Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2010-07-13

Windows සඳහා Bluetooth Drivers


Linux වලදී Bluetooth Dongle එකක් සම්බන්ධ කල සැනින් එය හඳුනා ගන්නා බැවින් එසැනින්ම ගොනු හුවමාරුව සිදු කිරීමට සූදානම් වුවත් Windows වලදී එය හඳුන්වා දිය යුතු වෙනවා.
BlueSoleil මෘදුකාංගය ස්ථාපනය කිරීමෙන් Drivers ලබාගත්තද එහිදී මෘදුකාංගයද ස්ථාපනය වේ. නමුත් Drivers පමණක් ස්ථාපනය කිරීම මගින් PC Suite සඳහා සහය දැක්වීම මෙන්ම එවන් තුන්වන පාර්ශව මෘදුකාංග ස්ථාපනය කිරීමෙන් තොරව Windows මගින්ම පරිගණකය වෙත ගොනු ගෙන්වා ගැනීම හෝ පහසුවෙන්ම ගොනු වෙනත් උපකරණයක් වෙත යැවීම සිදුකල හැකියි.

Windows XP SP3 සඳහා නම් පැන නගින කවුලුවෙන් අන්තර්ජාලයෙන් ස්වයංක්‍රීයව සොයාගන්නා ලෙස සලකුණු කල විට එය ස්වයංක්‍රීයව ස්ථාපනය වේ.
නමුත් Windows XP SP2 සඳහා එලෙස අන්තර්ජාලයෙන් සොයාගැනීමට අසමර්ථවෙයි. එයට පොඩි පිලියමක් යොදාගත හැක.
මුලින්ම Dongle එක පරිගණකයට සම්බන්ධ කර BlueToothInstaller.com අඩවියෙන් BluetoothDriverInstaller.exe ගොනුව ලබාගෙන එය ධාවනය කරන්න. Dongle එක නිවැරදිව හදුනා ගැනීමෙන් පසුව එයට අදාල Drivers ස්ථාපනය වනු ඇති.

දැන් Task Bar එකේ සහ Control Panel තුල BlueTooth අයිකනය දක්නට ලැබෙනු ඇත.


පරිගණකයේ ඇති ගොනුවක් වෙනත් උපකරණයකට යැවීමට ලිනක්ස් තුලදී මෙන්ම ගොනුව මත right click කර send to මගින් Bluetooth Device තෝරා අදාල උපකරණය සොයා දීමෙන් එම උපකරණයට ගොනු යැවිය හැකි වනු ඇත.

ගොනු පරිගණකය තුලට ලබා ගැනීමටද ලිනක්ස් වලදී මෙන්ම task bar අයිකනය click කර Receive File යන්න තෝරා පරිගණකයට ගොනුව එවන්න.

*උපකරණය Browse කරන්න නම් PC Suite/MobiMb වැනි මෘදුකාංගයක් අවශය වේ.

කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

බ්ලොග් විරාමය අවසන්. ඒ විරාමය අතර තුරදී...

මැයි 28 වෙනිදායින් පස්සේ සටහනක් එක් කරන්න බැරි උනා. තව මාසයක් ගියොත් වෙන්නේ මෙන්න මේ පහල එක වගේ මගේ එකත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමෙන් අයින් වෙන එකයි. (මේ අයින් වෙලා තියෙන්නේ කාගේ බ්ලොග් එකද කියල දන්නෝ දනිති :D )



ඒකට කලින් ඔන්න සටහනක් තිබ්බා. පෝස්ට් එකක් තියන්න බැරි උනු හේතු ගොඩාක් තිබුණා. ප්‍රධානම ටික කෙටියෙන් කියනවනම්.
1. Multimedia Workshop එකට සහභාගී වීම.
2. UNIVOTEC එකේ Aptitude test එකට මුහුණ දීම.
සහ ලොකූම හේතුව
3. Laptop යන්තරය අක්‍රිය වීම.
3. ගාල්ල තාක්ෂණික විද්‍යාලයේ පූර්ණ කාලීන දෑ අවුරුදු National Diploma in Information & Communication NVQ මට්ටම් 5 සහ 6 පාඨමාලාවේ අවසන් විභාගයට මුහුණ දීම.
4. විභාගයට මුහුණ දීමට රැකියාවෙන් ඉවත් වීම

කාරණා සිද්ධ උණු පිලිවෙල තමයි ඔය. මෙහෙමයි කතන්දරේ සිද්දඋනේ.

