Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2009-04-28

නොමිලේ ඊ-මේල් එකෙන්ම SMS / MMSයවන්න.

ලංකාවෙ නොමිලේ SMS යවන වෙබ් සයිට් ගොඩක් දැකල තියෙනවා. ඒත් බොහොමයක් ඊ-මේල් සේවාව මත පදනම් වූ ඒවා.

මේක මම පාවිච්චි කරන්න අරන් ගොඩක් කල්. හැමෝගෙම දැනගැනීම සඳහා ‍බ්ලොග් එකේ දාන්න හිතුවා.

ඉතිං කරන්න තියෙන්නේ මෙච්චරයි.

මොබිටෙල් නම්
9471XXXXXXX@sms.mobitel.lk

ඩයලොග් සඳහා
+9477XXXXXXX@mms.dialog.lk

ලංකාබෙල් සදහා
0915XXXXXX@sms.bellmail.lk

ටීගෝ සඳහා
+9472XXXXXXX@mms.celltel.lk

යන ලිපිනයන්ට ඊමේල් කිරීම විතරයි.

MMS යවන්න නම් SMS කියන තැනට MMS ලෙස වෙනස් කර යවන්න.

**හොදින්ම අත්හදා බලා ඇත්තේ මොබිටෙල් පමණි.(මා සතුව ඇත්තේ මොබිටෙල් සබඳතාවයක් බැවින්)
ලංකාබෙල් සදහා බෙල්මේල් ඇක්ටිව් වියයුතුයි.

PC Connectivity නොමැති MMS පමණක් ඇති ජංගම දුරකතන සඳහා ජායාරූප සහ MID Sounds දැමීම සඳහාත් මෙය භාවිතා කල හැක.

ඔබත් උත්සහ කර බලන්න.

2009-04-26

මාත් BIOS අලුත් කලා

මේ පාර ටිකක් රිස්ක් එකක් තියෙන වැඩක් කරන්න හිතුනා. ඒ තමයි BIOSඅප්ඩේට් කරන එක. පොඩ්ඩක් හරි වැරදුණොත් මවු‍පුවරුවේ අවසානය තමයි. ඒත් අලුත් මවුපුවරුවල රිකවරි ඔප්ෂන් එකක් තියෙන නිසා ටිකක් හරි සහනයක් තියෙනවා. මේකෙත් ඒක තියෙනව කියල තමයි Intel සයිට් එකේ ති‍බුණේ.
මගේ ලඟ තියෙන්නෙ Intel D945GCCR මවුපුවරුවක්. තිබුනේ CR94510J.86A.0049.2007.0522.1433 BIOS වෙලුම. Intel සයිට් එකේ ගිහින් බැලුව මවු පුවරුවෙ විස්තර ඒකෙ තිබුණ විදියට අප්ඩේට් ක්‍රම තුනක් තිබුණා.

  • Recovery BIOS Update [CR0060.BIO]

  • Iflash BIOS Update / Integrator Toolkit BIOS Files [CR94510J.86A.0060.BI.ZIP]

  • Express BIOS Update [CR94510J.86A.0060.EB.EXE]


  • මේවයින් මම තොර ගත්තේ තුන්වන ක්‍රමේ.
    වින්ඩෝස් උඩ ඉදගෙන තමයි කරේ.

    Express BIOS Update ගොනුව භාගත කරගෙන ඒක ධාවනය කරා.Restart උනා. විනාඩි තුනයි. බයෝස් අප්ඩේට්.

    හැබයි අමතර මුකුත් ෆන්ෂන් නම් එකතු වෙලා තිබුනේ නෑ.

    2009-04-24

    සද්දේට වැඩ දැම්මෝ

    බොහෝමයක් ලිනක්ස් වල සවුන්ඩ් කාඩ් වල Functions නිවැරදිව වැඩ කරන්නේ නෑ. මේ ගැන ටෙක් කතා වලත් කතා කලා මතකයි. මගේ On Board එකට අමතරව Creative SBLive 5.1 සවුන්ඩ් කාඩ් එකක් භාවිතා කරනවා. ඒත් මම Onboard එක disable කරලත් නෑ. දෙකෙන්ම වැඩ ගන්නවා. ඉතිං ෆෙඩෝරා වල rear ස්පීකර් configuration තිබුනට වැඩ නෑ. නෙට් එකෙන් හොයල සෙල්ලමක් දැම්මා OSS වලට. තිබ්බ ටිකත් නැතුව ගියා. යංතං ඒක රිමූ කරල restart කරල ගත්තම ආයිම තිබුණු තත්වෙට ආව.
    තව පොඩ්ඩෙං rear හදන්න ගිහින් front දෙකත් නැතිව යනවා.

