Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2010-12-15

Linux මත Automatic Login සක්‍රිය කිරීම


බොහෝමයක් ලිනක්ස් Live CD වල තියෙන්නේ බූට් කල විට Desktop එක ලැබෙනතෙක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමයි. නමුත් ස්ථාපනයෙන් පසු බොහෝවිට Desktop එක ප්‍රවේශ වීමට ප්‍රථම Login Screen එකේදී පරිශීලක නාමය සහ මුරපදය විමසා සිටී..

මෙය මඟහැරයාමට පහත පියවර අනුගමනය කරන්න..

/etc/gdm/custom.conf ගොනුවට [daemon] වලට පසු

AutomaticLoginEnable=true
AutomaticLogin=tharaka


හෝ
TimedLoginEnable=true
TimedLogin=tharaka
TimedLoginDelay=0


එක් කරන්න. එවිට පරිගණකය පණගැන්වූ වට මුරපද නොවිමසාම Desktop එක ලැබෙනු ඇත.

2010-11-21

අඳුරු අහසක රෑ කැටයම්...


අඳුරු අහසක රෑ කැටයම්
සඳකි තනිකම් කළ සිත්තම්
ඔබට තවකෙක් පමණක් නම්
මියෙමි සඳවත අද මා නම්
නොනිමි කඳුළක පටලා හද
අඳුර කිම සැඟවී දුර තෙර
කිබඳ මහද ද ඔබ වූ සඳ
කිමද ඉකිබිඳ හද වැද අද

නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ
මා පැතු සෙනේ
මඟ නොදැන ඔබ යන මඟ දැක
මිය යනු කෙසේ
දිවිතත් නැතත් මා හඬවා
ළතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
හිම මෙනි දියේ

අඳුරු අහසක ....

මුකුලිතව සිත වත නෙත වැඩි
කඳුළයි නෙතේ
සිතක දුක දැක දැක ඔබ මෙන්
වෙන්වී ගියේ
දිවිතත් නැතත් මා හඬවා
ළතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
හිම මෙනි දියේ

අඳුරු අහසක .....


ගායනය :- රකිත

සිංදුව ඕන අය මෙතනින් ගන්න.


විශේෂ ස්තූතිය උදාර මදුෂංක සොයුරාට.
පින්තූරය : http://f-atedaffinity.blogspot.com/2009_10_01_archive.html පිටුවෙනි.

2010-11-20

Facebook කමෙන්ට් වලට Like එක ආපු හැටි

මෙන්න මෙහෙමයි Mark Zuckerberg ට FB එකේ කොමෙන්ට් වලට ලයික් එක දාන්න අදහස පහල වෙලා තියෙන්නේ. මලින්ත ගේ කොමෙන්ටුව කොහොම හරි කියවගෙන. දැන් ඔන්න හැම කමෙන්ට් එකකටම ලයික් එක ගානේ ඇවිත්. බලමුකෝ ඒකෙත් හැටි නේද? Deeps ට තමා ඕක ආපහු මතක් උනේ කොමෙන්ට් වලට ලයික් එක දැකපුවම.


බලාගෙන ඔයාලගේ කමෙන්ටුත් එයාල කියවනව ඇති. :D

2010-11-14

නුඹ මගේමද?


එකට ලංව දෑගිලි පටලා,
එකම වලහලක් යටට වෙලා ඉන්න,
ආත්ම ගණනක් ම පෙරුම් පිරුවත්,
සංසාරෙම පතා ආපු මගේ ආදරේ නුඹට මදි උනා...
සඳක් වෙලා නුඹේ ලෝකයට එලිය කරන්න හිතුවත්
නුඹට මාව තවත් එක පුංචිම පුංචි තරුවක් විතරක් උනා,
නුඹේ ලෝකයම සුවඳ කරන්නට හිතුවත්
නුඹට මාව අඹ මල් රේණුවක් විතරක් උනා.
මම මෙච්චර නුඹට ආදරය කරද්දීත්,
නුඹට මගේ ආදරේ දැනුනෙ වත් නැති උනාට,
තව තවත් නුඹට ආදරේ කලේ
නුඹ මගේමයි කියල
හිතපු නිසා


ඡායාරූපය: Google ඇසුරින් සොයාගත්තකි

2010-11-13

මේං මේ අය සාජ්ජේට සිංදු කියලා

ඔන්ලයින් සාජ්ජේ ගැන කිහිපවාරයක් ලිවුවනෙව. ඒත් දන්නැති අය ඉන්නව නං මෙන්න ලිංකෙ ගිහින් බලාගන්ට. අරඹපු හැටි පවා ලියල තිබුණා.

ඉතිං පහුගිය ‍දවස් ටිකේ බැලුවම සාජ්ජෙට අලුතිං සහභාගී‍ වෙන පිරිස වැඩිවෙලා වගේ. සර්ච් පාරක් දාල බැලුවම අලුත් අය ගොඩක් සාජ්ජෙට සිංදු කියල තියෙන බව දැක්කා. මගේ රේඩාර් එකට මේං මේ අය අහුඋනා සිංදු කියල තියෙනව කියලා. බලන්නකෝ ඔයාගෙ නමත් තියේද කියලා.

maduonline
uvindubt
thisara8
KasunWeer
budhajeewa
CrazyAnsh
thameera
randeera
Nodaruva
yfmdjslash
AnjulaMalshan
lishwish
udithaumesh
CrazyNalin
lasanthabuddika
isuru71
anushkalakmal
gayantha
champike
wmharshana
NisansaDdS
Polzie
NaveenAsphalt
nisald
gopiharan
roshm
namila007


ඔච්චර තමයි මට කාලය හරහා අතීතයට යන්න පුලුවන් උනේ. ඉතිං කාලය හරහා එහෙම යද්දි තවත් දැකපු කරුණක් තමයි මේ සැරේ විවිධ භාෂා වලින්(හින්දි සිංහල දෙමල ඉංග්‍රිසි) ගීත ඉදිරිපත් කරල තිබුණා. ඒ වගේම නොදන්නා අයව සාජ්ජේ පිළිබඳව දැනුවත් කරලත් තිබුනා. ඒ අතරේ #sajje අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න ‍විදෙස් මිතුරන් දැනුවත් කිරීමක් කරමු යන ‍යෝජනාවත් බුදාජීව ඉදිරිපත් කලා. ඒ අනුව නැවතත් ඉංග්‍රිසි බසින් ලිපියක් ලියා පලකලා. මිතුරන් දැනුවත් කිරීමත් කලා. තවත් සාජ්ජේට සහභාගි වෙන්න කැමති අය ඉන්නවනම් ඉතිං සිංදුවක් දෙකක් කියල මේ පැත්තට එන්න පුලුවන්. ඒ වගේම ඔයා‍ලගේ ට්විටර් යාලුවන්වත් දැනුවත් කරන්න. තව ඔයාලගේ අදහස් එහෙම තියේ නම් අපිට කියන්න.