Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2009-04-28

නොමිලේ ඊ-මේල් එකෙන්ම SMS / MMSයවන්න.

ලංකාවෙ නොමිලේ SMS යවන වෙබ් සයිට් ගොඩක් දැකල තියෙනවා. ඒත් බොහොමයක් ඊ-මේල් සේවාව මත පදනම් වූ ඒවා.

මේක මම පාවිච්චි කරන්න අරන් ගොඩක් කල්. හැමෝගෙම දැනගැනීම සඳහා ‍බ්ලොග් එකේ දාන්න හිතුවා.

ඉතිං කරන්න තියෙන්නේ මෙච්චරයි.

මොබිටෙල් නම්
9471XXXXXXX@sms.mobitel.lk

ඩයලොග් සඳහා
+9477XXXXXXX@mms.dialog.lk

ලංකාබෙල් සදහා
0915XXXXXX@sms.bellmail.lk

ටීගෝ සඳහා
+9472XXXXXXX@mms.celltel.lk

යන ලිපිනයන්ට ඊමේල් කිරීම විතරයි.

MMS යවන්න නම් SMS කියන තැනට MMS ලෙස වෙනස් කර යවන්න.

**හොදින්ම අත්හදා බලා ඇත්තේ මොබිටෙල් පමණි.(මා සතුව ඇත්තේ මොබිටෙල් සබඳතාවයක් බැවින්)
ලංකාබෙල් සදහා බෙල්මේල් ඇක්ටිව් වියයුතුයි.

PC Connectivity නොමැති MMS පමණක් ඇති ජංගම දුරකතන සඳහා ජායාරූප සහ MID Sounds දැමීම සඳහාත් මෙය භාවිතා කල හැක.

ඔබත් උත්සහ කර බලන්න.

2009-04-26

මාත් BIOS අලුත් කලා

මේ පාර ටිකක් රිස්ක් එකක් තියෙන වැඩක් කරන්න හිතුනා. ඒ තමයි BIOSඅප්ඩේට් කරන එක. පොඩ්ඩක් හරි වැරදුණොත් මවු‍පුවරුවේ අවසානය තමයි. ඒත් අලුත් මවුපුවරුවල රිකවරි ඔප්ෂන් එකක් තියෙන නිසා ටිකක් හරි සහනයක් තියෙනවා. මේකෙත් ඒක තියෙනව කියල තමයි Intel සයිට් එකේ ති‍බුණේ.
මගේ ලඟ තියෙන්නෙ Intel D945GCCR මවුපුවරුවක්. තිබුනේ CR94510J.86A.0049.2007.0522.1433 BIOS වෙලුම. Intel සයිට් එකේ ගිහින් බැලුව මවු පුවරුවෙ විස්තර ඒකෙ තිබුණ විදියට අප්ඩේට් ක්‍රම තුනක් තිබුණා.

  • Recovery BIOS Update [CR0060.BIO]

  • Iflash BIOS Update / Integrator Toolkit BIOS Files [CR94510J.86A.0060.BI.ZIP]

  • Express BIOS Update [CR94510J.86A.0060.EB.EXE]


  • මේවයින් මම තොර ගත්තේ තුන්වන ක්‍රමේ.
    වින්ඩෝස් උඩ ඉදගෙන තමයි කරේ.

    Express BIOS Update ගොනුව භාගත කරගෙන ඒක ධාවනය කරා.Restart උනා. විනාඩි තුනයි. බයෝස් අප්ඩේට්.

    හැබයි අමතර මුකුත් ෆන්ෂන් නම් එකතු වෙලා තිබුනේ නෑ.

    2009-04-24

    සද්දේට වැඩ දැම්මෝ

    බොහෝමයක් ලිනක්ස් වල සවුන්ඩ් කාඩ් වල Functions නිවැරදිව වැඩ කරන්නේ නෑ. මේ ගැන ටෙක් කතා වලත් කතා කලා මතකයි. මගේ On Board එකට අමතරව Creative SBLive 5.1 සවුන්ඩ් කාඩ් එකක් භාවිතා කරනවා. ඒත් මම Onboard එක disable කරලත් නෑ. දෙකෙන්ම වැඩ ගන්නවා. ඉතිං ෆෙඩෝරා වල rear ස්පීකර් configuration තිබුනට වැඩ නෑ. නෙට් එකෙන් හොයල සෙල්ලමක් දැම්මා OSS වලට. තිබ්බ ටිකත් නැතුව ගියා. යංතං ඒක රිමූ කරල restart කරල ගත්තම ආයිම තිබුණු තත්වෙට ආව.
    තව පොඩ්ඩෙං rear හදන්න ගිහින් front දෙකත් නැතිව යනවා.