ජුලි 1 වෙනිදා පැවැත්වූ NVQ මට්ටම් 5 සහ 6 විශාගයට පෙර ජුනි 14 සිට ජුනි 24 වෙනි දින දක්වා Multimedia මොඩියුලය සම්පූර්ණ කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට UNIVOTEC හි Audio/Video Lab එක තුලදී වැඩමුළුවක් පැවැත්වෙන බව කලින් දැනුම් දුන් බැවින් නිවාඩු ලබාගැනීමට රැකියාව කරන ස්ථානයට පෙර දැනුම් දුන්නා.
වැඩමුලුවේ සති 2ක කාලයට අධ්‍යාපන නිවාඩු ලබාගත හැකි වූ නිසා 14 වෙනි දින සිට UNIVOTEC තුලවූ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී එම වැඩමුලුවට සහභාගී උනා. 14 වෙනි දින වන විට තනි නොතනියට ළගින්ම සිටි Laptop යන්තරය අක්‍රිය වීම මහත් පාඩුවක් උනා.(තවම හදාගත්තෙ නෑ) කෙසේ හෝ 14 වෙනි දින උදෑසන 8.30 වන විට විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිටීමට මට හැකි උනා. ඉතින් ඒ සති 2 තුලදී සම්පූර්ණයෙන්ම Multimedia ගැන පුළුල් අවබෝධයක් ලබාගත හැකි උනා. එහිදී ඉගෙන ගත් සියලු කටයුතු මුල සිට අග දක්වාම සාරාංශයක් ලෙස ගත් විට,

1.Introduction to Multimedia Industry
2. Multimedia Basics
3. Instructional Desing
4. Audio Video File Formats
5. Shot definitions
6. Camera Movement Techniques
7. Basic Lightning Techniques
8. Scripting and Story Boards
9. Cost Estimation and preparation of project proposal for Multimedia products
10. Editing Techniques
11. Audio Editing Techniques
12. Introduction to Linear Editing
13. Single Camera Production
14 Introduction to Non-Linear Editing
15 Equipment Safety
16 Production and post-production activities
17. Develop the multimedia production


Facebook ඇල්බම් එකේ පින්තූර ටිකක් විතරක් දාල ඇති. බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඔය අකුරු නිල්පාටින් තියෙන තැනට කොටල බලන්නකෝ. කොහොම නමුත් ඒ සති දෙකක කාලය අපේ කට්ටියට නම් ජීවිතේටම අමතක නොවෙන එකක් වෙයි.

24 වෙනි දින සවස ‍නිවෙස් බලා ආවත් නැවතත් 27‍වෙනි ඉරුදින විශ්වවිද්‍යාලය කරා අපේ පාඨමාලාව හැදෑරූ සියළු ළමුන් පැමිණ සිටියේ Aptitude test එකට මුහුණ දීමටයි. එහිදී බුද්ධිය ගණිතය සහ ඉංග්‍රිසි දැනුම පරීක්ෂා කෙරුණා.

මුලින් සති 2 කාලය අවසර ලැබුණ නමුත් විභාගය එදින සිට දින 8ක් දක්වා පැවැත්වෙන බැවින් නැවත රැකියා ස්ථානයට දැනුම් දුන්නා. වැඩමුලුවට සහභාගී වී නැවත රැකියා ස්ථානයට ගොස් අස්වීමේ ලිපිය අත්සන් කර නැවත විභාගයට මුහුණ දීමට අවසානයේ සිදුවුනා.



