Pages

2009-06-18

වින්ඩෝස් මත සිටම ලිනක්ස් අත්හදා බලන්න

ඔය ලිනක්ස් දාල බලන්න බය අයට මෙන්න කරල බලන්න පුලුවන් වැඩක්. Sun VirtualBox ගැන කට්ටිය දන්නවනේ. මීට කලින් අපේ හයබූසා තව ඇඳුරුතුමා එහෙම ලියල තිබුණනේ. ඉතිං සයිබර් දාපු පෝස්ට් එක බලද්දී මටත් හිතුන මේක වින්ඩෝස් වල කරල බලන්න. ඔක්කොම ලියල තිබුනේ උබුන්ටු වල ඉදන් කරපු විදියනේ.

Install VirtualBox
ඉතිං VirtualBox x86 එක Download කරල වින්ඩෝස් වලට ස්ථාපනය කරා. හරි වැඩේ ගොඩ VBox එක ධාවනය කරන්න පුලුවන්. ධාවනය කරන්න New එකෙන් ගිහින් OS එක තෝරල HardDisk එකක් එහෙමත් දාල (වෙනම HardDisk ඕන නෑ. .vdi ෆයිල් එකක් තමයි හාඩ් එක. :D ) Virtual Machine එකක් හදාගෙන වැඩ පටන් ගත්ත.

ඉතිං ෆෙඩෝරා ‍DVD එකක් තියේනම් ඒකෙන් හරි නැත්නම් ඒකට වියදම් කරන්න අකමැතිනම් නිකංම ISO එක mount කරලත් කරන්න පුලුවන්. ISO එකෙන් දාන එක ඉක්මන්.

ISO එක mount කරන්න ඕනෙ නම් කරන්න තියෙන්නේ. Virtual Machine එක ධාවනය කරල
Devices-->Mount CD/DVD-ROM-->Mount CD/DVD-ROM image.. කියන තැනින් ISO එක හොයල දෙන එකයි.

Boot From Image
ආයිම Machene-->Reset කරල නැවත පණගන්වන ගමන් Boot Device එක තෝරන්න F12 යතුර ඔබන්න කියල එයි. එතනදි F12 යතුර ඔබල CD/DVD-ROM එකෙන් පණගන්වන්න c යතුර එබුවම නිකංම Image එකෙන් Boot වෙන්න ගන්නවා.

ඉතිං එන Instruction කියවන්නෙත් නැතුවම Next කරගෙන කරගෙන ගියා. හාඩ් ඩිස්ක් එක ෆයිල් එකක් නිසා කිසි අවුලක් නෑනේ. (අනික ෆෙඩෝරා මට නුපුරුදු දෙයක් නෙවෙයිනේ). හාඩ් ඩිස්ක් පාටිෂන් ගැන වද වෙන්න දෙයක් උනෙත් නෑ.

එච්චරයි වින්ඩෝස් ඇතුලෙ ලිනක්ස් අත්හදා බලන්න පුලුවන්.
ඉතිං එච්චරයි නේ වැඩ කරන්න ඕන වෙන්නේ.

පසු වදන
මං ඉතිං සයිබර් ඔය වැඩක් නෑ කියන seamless-mode එක මොකක්ද බලන්න කියල Guest-Addon එකත් ISO එකත් Download කරල දාල බැලුවා.

ෆෙඩෝරා 10 දානවනම් 2.6.27 kernal Version එක හෝ ඊට වැඩි Version එකක් සහ kernel-headers kernel-devel අවශ්‍ය වෙන නිසා පහත විධාන අග්‍රයේ root ලෙස ලබාදී kernal එක අලුත් වෙලුමට යාවත්කාල කරගන්න. ෆෙඩෝරා 11 නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
yum update kernel
දැන් kernel-headers kernel-devel ස්ථාපනය කරන්න
yum install kernel-headers kernel-devel
දැන් VBoxGuestAddon ISO එකත් අර විදියටම Mount කරගෙන අග්‍රයෙන් ධාවකයේ Path එකට පැමිණ
# sh VBoxLinuxAdditions-x86.run විධානය ලබාදෙන්න

[root@fedora10 VBOXADDITIONS_2.2.4_47978]# sh VBoxLinuxAdditions-x86.run

එවිට VBoxහි තිරය සම්පූර්ණ තිරය මතට ගත හැකිවාසේම Seamless-mode එකටද සහයෝගය දක්වනු ඇත.

13 අදහස්:

  1. නියමයි. ලිනක්ස් වලට බය අයට මේක හොඳ ආරම්භයක් වෙයි. මොකද හැම දෙයක්ම කරල බලන්න පුළුවන් නේ. අනෙක Live Media වගේ මන්දගාමී වෙන්නෙත් නෑ.

    ReplyDelete
  2. vmware server උත්සහ කරලා බෑලුවද? windows උඩ run කරනකොට virtualbox වල performance එච්චර හොද මදි. vmware server දාලා බලන්න. server edition එක free.

    ReplyDelete
  3. එතකොට Ubuntu සහ SuSe වල? අනේ එව්වා ගැන පොඩ්ඩක් බැලුවා නම්? මමත් මේ Distro ගාණාවක් Vbox උඩ Test කරන්න ඉන්නේ, දැනටම 5ක් බෑවා.