    Fedora වලින් මගේ පලමු ප්‍රින්ට් කිරීම

    මේ වෙනකන් ෆෙඩෝරා දාල තිබුනට කවදාවත් ෆෙඩෝරා වලින් ප්‍රින්ට් එකක් අරගෙන තිබුනේ නෑ. ඉතින් ට්‍රයි එකක් දීල බැලුවා.
    පටන් ගත්තෙම අනිත් පැත්තට.
    ප්‍රින්ට් කරන්න ගත්තෙ application එකක්.ප්‍රින්ටරේට power දීල ඕපන් කරල ප්‍රින්ට් දුනනා. ප්‍රින්ටරේ පේන්නන්නෙ නෑ. කොනක ඉදන් බැලුවා. ප්‍රින්ටරේ කේබල් එක හයි කරල නෑ. ඉතින් හයි කරා. ප්‍රින්ටරේ අදුනගත්තා. නමත් එක්කම පෙන්නුම් කරා. වැඩේ හරි වගේ කියල හිතුන නිසා ප්‍රින්ට් දුන්නා. හරි ගියේ නෑ. ප්‍රින්ටරේ සම්බන්ධවෙලා නෑ කියල පණිවිඩයක් දුන්න මිසක් කොල වත් ගත්තෙ නැ. වැඩේ හදිසි නිසා ආයිම වින්ඩෝස් වලට ගිහින් ප්‍රින්ට් කරන්න හැදුවා. කොල නම් ගත්ත. ප්‍රින්ට් එකත් ගහන්න ගත්ත. හැබයි කොලේ මොනවත් වැදිල නෑ. පෙනුන විදියට පාවිච්චි නොකර තිබුන නිසා තීන්ත හයිවෙලා. මොනව කරන්නද වැඩේ අතෑරල දැම්මා. application එක පෙන් එකට දාල දුන්නා. ඔන්න ඔහොමයි ප්‍රින්ට් කිරිල්ල. මදැයි කොලා. පස්සෙ වෙලාවක් බලන්න කියල තිබ්බා.

    2009-04-21

    අවුරුදු නිවාඩුව

    ඔන්න පොඩි විරාමයකට පස්සේ ආයිම ම‍ගේ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නෙ. ඒ ටික කා‍ලය තුලත් ගොඩක් දේවල් සිද්ද උනා. ‍මේ මට අවුරුද්දට ලැබුණු දේ.මොකක්ද දන්නවද 250GB Hard Disk එකක්. තිබුනේ 160GB ‍Hard Disk එකක්. ඉතින් අයිය නිවාඩු ආවම 250ක් ගෙනත් තිබුණ එක අරන් ගියා. ඉතින් ගෙනාපු දවසෙ ඉදල ඒ වැඩ කර කර හිටිය මිසක් වෙන වැඩක් කරන්න හම්බුනේ නෑ. මුලින්ම කලේ පාටිෂන් හදපු එක. ඒකත් කලේ ගොඩක් කල්පනා කරල. හිතාගන්න බෑ කොහොම කඩන්නද කියල. අන්තිමේ පාටිෂන් කරා මෙහෙම
    C: 30GB
    D: 60GB
    E: 60GB
    F: 60GB
    ඉතිරිය පාටිෂන් නොකර තිබ්බා. මොකටද කියල පස්සෙ කියන්නම්

    මුලින්ම ඉතින් C: එකට XP ‍දාගත්ත.
    ඩ්‍රයිවර්ස් එහෙමත් දාගෙන ඉවරවෙලා පටන්ගත්ත ඩේටා කොපි කරන්න.
    තෝර තෝර වෙන්කර කර දාපු ‍නිසා ගොඩක් ‍වෙලා යන වැඩක් උනා.

