Pages

2009-04-26

මාත් BIOS අලුත් කලා

මේ පාර ටිකක් රිස්ක් එකක් තියෙන වැඩක් කරන්න හිතුනා. ඒ තමයි BIOSඅප්ඩේට් කරන එක. පොඩ්ඩක් හරි වැරදුණොත් මවු‍පුවරුවේ අවසානය තමයි. ඒත් අලුත් මවුපුවරුවල රිකවරි ඔප්ෂන් එකක් තියෙන නිසා ටිකක් හරි සහනයක් තියෙනවා. මේකෙත් ඒක තියෙනව කියල තමයි Intel සයිට් එකේ ති‍බුණේ.
මගේ ලඟ තියෙන්නෙ Intel D945GCCR මවුපුවරුවක්. තිබුනේ CR94510J.86A.0049.2007.0522.1433 BIOS වෙලුම. Intel සයිට් එකේ ගිහින් බැලුව මවු පුවරුවෙ විස්තර ඒකෙ තිබුණ විදියට අප්ඩේට් ක්‍රම තුනක් තිබුණා.

  • Recovery BIOS Update [CR0060.BIO]

  • Iflash BIOS Update / Integrator Toolkit BIOS Files [CR94510J.86A.0060.BI.ZIP]

  • Express BIOS Update [CR94510J.86A.0060.EB.EXE]


  • මේවයින් මම තොර ගත්තේ තුන්වන ක්‍රමේ.
    වින්ඩෝස් උඩ ඉදගෙන තමයි කරේ.

    Express BIOS Update ගොනුව භාගත කරගෙන ඒක ධාවනය කරා.Restart උනා. විනාඩි තුනයි. බයෝස් අප්ඩේට්.

    හැබයි අමතර මුකුත් ෆන්ෂන් නම් එකතු වෙලා තිබුනේ නෑ.

    7 අදහස්:

    1. මමත් පොඩි කාලේ BIOS අප්ඩේට් කලා. බ‍ට් බෝඩ් එක ෆිනිෂ්.

      පස්සෙ ගත්තා Gigabyte බෝඩ එකක්. අනිත් brand ගැනනම් මං දන්නෑ Gigabyte සහ Asus බෝඩ් වලනම් Recovery ඔප්ශන්ස් ගොඩක් තියෙනවා. (අලුත් Gigabyte බෝඩ් වලනම Dual Bios ඇත, මාරම සහනයක්)

      ReplyDelete
    2. අපරාදේ යෝධයෝ...!

      ReplyDelete
    3. @ තිලිණ බුවා
      බෝඩ් එක ෆිනිෂ් වෙන්නේ අප්ඩේට් වෙනකොට මොනවහරි උනොත්නේ.නිකංම වෙන්නෙ නෑ.
      Intel මේ බෝඩ් එකේ නම් ජම්පර් එකක් තියෙනවා. රිකවරි වලට

      @ සමන් බණ්ඩා(ර)
      මොකක්ද අපරාදෙ කිවුවෙ.

      ReplyDelete
    4. මේකයි සිද්ධිය,

      මං මොඩල් නම්බර් එක වැරදිය‍ට දීල. වැරදි BIOS එකක් තමයි බෑවේ. ඉතින් අප්ඩේට් කරනකොට warning එකකුත් ආවා බට් මම ok කළා. බෝඩ් එක ෆිනිෂ්, ඒ කාලේ පොඩි එකානෙ.. හික්...

      (AMD Mercury බෝඩ් එකක් දැන් එ‍් බෝඩ් මොඩල් එකේ web page එක වසා ඇත.) BIOS file එක තියෙනව නම් හරි ඒ මොඩල් එකේම තව බෝඩ් එකක් තියෙනව නම් එය සාදා ගත හැක. ඒ බෝඩ් එක තාමත් මා ළග තියෙනවා

      ReplyDelete
    5. ඔව් ඉතින් කරලම මිසක් ඉගෙනගන්නත් බෑනෙ. කොහෙද ඉතින් ඕවට පැට්‍රිකල් දෙන තැන් තියෙන්නෙ. මොඩල් නම්බර් එකත් එක්ක ටෙක් කතා එකට දාල අහන්න. අපේ කවුරුහරි ලඟ තිබුණොත් උදව්වක් ගන්න බැරිවෙන එකක් නැ.

      ReplyDelete
    6. පණ්ඩිත කමට හොද පාඩම...
      දෙන දේ කාල වෙනදේ බලගෙන හිටියනම් ඉවරයිනෙ යාළුවා.
      හැබැයි අළුත් දේවල් ඉගෙන ගන්න බෑ ඉතින් කරලා බලන්නෙ නැතුව
      හොඳ උත්සහයක්,

      ReplyDelete

    මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