    Fedora වලින් මගේ පලමු ප්‍රින්ට් කිරීම

    මේ වෙනකන් ෆෙඩෝරා දාල තිබුනට කවදාවත් ෆෙඩෝරා වලින් ප්‍රින්ට් එකක් අරගෙන තිබුනේ නෑ. ඉතින් ට්‍රයි එකක් දීල බැලුවා.
    පටන් ගත්තෙම අනිත් පැත්තට.
    ප්‍රින්ට් කරන්න ගත්තෙ application එකක්.ප්‍රින්ටරේට power දීල ඕපන් කරල ප්‍රින්ට් දුනනා. ප්‍රින්ටරේ පේන්නන්නෙ නෑ. කොනක ඉදන් බැලුවා. ප්‍රින්ටරේ කේබල් එක හයි කරල නෑ. ඉතින් හයි කරා. ප්‍රින්ටරේ අදුනගත්තා. නමත් එක්කම පෙන්නුම් කරා. වැඩේ හරි වගේ කියල හිතුන නිසා ප්‍රින්ට් දුන්නා. හරි ගියේ නෑ. ප්‍රින්ටරේ සම්බන්ධවෙලා නෑ කියල පණිවිඩයක් දුන්න මිසක් කොල වත් ගත්තෙ නැ. වැඩේ හදිසි නිසා ආයිම වින්ඩෝස් වලට ගිහින් ප්‍රින්ට් කරන්න හැදුවා. කොල නම් ගත්ත. ප්‍රින්ට් එකත් ගහන්න ගත්ත. හැබයි කොලේ මොනවත් වැදිල නෑ. පෙනුන විදියට පාවිච්චි නොකර තිබුන නිසා තීන්ත හයිවෙලා. මොනව කරන්නද වැඩේ අතෑරල දැම්මා. application එක පෙන් එකට දාල දුන්නා. ඔන්න ඔහොමයි ප්‍රින්ට් කිරිල්ල. මදැයි කොලා. පස්සෙ වෙලාවක් බලන්න කියල තිබ්බා.

    2009-04-21

    අවුරුදු නිවාඩුව

    ඔන්න පොඩි විරාමයකට පස්සේ ආයිම ම‍ගේ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නෙ. ඒ ටික කා‍ලය තුලත් ගොඩක් දේවල් සිද්ද උනා. ‍මේ මට අවුරුද්දට ලැබුණු දේ.මොකක්ද දන්නවද 250GB Hard Disk එකක්. තිබුනේ 160GB ‍Hard Disk එකක්. ඉතින් අයිය නිවාඩු ආවම 250ක් ගෙනත් තිබුණ එක අරන් ගියා. ඉතින් ගෙනාපු දවසෙ ඉදල ඒ වැඩ කර කර හිටිය මිසක් වෙන වැඩක් කරන්න හම්බුනේ නෑ. මුලින්ම කලේ පාටිෂන් හදපු එක. ඒකත් කලේ ගොඩක් කල්පනා කරල. හිතාගන්න බෑ කොහොම කඩන්නද කියල. අන්තිමේ පාටිෂන් කරා මෙහෙම
    C: 30GB
    D: 60GB
    E: 60GB
    F: 60GB
    ඉතිරිය පාටිෂන් නොකර තිබ්බා. මොකටද කියල පස්සෙ කියන්නම්

    මුලින්ම ඉතින් C: එකට XP ‍දාගත්ත.
    ඩ්‍රයිවර්ස් එහෙමත් දාගෙන ඉවරවෙලා පටන්ගත්ත ඩේටා කොපි කරන්න.
    තෝර තෝර වෙන්කර කර දාපු ‍නිසා ගොඩක් ‍වෙලා යන වැඩක් උනා.