    D: එකට තිබුණු සොෆ්ට්වෙයා(ර්)ස් ටිකයි ඊ-බුක්ස් සහ අධ්‍යාපනික වටිනාකමක් ඇති සියලුම දේ කොපි කලා
    E: එකට ඕඩියෝ
    F: එකට වීඩියෝස් ටිකත් කොපි කලා.

    ඒ ටික කරද්දී ඉතින් අවුරුද්දත් පහුවෙල.
    ඊගාවට ඉතින් ආයිම අන්පාටිෂන් ස්පේස් එකට Fedora 10 ස්ථාපනය කරා. use continous large space කියන එක දීල. ඒක තමයි මට ‍හිතුන ලේසිම ක්‍රමය Fedora දාද්දී.
    නැතිනම් /boot එකට 200MB /swap එකට Ram එක වගේ දෙගුණයකුත් /root/ එකට ඉතිරියත් තියල අතින් හදල තමයි දාන්න තියෙන්නෙ.

    මේව කරද්දීත් ඉතින් ගෙදරට එන අයත් එක්ක කතා කරන්න. නෑ ගෙවල් වල යන්නත් කාලය වෙන් කරගත්න උනා ඒක නිසා ඉතින් නිවාඩුව ඉවර වෙනකං මේටික තමයි කරේ.
    අවුරුද්ද දවස් දෙකම කලේ ක්‍රිකට් ගහපු එක. මේ සැරේ අවුරුදු උත්සවයක් කියල බලන්න ගියේ ගෝනපිනුවල විජය ක්‍රීඩා සමාජයේ අවුරුදු උත්සවය.

    ඉතිං අමතක කරන්න බෑනේ අපේ සිංහල බ්ලොග් කරුව‍න්ගේ සංගමය මෙහෙයවපු බ්ලොග් මැරතන් එක. ඒකට දැම්මෙත් පටන් ගන්න විනාඩියකට කලිං. කොහොම හරි මැරතන් දුවන්න හිටියෙ අතේ ඇඟිලි ගානට වගේ ටික‍ දෙනෙක්. මං හිතං හිටියේ ගොඩක් දෙනෙක් මේපාර සහභාගී වෙයි කියල. ඒත් කට්ටියම IRC එකට සෙට් වෙල හිටිය.
    ඉතිං කට්ටියත් එක්ක ‍ටෙක්කතා සජීවී විකාෂයත් අහගෙනම IRC එකේ චැට් එකට සෙට් උනා.
    ඇත්තටම මේ අය හැබහින් දැකල නැති උනාට ගොඩක් කල් ඉදන් අඳුනන අය ‍වගේ තමයි දැ‍නුනේ. ඉතිං චැට් කරන කොට හිත් රිදීම් එහෙමත් ඇති නොවුනෙමත් නෑ.ඒත් ඉතිං කවුද ඕව ගනං ගන්නෙ. චැට් එකට සෙට් උනාම ඉතිං දුවන්නත් අමතක වෙනව. ඒ අතරෙ බුරුත කොට ඉරන සද්දත් ඇහුනා. ඉතිං පහුවෙනිදා යාලුවො ටික දෙනෙක් ගෙදර එනව කිවුව නිසා 2 ‍විතර වෙනකං දිවුවා. පහුවෙනිද උදේම නැගිටපුගමන් ආයිම සෙට් උනේ. ඒත් බ්ලොග් එකේ පොඩ් අවුලක් ආපු නිසා දාපු පෝස්ට් එක පබ්ලිෂ් උනේ නෑ. කොහොමත් තවත් ලියන්න හම්බුනේ නෑ. දවල් කට්ටිය ආපු නිසා. කොහොම උනත් මැරතන් එකනම් මාර ෆන්.

    ඊයෙ ආයිම college පටන් ගත්ත. අද කියාපි ලබන සතියෙ Network තියරි test එකක් දෙනව කියල. ප්‍රැට්‍රිකල් නම් අවුලක් නෑ. ඒත් තියරි.

