Pages

2009-04-12

ෆෙඩෝරා සමහ කරපු සෙල්ලම්

ඔන්න ඉතින් ෆෙඩෝරා දාල ටික දවසක් වෙනවනේ. මුකුත් ලිවුවේ නැති උනාට ගොඩක් දේවල් කරල බැලුවා.ඔක්කොම ලියන්න බැරි උනත් ටිකක් ලියන්න හිතුවා.
තුන් පාරක් ආයිම දාන්නත් උනා.
(Display settings වෙනස් කරල මුකුත් පේන්නැතිව,
Netweork settings වෙනස් කරල internet හදාගන්නම බැරුව)

ඉතින් ආයිත් x server වෙනසක් කරනවනම් මම කරන්නේ /etc/inittab file එක edit කරල id:5:initdefault:
කියන පේලිය id:3:initdefault: කියල වෙනස් කරල තමයි කරන්නේ. නැත්නම් login screen එකටවත් යන්න පේන්නැති උනත් CLI එකට වත් යන්න පුලුවන්නේ.
එතකොට ඕන වෙලාවක GUI එකට යන්න පුලුවන් init 5 කියල දුන්නම. 5 කියන්නේ X11 කියන එක.

මෙන්න මෙහෙමයි run levels තියෙන්නේ
0 - halt (Do NOT set initdefault to this)
1 - Single user mode
2 - Multiuser, without NFS (The same as 3, if you do not have networking)
3 - Full multiuser mode
4 - unused
5 - X11
6 - reboot (Do NOT set initdefault to this)

ඉතින් මුලින්ම කලේ internet යන්න settings හදන එක. ZTE ZXDSL 852 මොඩම් එකට settings හදා ගත්තේ නෑ laptop එකෙන් share කරල තමයි තවම internet පාවිච්චි කරන්නේ.

Tharaka Weerasekara මගේ කලින් පෝස්ට් එකට දාපු කමෙන්ට් එකේ විදියට ගිහින් EasyLife දා ගත්තා. ඒකෙන් Firefox වලට Flash Java plugins දාගත්තා. ඒඑක්කම mp3 players ටිකයි codec/DVD Tools ටිකයි skype එකයි දාගත්තා.
ඒ ටික දැම්මම media ඕන දෙයක් වැඩ. මට කලින් fc6 එපා උනේ මොඩම් එකයි media ටිකයි වැඩ නැතුව

ඊලගට yum වලින් wine දාගත්තා
"yum install wine"

samba වලින් windows එක්ක sharing කරන්න හදාගත්තා.
ඒක නම් ඉතින් නෙට්වර්ක් එක අනුව වෙනස් වෙන නිසා දාන්නෙ නෑ.

අද බලනකොටයි අහුවුනේ skype එකෙන් කොල් ගන්න බෑ කියලා. චැට් කරන්න නම් කරදරයක් උනේ නෑ.
settings වෙනස් කරන තැනක් හම්බුනේ නෑ එපාර system-->>preferences-->hardware-->>sound වලින් try කරා හරිගියේ නෑ.
බෑරිම තැන කාලිංග අයියගෙන් අහල බැලුවා. එයා මේ ලින්ක් එක එවුවා එක් බලද්දි මම ගියපු නැති තැනක් තියෙනව කියල දැක්කේ. ඒත් settings තියෙන්නේ කොහෙද කියල හොය හොයා ඉන්නකොට තමයි නිකමට icon එක right ක්ලික් කලේ. ඔන්න තැන. එපාර අර ලින්ක් එකේ තිබුන විදියට හදාගෙන කොල් ගත්තේ.

තව ඉතින් Open Office එහෙමත් තියෙනවනේ. msoffice වෙනුවට පාවිච්චි කරන්න.

VirtualBox එකත් කරදරයක් නැතිව දාගත්තා.

දැන් මොඩම් එකට පොඩි වැඩක් කරල බලන්න හදන්නේ.

ගොඩක් දේවල් නම් ලියන්න බැරි උනා. කරපු සේරම දේවල් ලියන්න මතක් වෙන්නේ නෑනේ.

තවත් කරල බලන දේවල් ලියන්න හිතන් ඉන්නවා. ඉඩක් ලැබුනම තමයි ලියන්න වෙන්නේ.
මොකද මටත් කරපු දේවල් ආයිම කරන්න වුනාම බලාගන්න හරි පුලුවන්නේ.

4 අදහස්:

  1. Samba පාවිච්චි කරනවනම් Firewall එක නිතරම up කරල තියන්න. වයිරස්.. ස්පයිවෙයා එන්න හදයි.

    ReplyDelete
  2. වින්ඩෝස් වලද ෆෙඩෝරා වලද?
    මම වින්ඩෝස් වල නම් up කරල තියෙන්නේ.

    ReplyDelete
  3. Gateway Computer එක මොකක්ද?

    Gateway එක Fedora නම් firewall එක up කරල තියන්න. ඒකෙන් computer දෙකම ආරක්ෂා වෙයි.

    Gateway එක Windows නම් Sygate Personal Firewall එක දාගන්න. Fedora වලත් firewall එක up කරල තියන්න (කොකටත් කියල :D). Windows වල in-built firewall එක ගැන මගේ කිසිම විශ්වාසයක් නැහැ.

    ReplyDelete
  4. මටත් එහෙම තමයි. ඒත් ෆෙඩෝරා වල මොනව හරි ස්ථාපනය කරන කොට පහුගිය දවස් ටිකේ Firewall Disable කරල තමයි කරේ.මට හිතුනා වෙන ‍port එකක් ඕන වෙයි කියල. හරියටම දන්නෙ නෑ. ඒත් මට හිතුනා. B-) tune up එකෙන් නිතරම active වෙන දේවල් බලල මැනේජ් කරනවා.
    කොහොම උනත් අදහසට නම් ස්තූතියි. මේකත් කොහේදි හරි ඕන වෙයි.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