Pages

2009-04-24

Fedora වලින් මගේ පලමු ප්‍රින්ට් කිරීම

මේ වෙනකන් ෆෙඩෝරා දාල තිබුනට කවදාවත් ෆෙඩෝරා වලින් ප්‍රින්ට් එකක් අරගෙන තිබුනේ නෑ. ඉතින් ට්‍රයි එකක් දීල බැලුවා.
පටන් ගත්තෙම අනිත් පැත්තට.
ප්‍රින්ට් කරන්න ගත්තෙ application එකක්.ප්‍රින්ටරේට power දීල ඕපන් කරල ප්‍රින්ට් දුනනා. ප්‍රින්ටරේ පේන්නන්නෙ නෑ. කොනක ඉදන් බැලුවා. ප්‍රින්ටරේ කේබල් එක හයි කරල නෑ. ඉතින් හයි කරා. ප්‍රින්ටරේ අදුනගත්තා. නමත් එක්කම පෙන්නුම් කරා. වැඩේ හරි වගේ කියල හිතුන නිසා ප්‍රින්ට් දුන්නා. හරි ගියේ නෑ. ප්‍රින්ටරේ සම්බන්ධවෙලා නෑ කියල පණිවිඩයක් දුන්න මිසක් කොල වත් ගත්තෙ නැ. වැඩේ හදිසි නිසා ආයිම වින්ඩෝස් වලට ගිහින් ප්‍රින්ට් කරන්න හැදුවා. කොල නම් ගත්ත. ප්‍රින්ට් එකත් ගහන්න ගත්ත. හැබයි කොලේ මොනවත් වැදිල නෑ. පෙනුන විදියට පාවිච්චි නොකර තිබුන නිසා තීන්ත හයිවෙලා. මොනව කරන්නද වැඩේ අතෑරල දැම්මා. application එක පෙන් එකට දාල දුන්නා. ඔන්න ඔහොමයි ප්‍රින්ට් කිරිල්ල. මදැයි කොලා. පස්සෙ වෙලාවක් බලන්න කියල තිබ්බා.

3 අදහස්:

  1. ubuntu වලින් මාත් print කලාම වුණේ නොනැවති කොල එන ජරමරයක්ටයි. වින්ඩෝස් වල නම් ඔය විපනැයිය වුණෙත් නෑ.

    ReplyDelete
  2. හොද වෙලාවට මගේ ප්‍රින්ටරේ කැඩිල! :P

    ReplyDelete
  3. @ -බිன்ku-
    දැන් සුසේ නේ. උබුන්ටු වලින් විතරද බැලුවේ.

    @ පොතේ ගුරා
    අපරාදෙ නොවැ. හදන්ට උත්සහයක් දාල බැලුවෙ නැද්ද?

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