    ඉතිං තවම වැඩ ටිකේ ඉවරයක් නෑ. තාම virtual box එකේ start නොවෙන ප්‍රශ්නෙ හදාගන්න try එකක් දෙනගමන් මේකත් ලියන්නේ.

    2009-04-12

    පරීශීලක ලෙඩ වීම

    කලින් කුබුන්ටු වලදී කලා වගේ ඩෙක්ස්ටොප් එකේ වැඩක් දාන්නගියා
    මේ පාර දැම්මේ Emerald ඒකෙන් ‍animate කරන්න පුලුවන් නිසා.

    ඒකෙත් ඔක්කොම ඉෆෙක්ට් ඇක්ටිව් කරල නැවත ලොග් උනා.
    මුකුත් පේන්නෙ නෑ.

    ආයිම නොදා කරන්න විදියක් හොයාගත්තා.

    මේක කරද්දී අර run level එක ආයිම මම 5ට දාල තිබුනේ. ලොග් වෙච්ච ගමන් ස්ක්‍රීන් එක කලු වෙනවා.
    අහ්‍රයට ලොග් වෙන්න විදියක් බැලුවා.

    කරන්න දෙයක් නෑ වගේ Grub එකේ දී Run level එක වෙනස් කරල ලොග් වෙන්න බැලුවත් හරිගි‍යේ නෑ.
    ආයිම fc10 තැටිය දාල rescue mode එකෙන් බූට් කරගත්ත.

    ඊට පස්සේ එතනදී sysvolume එක වෙනම mount වෙනවා. ඒකෙන් ගිහින් කලින් වගේම පරිශීලකයෙක් හදාගත්තා.
    $adduser <පරිශීලක නම>
    ඒකට මුරපදයක් දෙන්න එපැයි.
    $passwd <පරිශීලක නම>
    දැන් නව මුරපදයක් ඇතුලත් කරන්න
    නැවත එම මුරපදයම ඇතුලත් කරන්න

    ඒ පරීශීලකගෙන් ‍ඇතුල් වෙලා compiz අයින්ම කරල දැම්මා. (Emerald වැඩ කරන්නේ compiz එක්කම නිසා.
    $sudo yum remove comipz*
    ආයිම compiz විතරක් දාගත්තා
    $sudo yum install compiz*

    ආපහු ලෙඩේ තිබුණු පරිශිලකගෙන් ‍ඇතුලු උනා
    මාර වැඩේ පරිශීලකගේ ලෙඩේ සනීපවෙලා.

    ෆෙඩෝරා සමහ කරපු සෙල්ලම්

    ඔන්න ඉතින් ෆෙඩෝරා දාල ටික දවසක් වෙනවනේ. මුකුත් ලිවුවේ නැති උනාට ගොඩක් දේවල් කරල බැලුවා.ඔක්කොම ලියන්න බැරි උනත් ටිකක් ලියන්න හිතුවා.
    තුන් පාරක් ආයිම දාන්නත් උනා.
    (Display settings වෙනස් කරල මුකුත් පේන්නැතිව,
    Netweork settings වෙනස් කරල internet හදාගන්නම බැරුව)

    ඉතින් ආයිත් x server වෙනසක් කරනවනම් මම කරන්නේ /etc/inittab file එක edit කරල id:5:initdefault:
    කියන පේලිය id:3:initdefault: කියල වෙනස් කරල තමයි කරන්නේ. නැත්නම් login screen එකටවත් යන්න පේන්නැති උනත් CLI එකට වත් යන්න පුලුවන්නේ.
    එතකොට ඕන වෙලාවක GUI එකට යන්න පුලුවන් init 5 කියල දුන්නම. 5 කියන්නේ X11 කියන එක.

    මෙන්න මෙහෙමයි run levels තියෙන්නේ
    0 - halt (Do NOT set initdefault to this)
    1 - Single user mode
    2 - Multiuser, without NFS (The same as 3, if you do not have networking)
    3 - Full multiuser mode
    4 - unused
    5 - X11
    6 - reboot (Do NOT set initdefault to this)

    ඉතින් මුලින්ම කලේ internet යන්න settings හදන එක. ZTE ZXDSL 852 මොඩම් එකට settings හදා ගත්තේ නෑ laptop එකෙන් share කරල තමයි තවම internet පාවිච්චි කරන්නේ.