ජුලි 1 වෙනිදා සිට NVQ මට්ටම් 5&6 National Diploma in Information & Communication සඳහා වූ විභාගය පවත්වනු ලැබුවේ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව හෙවත් DTET(Department of Technical Education and Training) මගිනි. එහිදී අපට ප්‍රශ්න පත්‍ර 12කට දිනකට 2ක් බැගින් පිලිතුරු සැපයීමට සිදුඋනා.
1.Database Systems
2.System Analysis & Design and Software Testing
3.Software Programming
4.Software Programming (Practical)
5.Graphic Design (Practical)
6.Graphic Design
7.Data Communication and Network
8.Multimedia Applications (Practical)
9.Web Design and Development
10.Web Design and Development (Practical)
11.Mathematics
12.English

විභාගය අතරතුර එනම් ජුලි 3 වෙනි සෙනසුරාදා Future Minds 2010 බැලීමට ගියා. එහිදී 2S කුටියේ තිබූ පුළුල් තිර 3DTV අත්දෑකීමත් සුවිශේෂයි. එහි තාක්ෂණය දැන සිටියත් ඒ වනතුරු අත්විද නොතිබූ බැවින් එය විශේෂයක් උනා. තිරයක් තුලින් ගැඹුර දැකිම වචනයෙන් නම් විස්තර කල නොහැකියි.

කෙසේ හෝ විභාගයට මුහුණ දී අවසන් දැන් විභාග ප්‍රතිඵල එනතුරු NVQ 5 & 6 සඳහා අවශ්‍ය Evidence රැස් කරමින් සිටිමි.

2010-05-28

මෙවර මගේ පරිගණක වෙසක් සැරසිල්ල

මට ගිය පාර වෙසක් එකට දාන්න බල්බ් වැල ගත්තම ඒකෙ පරිපථයට සිද්ද වෙච්ච දේ කට්ටියට මතක ඇතිනේ. මතක නැති අය නොදන්න අය ඉන්නවනම් මෙතනින් බලාගන්න‍. ඉතිං මේපාර ඒ පරිපථය හොයාගත්තත් වැඩ කරන තත්වයක තිබුනෙ නෑ. ආයිම සංගෘහිත පරිපථ 2ක් අලුතින් සවි කරල. ට්‍රාන්සිස්ටර 6ක්ම දාල ගත්තම වැඩ කරන තත්වෙට ගන්න පුලුවන් උනත් බල්බ වැලට ඇමිණිමෙන් පසු AC විදුලිය ලබාදුන් විට දිගටම දැල්වී තිබෙන්නට වූ නිසා නැවතත් ගියවර කල ආකාරයටම යොමු වීමට සිදු උනා. නමුත් මෙවර කලේ පෙර අවස්ථාවේ භාවිතා කල රිලේ වෙනුවට ට්‍රැයැක් භාවිතා කිරීමයි. (සද්ද නැතිව වැඩ ගැනීමට).

ගියවර ලියාගත්තු පරිගණක වැඩසටහනම මෙවරත් භාවිතා කිරීමට හැකි වුනා. එබැවින් වැඩ ටිකක් ලේසි වූ නිසා එක් වෙසක් කූඩුවක් වර්ණ දෙක බැගින් ආලෝකමත් කරන්නත් හැකියාව ලැබුණා.


ඒ ඉතිං පිටින් එන අයට පෙනෙන ඉදිරිපස පෙනුමනේ.. තිරය පිටුපස පිටින් එන අයට පේන්නෙ නැහැ නෙව. මේ තියෙන්නේ පරිගණකයෙන් එන සංඥා වලින් 230v බල්බ හසුරුවන පරිපථය.


ගියවර භාවිතා කරපු එකමයි. හැබයි රිලේ නැති නිසා සද්ද නැතිව වැඩ. මං 6කින් යුතු 5w බල්බ 38ක් හසුරුවන්නේ පුංචි ට්‍රැයැක් උපකරණ 6කින් තමයි.

සරලව ක්‍රියාකාරීත්වය කිවුවොත් පරිගණකයේ සමාන්තරගත තොටුපලින් එන සංඥා ට්‍රාන්සිස්ටර් මගින් වර්ධනය කර LED දර්ශක(DC) වෙත හා ඉන් අනතුරුව තවත් දර්ශක පෙලකින් පසුව ට්‍රයැක් උපකරණය වෙත ලබා දෙනවා. ට්‍රැයැක් උපරණ වෙත අමුණා ඇති බල්බ වැල පරිගණකයේ සිට එන සංඥා වලට අදාලව පාලනය වෙනවා. ඊට අමතරව එතන පසු ආරක්ෂණ ක්‍රියාමාරිගයකුත් තියෙනවා. (නැත්තං මව්පුවරුවට සොරි තමා)

එකම වෙසක් කූඩුව වර්ණ දෙකකින් දැල්වීමට යොදාගත් උපක්‍රමය තමයි මේ. බල්බ දෙකක් යොදා වෙන වෙනම දැල්විමට සැලැස්වීම තමයි කලේ.



