Pages

2009-04-21

අවුරුදු නිවාඩුව

ඔන්න පොඩි විරාමයකට පස්සේ ආයිම ම‍ගේ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නෙ. ඒ ටික කා‍ලය තුලත් ගොඩක් දේවල් සිද්ද උනා. ‍මේ මට අවුරුද්දට ලැබුණු දේ.මොකක්ද දන්නවද 250GB Hard Disk එකක්. තිබුනේ 160GB ‍Hard Disk එකක්. ඉතින් අයිය නිවාඩු ආවම 250ක් ගෙනත් තිබුණ එක අරන් ගියා. ඉතින් ගෙනාපු දවසෙ ඉදල ඒ වැඩ කර කර හිටිය මිසක් වෙන වැඩක් කරන්න හම්බුනේ නෑ. මුලින්ම කලේ පාටිෂන් හදපු එක. ඒකත් කලේ ගොඩක් කල්පනා කරල. හිතාගන්න බෑ කොහොම කඩන්නද කියල. අන්තිමේ පාටිෂන් කරා මෙහෙම
C: 30GB
D: 60GB
E: 60GB
F: 60GB
ඉතිරිය පාටිෂන් නොකර තිබ්බා. මොකටද කියල පස්සෙ කියන්නම්

මුලින්ම ඉතින් C: එකට XP ‍දාගත්ත.
ඩ්‍රයිවර්ස් එහෙමත් දාගෙන ඉවරවෙලා පටන්ගත්ත ඩේටා කොපි කරන්න.
තෝර තෝර වෙන්කර කර දාපු ‍නිසා ගොඩක් ‍වෙලා යන වැඩක් උනා.

D: එකට තිබුණු සොෆ්ට්වෙයා(ර්)ස් ටිකයි ඊ-බුක්ස් සහ අධ්‍යාපනික වටිනාකමක් ඇති සියලුම දේ කොපි කලා
E: එකට ඕඩියෝ
F: එකට වීඩියෝස් ටිකත් කොපි කලා.

ඒ ටික කරද්දී ඉතින් අවුරුද්දත් පහුවෙල.
ඊගාවට ඉතින් ආයිම අන්පාටිෂන් ස්පේස් එකට Fedora 10 ස්ථාපනය කරා. use continous large space කියන එක දීල. ඒක තමයි මට ‍හිතුන ලේසිම ක්‍රමය Fedora දාද්දී.
නැතිනම් /boot එකට 200MB /swap එකට Ram එක වගේ දෙගුණයකුත් /root/ එකට ඉතිරියත් තියල අතින් හදල තමයි දාන්න තියෙන්නෙ.

මේව කරද්දීත් ඉතින් ගෙදරට එන අයත් එක්ක කතා කරන්න. නෑ ගෙවල් වල යන්නත් කාලය වෙන් කරගත්න උනා ඒක නිසා ඉතින් නිවාඩුව ඉවර වෙනකං මේටික තමයි කරේ.
අවුරුද්ද දවස් දෙකම කලේ ක්‍රිකට් ගහපු එක. මේ සැරේ අවුරුදු උත්සවයක් කියල බලන්න ගියේ ගෝනපිනුවල විජය ක්‍රීඩා සමාජයේ අවුරුදු උත්සවය.

ඉතිං අමතක කරන්න බෑනේ අපේ සිංහල බ්ලොග් කරුව‍න්ගේ සංගමය මෙහෙයවපු බ්ලොග් මැරතන් එක. ඒකට දැම්මෙත් පටන් ගන්න විනාඩියකට කලිං. කොහොම හරි මැරතන් දුවන්න හිටියෙ අතේ ඇඟිලි ගානට වගේ ටික‍ දෙනෙක්. මං හිතං හිටියේ ගොඩක් දෙනෙක් මේපාර සහභාගී වෙයි කියල. ඒත් කට්ටියම IRC එකට සෙට් වෙල හිටිය.
ඉතිං කට්ටියත් එක්ක ‍ටෙක්කතා සජීවී විකාෂයත් අහගෙනම IRC එකේ චැට් එකට සෙට් උනා.
ඇත්තටම මේ අය හැබහින් දැකල නැති උනාට ගොඩක් කල් ඉදන් අඳුනන අය ‍වගේ තමයි දැ‍නුනේ. ඉතිං චැට් කරන කොට හිත් රිදීම් එහෙමත් ඇති නොවුනෙමත් නෑ.ඒත් ඉතිං කවුද ඕව ගනං ගන්නෙ. චැට් එකට සෙට් උනාම ඉතිං දුවන්නත් අමතක වෙනව. ඒ අතරෙ බුරුත කොට ඉරන සද්දත් ඇහුනා. ඉතිං පහුවෙනිදා යාලුවො ටික දෙනෙක් ගෙදර එනව කිවුව නිසා 2 ‍විතර වෙනකං දිවුවා. පහුවෙනිද උදේම නැගිටපුගමන් ආයිම සෙට් උනේ. ඒත් බ්ලොග් එකේ පොඩ් අවුලක් ආපු නිසා දාපු පෝස්ට් එක පබ්ලිෂ් උනේ නෑ. කොහොමත් තවත් ලියන්න හම්බුනේ නෑ. දවල් කට්ටිය ආපු නිසා. කොහොම උනත් මැරතන් එකනම් මාර ෆන්.

ඊයෙ ආයිම college පටන් ගත්ත. අද කියාපි ලබන සතියෙ Network තියරි test එකක් දෙනව කියල. ප්‍රැට්‍රිකල් නම් අවුලක් නෑ. ඒත් තියරි.

ඉතිං තවම වැඩ ටිකේ ඉවරයක් නෑ. තාම virtual box එකේ start නොවෙන ප්‍රශ්නෙ හදාගන්න try එකක් දෙනගමන් මේකත් ලියන්නේ.

6 අදහස්:

  1. වැඩේ හරි Vbox දැන් වැඩ

    ReplyDelete
  2. අම්මෝ පාටිෂන් ගොඩ? :O

    මගෙ 160+250ට ම තියෙන්නෙ පාටිෂන් 4යි (50+75+25+232) :)

    ReplyDelete
  3. ආරංචියි IRC එකේ කෙල්ලන්ට පැනි හල හල හිටිය කියල ;)

    ReplyDelete
  4. වැඩේමයි කෙල්ලන්ට පැණි හලන්න. කවුද දන්නෑ වෙස් මාරු කරන් හිටියේ

    ReplyDelete
  5. ආව්...! මොන පැණිද හැලුවේ? මී පැණිද? නැත්තං මලු පැණිද නැතිතං කිදුල් පැණිද?

    ReplyDelete
  6. @ගයාන් තාරක,
    කවුද මාත් අහන්නෙ.. මම alias hayabusa. එච්චරයි.

    @බින්කු,
    මේක අමුතුම සිරා පැණි ජාතියක්.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