    Tharaka Weerasekara මගේ කලින් පෝස්ට් එකට දාපු කමෙන්ට් එකේ විදියට ගිහින් EasyLife දා ගත්තා. ඒකෙන් Firefox වලට Flash Java plugins දාගත්තා. ඒඑක්කම mp3 players ටිකයි codec/DVD Tools ටිකයි skype එකයි දාගත්තා.
    ඒ ටික දැම්මම media ඕන දෙයක් වැඩ. මට කලින් fc6 එපා උනේ මොඩම් එකයි media ටිකයි වැඩ නැතුව

    ඊලගට yum වලින් wine දාගත්තා
    "yum install wine"

    samba වලින් windows එක්ක sharing කරන්න හදාගත්තා.
    ඒක නම් ඉතින් නෙට්වර්ක් එක අනුව වෙනස් වෙන නිසා දාන්නෙ නෑ.

    අද බලනකොටයි අහුවුනේ skype එකෙන් කොල් ගන්න බෑ කියලා. චැට් කරන්න නම් කරදරයක් උනේ නෑ.
    settings වෙනස් කරන තැනක් හම්බුනේ නෑ එපාර system-->>preferences-->hardware-->>sound වලින් try කරා හරිගියේ නෑ.
    බෑරිම තැන කාලිංග අයියගෙන් අහල බැලුවා. එයා මේ ලින්ක් එක එවුවා එක් බලද්දි මම ගියපු නැති තැනක් තියෙනව කියල දැක්කේ. ඒත් settings තියෙන්නේ කොහෙද කියල හොය හොයා ඉන්නකොට තමයි නිකමට icon එක right ක්ලික් කලේ. ඔන්න තැන. එපාර අර ලින්ක් එකේ තිබුන විදියට හදාගෙන කොල් ගත්තේ.

    තව ඉතින් Open Office එහෙමත් තියෙනවනේ. msoffice වෙනුවට පාවිච්චි කරන්න.

    VirtualBox එකත් කරදරයක් නැතිව දාගත්තා.

    දැන් මොඩම් එකට පොඩි වැඩක් කරල බලන්න හදන්නේ.

    ගොඩක් දේවල් නම් ලියන්න බැරි උනා. කරපු සේරම දේවල් ලියන්න මතක් වෙන්නේ නෑනේ.

    තවත් කරල බලන දේවල් ලියන්න හිතන් ඉන්නවා. ඉඩක් ලැබුනම තමයි ලියන්න වෙන්නේ.
    මොකද මටත් කරපු දේවල් ආයිම කරන්න වුනාම බලාගන්න හරි පුලුවන්නේ.

    2009-04-09

    හුරේ මටත් 25GB ‍ඉඩක්

    මම වැ‍ඩිපුරම පාවිච්චි කරන්නේ මගේ G-mail ගිණුම උනාට කලින් Yahoo, Hotmail වල හදපු ‍ගිණුම් අවලංගු කලේ නෑ. ඉතින් Hotmail වල Live ID එකට දැන් 25GB ඉඩක් ලබාදීල තියෙනවා. මේක හදුන්වා දී තියෙන්නේ SkyDrive කියලා.මේ මගින් ඉඩ ලබාදෙනවා වගේම Share කරන්නත් පහසුකම ලබාදීල තියෙනවා. ඉතින් 25GB කිවුවමත් සෙල්ලංද?

    වැ‍ඩි විස්තර සඳහා

    2009-04-08

    Fedora මත Software ස්ථාපනය

    Fedora මත CLI භාවිතයෙන් Software ස්ථාපන ක්‍රම දෙකකි.
    1) yum
    පහසුවෙන්ම ස්ථාපනය කරගත හැකි ක්‍රමයකි. yum install <පැකේජයේ නම> යතුරු ලියනය කර Enter කිරීමෙන අදාල පැකේජය ස්ථාපය කරගත හැක.
    Update කිරීමට yum update <පැකේජයේ නම> ලෙස දෙන්න

    2) rpm
    rpm -ivh <පැකේජයට අදාල rpm file එක ස්ථානය සමඟ> ඇතුලත් කර Enter කිරීම.
    update කිරීමට ivh වෙනුවට Uvh යෙදීම කල හැකිය.

