2009-04-28

නොමිලේ ඊ-මේල් එකෙන්ම SMS / MMSයවන්න.

ලංකාවෙ නොමිලේ SMS යවන වෙබ් සයිට් ගොඩක් දැකල තියෙනවා. ඒත් බොහොමයක් ඊ-මේල් සේවාව මත පදනම් වූ ඒවා.

මේක මම පාවිච්චි කරන්න අරන් ගොඩක් කල්. හැමෝගෙම දැනගැනීම සඳහා ‍බ්ලොග් එකේ දාන්න හිතුවා.

ඉතිං කරන්න තියෙන්නේ මෙච්චරයි.

මොබිටෙල් නම්
9471XXXXXXX@sms.mobitel.lk

ඩයලොග් සඳහා
+9477XXXXXXX@mms.dialog.lk

ලංකාබෙල් සදහා
0915XXXXXX@sms.bellmail.lk

ටීගෝ සඳහා
+9472XXXXXXX@mms.celltel.lk

යන ලිපිනයන්ට ඊමේල් කිරීම විතරයි.

MMS යවන්න නම් SMS කියන තැනට MMS ලෙස වෙනස් කර යවන්න.

**හොදින්ම අත්හදා බලා ඇත්තේ මොබිටෙල් පමණි.(මා සතුව ඇත්තේ මොබිටෙල් සබඳතාවයක් බැවින්)
ලංකාබෙල් සදහා බෙල්මේල් ඇක්ටිව් වියයුතුයි.

PC Connectivity නොමැති MMS පමණක් ඇති ජංගම දුරකතන සඳහා ජායාරූප සහ MID Sounds දැමීම සඳහාත් මෙය භාවිතා කල හැක.

ඔබත් උත්සහ කර බලන්න.

Reactions:

17 අදහස්:

(ඩයලොග්)sms එකනම් ආවා හැබැයි Gprs වලට ගානක් තට්ටු වෙනවා.
ස්තුතියි මේ ගැන කිව්වට

හ්ම් ඩයලොග්නෙ ඉන්කමිං වලට වෙන්ටැ
මොබිටෙල් නම් එහෙම කලේ නෑ

Thanks for sharing use! :) I am using this since long time ago! :)

ස්තූතියි
MMS ආව SMS ආවෙ නැහැ.
මම Dialog KIT

@-බිன்ku-
කැනඩාවෙන් ලංකාවටම එවනව වගේ

@ Chanaka
මං හිතන්නෙ ඔයා ‍ඩයලොග් ‍එකේ MMS වෙනුවට SMS දාල යවල වෙන්නැති. මමත් ට්‍රයි කරා එහෙම. හරිගියේ නෑ. ඒකයි කෙලින්ම MMS කියල ඩයලොග් එකේ දැම්මෙ.

@ Chanaka
ආ.. මේ අපේ මකර උන්නැහේ නේ. මං බැලුව කක්කුටු ‍වැඩේ මොකක්ද කියල.
බි‍.පෙ.සි

ෂා... නියම වැඩේනෙ මේක..,,මං මේ free sms system එකක් හදන්න මේ වගේ scene එකක් හොය හොය තමා හිටියෙ..
උඹ නං දෙයියෙක් නෙමෙයි..දේවාලයක්...
ඔබට බොහොම පිං......

@mahathun
php e-mail ෆෝම් එකක් හදල නම්බර් එක අරගෙන ඒකට ඉතිරි ටි ඇඩ් කරල මේල් කරන්න හැදුවනම් ඇති. එහෙම තමයි ඔය Free කියකිය කට්ටිය දාල තියෙන්නෙ. ඕන නම් කෝඩිං එකත් දෙන්නං

මේක Dialog වලටත් වැඩ කරනවා. ඒත් පොඩි කොස්සක් තියෙන්නෙ නියමිත ගාස්තුව මේ කෙටි පණිවුඩය ලබන්නාගෙන් අය කර ගැනීමයි.

@life
මාත් හිතන්නේ Dialog එකේ අය කරන්නේ GPRS එක්ක සම්බන්ධ වෙලා පණිවිඩය ලබාගන්නවට. හැබයි මොබිටෙල් නම් ලැබෙන MMS සඳහා අය කරන්නෙ නෑ.

dear u r a incredible knowledgeable man. Thanx.

Dialog වලට යවනවනෙම් 077xxxxxxx@dialog.lk භාව්තා කරන්න මෙය diaMail හරහා sms එකක් තමයි එන්නේ

@Prabhash

Dialog වල DiaMail හරහා SMS එකක් ලැබෙන‍කොට ලබන්නාගෙන් රුපියලක්(+බදු) කැපෙනවා. MMS මාර්ගයෙන් ඊමේල් එකක් ෆෝන් එකට ගෙන්න ගන්නකොට කැපෙන්නෙ ඒකට යෙදෙන GPRS පාවිච්චියට අදාළ ගාස්තුව විතරයි. (මම දන්න විදිහට 1kb වලට සත එකක් හෝ දෙකක්(+බදු) ගානෙ කැපෙනවා.)

අවශ්‍ය නම් GPRS සඳහා Dialog වල දැන් පුලුවන් මාසෙකට රු.50ක්(+බදු) ගෙවන්න 75MB data package එකක් ෆෝන් එකට සම්බන්ධ කර ගන්න. එතකොට මාසෙ GPRS පාවිච්චිය යම් විදිහකින් ඊට වැඩි වුණත්, අමතර MB එකකට රුපියල(+බදු) ගානෙ තමයි කැපෙන්නෙ. අවශ්‍ය වෙලාවක කම්පියුටරයට USB modem එකක් හැටිහටත් ෆොන් එක පාවිච්චි කරන්න පුලුවන් ‍ලොකු බිලක් දාගන්නෙ නැතුව. (ඕනැ නම් ඊට වඩා ලොකු data package එකක් වුණත් ගන්න පුලුවන්.)

මේකෙ මචන්,.. මම ඉස්සර මේක use කරා.. එතකොට වැඩ කරා.. නමුත් මන් මේ ලගදි sim එකක් අරන් try කරද්දි වැඩ කරේ නෑනේ...(mobitel) .අපි මොනා හරි activate කරන්ඩ ඕනෙද....gprs n mms activate කරල තියෙන්නෙ...phone එක නන් chinees,,(bt dat doesnt matter i guess.., ,does it..?? )

@mahathun
තවම mms එනවා. කිසි අවුලක් නැ. චයිනීස් උනත් phone එකේ mms receive වෙනවනම් ඒකත් එන්න ඕන. අදත් ට්‍රයි කරල බැලුව. mms එක ආව. ආපහු පාරක් ට්‍රයි කරල බලන්න. ජාලය කාර්ය බහුල වෙලාවකද දන්නෑනේ කලේ

ඔව් ඔව්...mms එක නන් වැඩ..sms scene එක වැඩ කරන්නෙ නෑනෙ බන්.... :(

sms නම් මටත් දැන් වැඩ නැහැ. email2sms ‍‍facility එක නවත්තලද දන්නෑ

Related Posts Plugin for WordPress, Blogger...