Pages

2009-11-26

Windows XP 64bit එකක සිට සිංහලෙන් ලියමි

Windows XP 64bit SP1 එකට සිංහල යුනිකේත ස්ථාපනය කරන්න ගියාම Service Pack 2 ඕන කියනවා. ඉතිං Service Pack 2 වලට යාවත්කාල කලාට පස්සෙ මෙහෙම කියනවා.

මොනව කරන්නද? ඒත් එහෙම කියල බෑනෙව.

සිංහල යුනිකේත නිවැරදිව කියවීමේ පහසුකම ඉස්කෝල පොත‍ ෆොන්ටය Fonts folder එකට පිටපත් කර දසුන් සමීර සොයුරාගේ ලිපියට අනුව usp10.dll ගොනුව ෆයර්ෆොක්ස් ස්ථාපන ස්ථානයට පිටපත් කර සාදාගත් නමුත් මෙතෙක් සිංහල යුනිකේත ලිවීමේ හැකියාව නොතිබුණි.

නමුත් දැන් KeyTouch නමින් අලුත් IME (Input Method Editor - යතුරුලියන සංස්කරණ මෘදුකාංගයක් හදුන්වා දී ඇති අතර එමගින් සිංහල යුනිකේත ලිවීමේ හැකියාව Windows XP 64bit වෙළුම මතදීද ලබාදේ.

බාගත කිරීමට පහත සබැදියෙන් යන්න

http://cplus.lk/2009/11/keytouch-ime/

4 අදහස්:

  1. බැරි මරගාතෙ fedora පාවිච්චි කරකර ඉන්නෙ නැතුව windowsදාගත්ත එක හොදයි. windowsවලට පලු යන්න බනින හැමෝම හොරාට හොරාට windows පාවිච්චි කරනවා. lols

    ReplyDelete
  2. ගෙදරින් පිට හැමතැනම ෆෙඩෝරා නෑනේ. මේ මම ඉගෙනගන්න තැන පරිගණකයක්. බැරි මරගාතේ නම් මොකටද ෆොඩෝරා. ෆෙඩෝරා වල නම් මෙච්චරන වින්නැහි කරන්න ඕන නෑනේ. දාපු ගමන් සිංහල හොදට වැඩ කරනවා. මට අළුතින් හදන්න උනෙත් නෑ.

    මම වින්ඩෝස් වලට පලු යන්න බැනපු තැනක් තියේද?
    අනික කවුද හොරාට වින්ඩෝස් පාවිච්චි කරන්නෙ. :p

    ReplyDelete
  3. සටහනට ස්තූතියි. ගැටලු ඇති තැන් වැඩි දියුනු විය යුතු තැනි තියේනම් කියන්න.

    ReplyDelete
  4. @දසුන් සමීර
    කොහොමත් මසක පමණ කාලයක් 64bit මෙහෙයුම් පද්ධති ඇති පරිගණක සමග සිටීමට සිදුවන නිසා ඒ කාල සීමාව තුල මේ විදියට තමයි භාවිතා කරන්න වෙන්නේ.
    ගැටළු පැන නැගුණහොත් දන්වන්නම්කෝ. දැනට නම් "ඳ" "ඬ" වැනි අකුරු ලියාගත නොහැකිවීම තමයි ගැටළුවකට තියෙන්නේ.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