    2009-04-06

    මමත් ෆෙඩෝරා වලට මාරු උනා

    ඉතින් ඔන්න මටත් පරණ අස්සකට විසි කරල තිබ්බ දෘඩ තැටියක් හම්බ උනා. වැඩද දන්නෑ කියල හිතුන නිසා දූවිලි එහෙම පිහදාලා හයි කරලම බැලුවා. ඒක නම් වැඩ වින්ඩෝස් දාල තිබුනේ ලොගින් ස්ක්‍රීන් එක ලගට ගිහින් නවතිනවා. මතක හැටියට වින්ඩොස් එක්ස් පී දැම්මෙත් මේ පරිගණකයේ තියාගෙනමයි.

    ඉතින් මොකද කලේ ගත්ත ගමන් දැම්මා කුබුන්ටු. ලයිව් රන් කලාම නම් ශබ්ද, apt-get හොදට වැඩ කලා. ස්ථාපනය කලාට පස්සෙ ඒ දෙකට මොනව උනාද මන්දා erros එනවා. hard ඩිස්ක් එක ඩැමේජ් නිසාද දන්නෑ.

    එපාර ෆෙඩෝරා 10 ස්ථාපනය කරල බැලුවා. ගින්දර වගේ වැඩ. මාර ලස්සනක්නේ තියෙන්නේ. ඩෙක්ස්ටොප් රංග සැරසිලි එහෙමත් දාගත්තා. නිකං රබර් වගේ. ආසාවෙ බෑ.
    (මීට කලිනුත් මම ඩැමේජ් වෙච්ච(වින්ඩෝස් වලින් කියවන්නම බැරි වෙච්ච) හාඩ් එකක් ලිනක්ස් වලින් ඕපන් කරල ඩේටා කොපි කරල තියෙනවා.)
    ඉතින් ඒ අතින් නම් ලිනක්ස් නියමයි.

    ඊගාවට කරේ සිංහල කොහොමද කියල බලපු එක.
    ඒක ගැනනම් කියල වැඩක් නෑ. අකුරු මාර ලස්සනක් නෙ තියනේනේ.

    දැන් ඉතින් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ක්‍රමයක් හොයාගන්න එපැයි.
    ගූගලය පැත්තෙ ගියා හරි ගියේ නෑ.

    ADSL share නොකර share කරලනේ තිබුනේ.
    ලෑන් එක ගහගත්තා ඒකත් ගොඩ.
    ඒකත් බැරිවෙන එකක් නෑ.

    mp3 අහන්න ප්ලගින් එහෙම දාන්න එපැයි. නිකමට වගේ yum වලින් වයින් දාගෙන jetaudio දැම්මා. මෙන්න නිකංම වැඩ මොන ප්ලගින්ද.
    sound පවා සෑහෙන වෙනසක් තියෙනවා. ඒක ඉතින් කිවුවට වැඩක් නෑනේ අහන්නම එපැයි.
    මගේ sound card දෙකම අරගෙනත් තියෙනවා. creative sound blaster එක ඔක්කොම දාල බැලුවම workspace 3 කටම පලල තියෙනවා.

    ඉතින් කරපු දේවල් ලියන්න ගත්තා මේක ලියන්නේත් ෆෙඩෝරා වල ඉදගෙන. යුනිකෝඩ් එකත් අවුලක් නෑ. වෙනසකට තියෙන්නේ alt+shift වෙනුවට ctrl+space පාවිච්චි කරන එක. එක අතකින් ඒකති ලේසියි.
    (space bar එක ලොකු නිසා)

    ඉතින් මුලින්ම බින්කුගේ ආරාධනාවත් පිලිගත්ත නිසා ලිවුවා වයින් ගැන කොම්පුටරේට
    ඉතින් වින්ඩෝස් අතඅරින්න අකමැති හේතු ගොඩකට උත්තර ඒකෙන් හම්බෙනවනේ.

