීමෙන් මෙය කල හැක).
දැන් ඔබේ දෘඩ තැටියේ රයිට් ක්ලික කර එන මෙනුවෙන් sharing and security... තේරීමෙන් පසු එය දැන් share වී ඇති බව දැකගත හැක.
දැන් share නොකර share කිරීම සිදුකර අවසන්.

බලන්නෙ
share කරපු විදිය බලන්න අනිත් පරිගණකයේ explorer හෝ internet browser එකේ (Fire fox also worked, Konqueror) address bar එකේ මෙලෙස ලබාදෙන්න'
" \\<ඔබ‍ගේ පරිගණකයේ නම හෝ ip ලිපිනය>\<අදාල ධාවකයේ අකුර>$ "
උදා: C ධාවකයට ඇතුලුවීමට නම් "\\Tharaka_PC\C$"
ඉහත පියවරවල් නිවැරදිව සිදු කලා නම් පරිශීලක නාමය හා මුර පදය විමසන කවුලුවක් විවෘත වනු ඇත.
ඇතුලු වීමට අවශ්‍ය පරිගණකයේ පරිශීලක නාමය හා මුරපදය සඳහන් කර OK කරන්න. එම පරිගණකයේ අදාල ධාවකය තුල ඇති ගොනු සහ ෆයිල් දිස්වනු ඇති.

ප.ලි:මෙය මා අතින් නිතර භාවිත වන දෙයක්. ලිව්වෙ නම් මතකින්.මොකද මේ වෙලාවෙ මේ‍කෙ විතරයි වැඩ. wamp දුවන නිසා වැඩ කරනවද කියල හිතාගන්න බෑ. වැරදි තියෙනවද කියලත් බලන්න.ආ තව ටිකෙන් අමතක වෙනවා. ලියන ක්‍රමෙත් පොඩ්ඩක් වෙනස් කරා.




2009-03-15

ඕනම පරිගණක දෙකක් අතර VPN එකක්

මුලින්ම කියන්න ඕන. මේකත් මම අත්හදා බලපු එකක්. ADSL වලින් VPN හදල බැලුවා. Dialog එකකට Remotely ලොග් උනා. කලේ මේකෙන්
 
අනිත් අයත් එක්ක තමන්ගේ files හුවමාරු කරගන්නත් පුලුවන්. පෞද්ගලික භාවිතයට නොමිලේ දෙනවා.
ෆයර්වෝල් IP ගැන වදවෙන්න ඕනත් නෑ. උවමනා වෙන්නේ දෙපැත්තෙම මේක දාල තියෙන එකයි.

ආරක්ෂාව ගැන කියනවනම් අහඹු අංකයක් ආරම්භ‍ වෙද්දි දෙනවා. ඒක පරිගණකයට ඇතුළු වෙන කෙනාට මුරපදයක් වගේ. ඒක නැතුව ඇතුලු වෙන්න බෑ. ඒක නිසා අයිතිකරු නොදැන පරිගණකයට ඇතුළු වෙන්න හැකියාවක් නෑ.

හැබයි අනිත් අයට ඇතිවෙන ප්‍රශ්න තේරුම් ගන්න මරු. (කිව්වට නොතේරිච්ච ඒවා) මේකෙන් බලල මම දෙන්නෙක්ගෙ ප්‍රශ්නවලට විසදුම් දීලත් තියෙනවා.