Pages

2009-06-08

සිහිනපෙන්වන්නා දැන් ෆෙඩෝරා ඇතුලෙ

වෙබ් ඩිසයිනින් වලට මම ගොඩක් වෙලාවට භාවිත කලේ Dreamweaver8 දැන් CS4 වෙළුම ඇවිත් තිබුණත් මම Code කරල කරන නිසාම අලුත් වෙළුමට මාරු වෙන්න හිතුනෙ නෑ. ඒකෙ තියෙන පහසු බව නිසාම තාමත් ඒක මගේ වැඩවලට සෑහෙනවා. අනික අලුතින් එන එන වෙළුමට මාරු වෙන්න ඕන කියල නියමයකුත් නෑනේ. ඉතිං නිකමට මම Dreamweaver8 ස්ථාපන ගොණුව ෆෙඩෝරා මත ධාවනය කරා. හරියයි කියල හිතුනෙ නෑ.
( වයින් වලින් තමයි Setup.exe එක වැඩකරේ. වයින් දාපු දවස් වලම ඒක ගැන කම්පුටරේට ලිවුව වින්ඩෝස් යෙදුම් ලිනක්ස් මත ධාවනය කියල)

ඉතිං සාමාන්‍යයෙන් වින්ඩෝස් වල ස්ථාපනය වෙන විදියටම Dreamweaver8 ලිනක්ස් වල C:\Program files ඇතුලට ස්ථාපනය කලා.

C:\ එකක් ෆෙඩෝරා වල...
C:\ එකක් ලිනක්ස් වල එන්නේ නෑ තමයි. ඒක කරන්නෙ වයින් වලින් වයින් වලින් ලිනක්ස් ඇතුලෙ C:\ එකක් Virtually හදනවා. තව Registy එකකුත් එක්ක. ඉතිං ඒක වින්ඩෝස් වල වැඩ කරන විදියටම වැඩ කරනවා.

කොහොම හරි දැන් මගේ පරිගණකයේ ෆෙඩෝරා වල Dreamweaver8 ධාවනය කරන්න පුලුවන්.


තව දවස් දෙකකින් ඒ කියන්නේ 9 වෙනිදා ෆෙඩෝරා අලුත් වෙළුම වන Fedora 11 LEONIDAS නිකුත් වීමටත් නියමිත වෙලා තියෙනවා.

6 අදහස්:

  1. "සිහින වියන්නා" නේ? ;)

    ReplyDelete
  2. ඒකත් ඇත්ත තමයි. මට එකපාරටම කල්පනාවට ආවෙ සිහින පෙන්ව්න්නා කියල Viewer කියල තමයි type උනෙත් පස්සේ තමයි පින්තූරෙ බලල weaver කියල වෙනස් කලේ ඒක මතක් උනේ නෑ.

    ReplyDelete
  3. මේක සාර්ථකද? ඒ කිව්වෙ ප්‍රායෝගිකව?

    ReplyDelete
  4. කරල බලපු නිසා තමයි බ්ලොග් එකට දැම්මේ. ප්‍රායෝගිකව කරල බැලුව වැඩේ ගොඩ.මගේ පරිගණකයේ ඩීරීම් විවර් ෆෙඩෝරා වල දුවනවා.
    අවුලකට තියෙන්නේ අනිත් පාටිෂන් ඇකසස් කරන්න අමාරු එක තමයි.

    ReplyDelete
  5. හැහ් හැහ්.. මල පැන්නද?
    එහෙම දෙයක් නෙමේ අදහස් කලේ.
    මං කිව්වෙ වයින් වල මේක දැම්මට, වැඩක් කරගන්න පුලුවන් තරමට ප්‍රායෝගිකද කියල :D

    උදාහරණයක් විදියට, ෆොටෝෂොප් දාන්න පුලුවන් වයින් වල, ඒත් ඉතින් වැඩක් කරගන්න පුලුවනෑ..

    ReplyDelete
  6. පිස්සුද ඉන්දරේ, මළ පනින්න තරම් දෙයක් උනේ නෑනේ.

    වැඩ කරගන්න පුලුවන් කිසි කරදරයක් උනේ නෑ.කෝඩින් කරද්දී ලිස්ට් එක පවා ක්ෂණිකව පෙන්නනවා.

    පොටෝෂොප්. දාගත්තෙ හුරු එක නිසා වෙන්න ඇති. GIMP වලින් ඒකෙ වැඩ ටික නම් කරගන්න පුලුවන්.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