    ReplyDelete
  4. @Hayabusa
    ඒක නම් ඇත්ත. HardDisk එකේ ඉදගෙනම වැඩකරන නිසා වේහය හොද තත්වයක තියෙනවා.අනික Live Media දාගත්තම හදිසියකටවත් CD-Rom එක පාවිච්චි කරන්නත් බෑනේ. seamless-mode එක දාගත්තම වෙලාවකට පිස්සු වගේ නේද?

    @änthräX
    මම නම් උත්සහ කරන්න ගියේ නෑ.යාලුවෙක්ගෙ පැමිණිල්ලකුත් තියෙනවා vmware එක ගැන ඒ නිසා අදහසක් තියෙනව දාල බලන්න්න. VBox එක ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට තියෙනවා. අනික Vbox වල performance හොද නැහැ කියන්නෙ ඔයා එකම OS එක දෙකටම දාල කාලය මැන්නද. මේක කොහොමත් Open Source. Freeද නැද්ද කියල බල බල ඉන්න ඕනත් නෑ.

    @-බිன்ku-
    ක'නල් එක වෙනස් වෙන්නෙ නෑනේ. ඉතිං දාන්න බැරි වෙන එකක් නෑ. මුලු තිරයටම ගත්තම වෙනසක් තේරෙන්නෙ නෑ. කෙලින්ම දාල බැලුව වගේ දැනෙන්නේ.


    මේකෙදි ජාල සබඳතාව පවා Guest OS එකට ලැබෙනවා. මම ඒව හදන්නෙත් නැතුවම ගිහින් බැලුවෙ. මෙන්න හොදට ජංජාලෙ වැඩ. අප්ඩේට් කරන්නත් අවුලක් උනේ නෑ.

    ReplyDelete
  5. මේ වැඩේ ක‍රල බලන්න ඕන! මට බ‍රපතල විදියට ලින්කස් භීතිකාව තියෙනව!
    කෙටියෙන් කියන්ව නම් ආසයි බයයි! හික්z!

    ReplyDelete
  6. අදහසක් දුන්නෙ ප්‍රයෝජනවත් වෙයි කියල, මොකද රස්සාවෙ උවමනාවකට මට report එකක් හදන්න තිබුනා vmwareවලයි, virtualboxවලයි, virtualpc වලයි comparison එකක්.

    "Vbox වල performance හොද නැහැ කියන්නෙ ඔයා එකම OS එක දෙකටම දාල කාලය මැන්නද." - ඔව්, එකම වෙලාවෙ එකම brand එකේ, එකම performance තියන pc තුනක් එක්ක.

    ReplyDelete
  7. @පොතේ ගුරා
    බය නැතිව මේක කරන්න පුලුවන් තියෙන OS එකට මුකුත් වෙන්නෙත් නෑනේ. :D

    @änthräX
    අදහසට ස්තුතියි. හිත රිදෙන විදියට ලිවුව නම් සමාවෙන්න. මමත් දාල බලලම කියන්නම්. මොකද දෙයක් නොදැන කිසිම තර්කයක් වත් දාන්න බෑනේ. මම අත්හදා නොබල ඒවගේ දේවල් පිලිගන්නව අඩුනිසා තමයි එහෙම කිවුවේ.

    ReplyDelete
  8. ඔන්න මම හොය හොය හිටිය දේ. ටෙස්ට් කරනවා කිය කිය හිටියට අයිඩියාවක් තිබුනේ නෑ කොහොමද කරන්නේ කියලා.බොහොම ස්තුතියි අපි වගේ අයට වැදගත් වෙන දෙයක් කිව්වට

    ReplyDelete
  9. @deeps
    එහෙනම් ඉතිං නිවාඩුකාලෙ ලිනක්ස් දාල කොහොමද කියල කියන්නකෝ. මාස එකහමාරක ලිනක්ස් අත්දැකීම් ලියන්න පුලුවන් වේවි.

    ReplyDelete
  10. අනේ එහෙම අවුලක් නෑ. එහෙම තමයි වෙන්න ඕන. කවුරුත් කිව්ව පලියට ප්‍රශ්න නොකර පිලිගන්න බෑ නේ. මොක්ද IT වල බාගයක් විතර ඉන්නෙ බයිලා කාරයානේ.
    ඔයාගේ linux දේශීයකරනය ලිපිය කියෙව්වා. සුබපෑතුම්.

    ReplyDelete
  11. -බිன்ku,
    මම virtualbox, ubuntu උඩ suse11යි, fedora10යි, pcbsd 7.1යි කිසිම අවුලක් නෑතුව වෑඩ කරනවා. fedora11 ඊයේ දෑමමා. තාම මුකුත් කරගන්න බෑරි උනා.

    ReplyDelete
  12. @änthräX
    ආයිත් අහල අද SLT එකෙන් කිවුවේ ඩිස්කනෙක්ට් වෙනවට මල්ටිප්ලග් එක අයින් කරන්න කියල. නියම කතාව. පුලුවන් උනොත් පෝස්ට් එකක් දාන්නම්.

    ReplyDelete
  13. මේකනම් එළ..මම නම් කලෙ මෙකෙ අනික් පැත්ත :D ෆෙඩොරා උඩ ජනෙල් 7 දැම්මා :P

    ගොඩක් දෙනෙක්ට වැදගත් වෙවි මෙ ලිපිය !!

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