    දැන් ඉතින් තියෙන්නේ ෆයර්ෆොකස් වල ප්ලගින් ටික දාගන්න එක
    මේ ටික කරගත්තම ඉතින් ආයෙ වින්ඩෝස් පැත්තෙ යන්න අවශ්‍ය වෙන එකකුක් තෑ.

    මෙච්චර සිම්පල් ප්ලෑන් තියෙද්දී මොකටද අමාරුවෙ වැටෙන්නෙ.

    ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා. මොඩම් එක කෙලින්ම ෆෙඩොරා වලට හදාගන්න එක තාම හම්බුනේ නෑනේ.
    kubuntu වලදි නම් හදාගත්තා. ඒකත් බැරිවෙන එකක් නෑ.

    ඔන්න ඔහොමයි මම ෆෙඩෝරාත් එක්ත වැඩ පටන්ගත්තේ.
    තාම ඉතින් ෆෙඩෝරා දාල දවසයිනේ.
    සිද්ද වෙන දේවල් ටික ටික ලියන්නම්කො.

    2009-04-04

    මොබිටෙල් usage එක ඉල්ලුම් නොකර ගෙන්න ගන්න

    මොබිටෙල් පසු ගෙවුම් පැකේජයන් සඳහා usage කියල 4567 ට යැවුවම දැනට usage එක දක්වමින් අපට sms එකක් ලැබෙනවා. මේක දවසකට පාරක් ඉල්ලුම් කිරීමකින් තොරව ගෙන්නගන්න කැමති අයට කරන්න තියෙන්නේ YES කියල 4545 ට යවන එකයි.



    2009-04-02

    NIC එකෙන් විස්තර ගන්න

    NIC කිවුවම අපේ කට්ටියට මතකෙට එන්නේ Network Interface Card. මේ කියන්න යන්නේ ඒ NIC එක ගැන නෙවෙයි. මේ National Identification Card එහෙමත් නැතිනම් ජාතික හැදුනම් පත් අංකයෙන් ගන්න පුලුවන් විස්තර ගැනයි. පොඩි මෘදුකාගයකින් කරන්න පුලුවන් මෙහෙම. මෙතනින් අරගන්න.
    ආ.. තව ටිකෙන් අමතක වෙනවා. ඉපදුණු දවස සතියේ කවදද කියලත් පෙන්නනවා.

    2009-04-01

    Kubuntu 8.10 වල හිරවුනෙමි.

    පසුගිය දවසක නැවතත් මට shipit හරහා ඉල්ලුම් කරන ලද Kubuntu 8.10 හා Ubuntu 8.10 ලැබුණත් මේ වන තුරු දමා බැලීමට ඉඩක් ලැබුනෙ නෑ. (අනික වෙනත් Hardisk එකක් නොමැති වීම නිසා). ඔන්න අද ඉඩක් ලැබුණු නිසා Virtual box එක ආධාරයෙන් Kubuntu 8.10 ස්ථාපනය කලා.( gnome වලට වඩා KDE ලස්සන යැයි සිතුණ නිසා).

    ඉතින් desktop එකට ආපු ගමන් ඉතින් තව ටිකක් මොනවද තියෙන්නෙ කියල බැලුවා
    බලන‍ කොට මුලින්ම දැක්කෙ desktop effects.
    මොකද කලේ ඔක්කොම ටික enable කරල apply කරා.

    ඔන්න ඊට පස්සෙ තමයි ලස්සනම වැඩේ උනේ
    desktop එක ‍පාට පාට වැටෙන්න ගත්තා.
    මොනවත්ම පේන්නෙ නෑ.

    ‍Console එකට නම් ලොග් වෙන්න පුලුවන්. ඒකෙන් මොනව කරන්නද ෆයිල් හොයාගන්නත් තැන් මතක නෑනේ.
    ඉතින් x-server restart කරා, remove කරල install කරා.
    දන්න සෙල්ලං සේරම දාල බැලුවා හරි ගියෙත් නෑ.
    මොනව කරන්නද? මමත් විහින්නෙ කරගත්තේ.

    මම ඉතින් gnome දාගෙන බැලුවා ඒක නම් වැඩ.

    ඉතින් අප්‍රේල් පලවෙනිදා දවසත් ඉවරයි.