    D: එකට තිබුණු සොෆ්ට්වෙයා(ර්)ස් ටිකයි ඊ-බුක්ස් සහ අධ්‍යාපනික වටිනාකමක් ඇති සියලුම දේ කොපි කලා
    E: එකට ඕඩියෝ
    F: එකට වීඩියෝස් ටිකත් කොපි කලා.

    ඒ ටික කරද්දී ඉතින් අවුරුද්දත් පහුවෙල.
    ඊගාවට ඉතින් ආයිම අන්පාටිෂන් ස්පේස් එකට Fedora 10 ස්ථාපනය කරා. use continous large space කියන එක දීල. ඒක තමයි මට ‍හිතුන ලේසිම ක්‍රමය Fedora දාද්දී.
    නැතිනම් /boot එකට 200MB /swap එකට Ram එක වගේ දෙගුණයකුත් /root/ එකට ඉතිරියත් තියල අතින් හදල තමයි දාන්න තියෙන්නෙ.

    මේව කරද්දීත් ඉතින් ගෙදරට එන අයත් එක්ක කතා කරන්න. නෑ ගෙවල් වල යන්නත් කාලය වෙන් කරගත්න උනා ඒක නිසා ඉතින් නිවාඩුව ඉවර වෙනකං මේටික තමයි කරේ.
    අවුරුද්ද දවස් දෙකම කලේ ක්‍රිකට් ගහපු එක. මේ සැරේ අවුරුදු උත්සවයක් කියල බලන්න ගියේ ගෝනපිනුවල විජය ක්‍රීඩා සමාජයේ අවුරුදු උත්සවය.

    ඉතිං අමතක කරන්න බෑනේ අපේ සිංහල බ්ලොග් කරුව‍න්ගේ සංගමය මෙහෙයවපු බ්ලොග් මැරතන් එක. ඒකට දැම්මෙත් පටන් ගන්න විනාඩියකට කලිං. කොහොම හරි මැරතන් දුවන්න හිටියෙ අතේ ඇඟිලි ගානට වගේ ටික‍ දෙනෙක්. මං හිතං හිටියේ ගොඩක් දෙනෙක් මේපාර සහභාගී වෙයි කියල. ඒත් කට්ටියම IRC එකට සෙට් වෙල හිටිය.
    ඉතිං කට්ටියත් එක්ක ‍ටෙක්කතා සජීවී විකාෂයත් අහගෙනම IRC එකේ චැට් එකට සෙට් උනා.
    ඇත්තටම මේ අය හැබහින් දැකල නැති උනාට ගොඩක් කල් ඉදන් අඳුනන අය ‍වගේ තමයි දැ‍නුනේ. ඉතිං චැට් කරන කොට හිත් රිදීම් එහෙමත් ඇති නොවුනෙමත් නෑ.ඒත් ඉතිං කවුද ඕව ගනං ගන්නෙ. චැට් එකට සෙට් උනාම ඉතිං දුවන්නත් අමතක වෙනව. ඒ අතරෙ බුරුත කොට ඉරන සද්දත් ඇහුනා. ඉතිං පහුවෙනිදා යාලුවො ටික දෙනෙක් ගෙදර එනව කිවුව නිසා 2 ‍විතර වෙනකං දිවුවා. පහුවෙනිද උදේම නැගිටපුගමන් ආයිම සෙට් උනේ. ඒත් බ්ලොග් එකේ පොඩ් අවුලක් ආපු නිසා දාපු පෝස්ට් එක පබ්ලිෂ් උනේ නෑ. කොහොමත් තවත් ලියන්න හම්බුනේ නෑ. දවල් කට්ටිය ආපු නිසා. කොහොම උනත් මැරතන් එකනම් මාර ෆන්.

    ඊයෙ ආයිම college පටන් ගත්ත. අද කියාපි ලබන සතියෙ Network තියරි test එකක් දෙනව කියල. ප්‍රැට්‍රිකල් නම් අවුලක් නෑ. ඒත් තියරි.

    ඉතිං තවම වැඩ ටිකේ ඉවරයක් නෑ. තාම virtual box එකේ start නොවෙන ප්‍රශ්නෙ හදාගන්න try එකක් දෙනගමන් මේකත් ලියන්නේ.