ඔය ඔක්කොම එකතු කරල දවසම මහන්සි වෙලා කරපු දේ අවසන් ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ.

To be a Programmer - පරිගණක ක්‍රමලේඛකයෙක් වෙන්න නම්...


පරිගණක ක්‍රමලේඛකයෙක් වෙන්න ඕන නම් මොකක්ද කරන්න ඕන කියල හිතනවද? දැන් ඕන තරම් පන්ති පවත්වන තැන් තියෙනව. ඒත් මූලික අඩිතාලම හරියට නොවැටුනොත් ක්‍රමලේඛනය එපාම වෙන්නත් හේතුවක් වෙයි. නිවැරදිව මූලික දේවල් ඉගෙන ගැනීම එයට ආසාවෙන් ගොඩාක් දුරගමනකට මුල පිරීමක් වෙනවා. මේ උත්සහය මූලික දේවල් පිළිබද සරලව ලියා තබන්නයි.

මුලින්ම බලමු මොකක්ද මේ ක්‍රමලේඛනයක් (දන්න සිංහලෙන් කියනව නම් Program එකක්) කියන්නේ මොකක්ද කියලා.


ඕනම දේකට පිලිවෙලක් තියෙනවා. පරිගණකය කියන්නේ හිතල වැඩ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපි දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙන දෙයක්. ඉතිං අපට මොනව හරි පරිගණකයෙන් කරගන්න ඕන නම් ඒකට නිවැරදිව උපදෙස් දෙන්න ඕන. මේ උපදෙස් දෙන්නෙ විධාන පිලිවෙලින් ගලපල ලියල. එහෙම ලියල තියෙන ඒවට තමයි ක්‍රමලේඛන කියන්නේ.

එහෙම බැලුවම ක්‍රමලේඛනයක් කියන්නේ යම් කිසි කාර්යයක් ක්‍රියාත්මක විය යුතු උපදෙස් අනුපිළිවෙල කියල කියන්න පුලුවන්.

මෙන්න විකිපීඩියාවේ computer program ලිපියේ මුල්ම පෙල.
A computer program (also a software program, or just a program) is a sequence of instructions written to perform a specified task for a computer

ඉතිං මේ උපදෙස් වලින් කරන්නේ විධාන කරන එකනේ. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයෙත් අපි විධාන දෙන්න මේවා ලියනවනේ. මොකක් හරි කරන්න ඕන පිලිවෙලක් ලිවුවනම් ඒක program එකක් විදියට සලකන්න පුලුවන්

ඉතිං ක්‍රමලේඛනයට කැමති අය මූල්ම ක්‍රමලේඛනය විදියට ලියන්න පුලුවන් කෙනෙක් ලියන්නකෝ සාර්ථක‍ව කිරි තේ එකක් හදන පිලිවෙල.. හොදට කල්පනා කරල ලියන්න..

බලමු කාටද සීනි අඩු වැඩි නොවී රසට කිරි තේ එක බොන්න පුලුවන් වෙන්න ලියන්න පුලුවන් කාටද කියල..

____________
ප.ලි.
කිරි තේ හදන්න කිවුවට ජාව ගැන නම් නෙවෙයි ලියන්න හදන්නේ..

2010-05-27

GMail Chat එකේදී අකුරු ඇල කිරීම සහ තද පැහැ කිරීම

GMail එකෙන් chat කරද්දී වචන විශේෂ කරල දක්වන්න උනොත් මොකද කරන්නේ. Bold කරන්න හරි Itaic තිබුණනම් හොදයි කියල හිතෙනව ඇති.

මෙන්න මෙහෙමයි කරන්නේ. italic කරන්න ඕන වචනෙට හෝ වාක්‍යයට කලින් _ එක දීල වචනය හෝ වාක්‍යය අවසන් උනාම නැවත _ එක දෙන්න.

Bold කරන්න ඕන නම් පටන් ගන්න * ‍කින්. අවසන් කරන්නත් * ක් පාවිච්චි කරන්න

එච්චරයි..