Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2009-03-31

මූණුපොතේ යාවත්කාලීන දැන් SMS වලින්

දැන් මූණු පොතෙන් notification sms මාර්ගයෙනුත් දැන ගන්න පුළුවන්.
මේ මොබිටෙල් සයිට් එකෙත් දාල තියෙන්නේ


වැඩි විස්තර මෙතනින්


මෙන්න මූණු පොතේ තියෙන විදිය
Facebook is now available via SMS. Click here to activate. Once activated, you can update your status by texting it to FBOOK (ඔබේ fbඅංකය). Learn more.

2009-03-26

ටෙලිවිෂන් ෂෝ බලන්න

මට හම්බුනා ටෙලිවිෂන් ෂෝ බලන්න පුලුවන් නියම තැනක්. ඉතින් කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුනා. මෙන්න ගිහිල්ලම බලන්න.

Blinkx Video Search Engine 

2009-03-23

Fire Foxහි Address Bar එක Progress Bar එකක් කිරීම

මේක කරන්නේ Fire Fox addon එකකින්.‍Fire fox හි පිටුවක් පූරණය වන විට එහි පූරණය වූ ප්‍රමාණය මෙහිදී Address bar එකෙහි දිස්වේ.ඒක මෙතනින් එකතු කරගන්න

     

Fission 1.0.3



2009-03-18

Share නොකර Share කිරීම

හොයාගත්තෙ මෙහෙමයි
මේ කියන්න යනදේ නම් Server එක්ක වැඩ කරද්දී හුඟ කාලෙකට කලින් මට ඉගෙන ගන්න ලැබුණු එකක්. මට නම් පන්ති ගිහින් ඉගෙන ගත්තට මතක හිටිනව අඩුයි. Self Study හරි පැට්‍රිකල් හරි කරපු දෙයක් නම් හොදට මතක තියෙනව. මේකත් ඒ වගේ ඉගෙන ගත්තෙ.

මේකයි වැඩේ.
නෙ‍ට්වර්ක් එකක ෆොල්ඩර් එකක් Share කලාම ඒකෙ icon එක අතක් එක්ක තියෙන ෆොල්ඩර් එකක් විදියටයි පෙන්නන්නෙ හරියට මේ වගේ.

ඒත් මේ කියන්න යන ක්‍රමේදී මුර පදයක් යෙදූ පරිශීලක ගිණුමක් පරිගණකයේ තියෙන්න ඕන.
අනිත් එක තමයි මේ විදියට share කලාම ඒ පරිශීලකගේ මුරපදය දන්නා අයෙකුට දෘඩතැටියේ ගවේෂණය කල හැකි සියලුම ස්ථාන වලට වෙනත් පරිගණකයක් මගින් පිවිසිය හැකි වෙනවා. ලිනක්ස් වල සම්බා වලිනුත් ඇතුලුවෙන්න පුලුවන්.

කරන්න තියෙන්නෙ මෙච්චරයි.
ෆොල්ඩර් ඔප්ෂන් වල view ටැබ් එකේ advance settings යටතේ ඇති අවසන් තේරීම [use simple file sharing(Recommended) කියල තියෙන තේරීම] අවලංගු කරන්න.(ඉදිරියෙන් ඇති හරි සලකුණ නැති කිරීමෙන් මෙය කල හැක).
දැන් ඔබේ දෘඩ තැටියේ රයිට් ක්ලික කර එන මෙනුවෙන් sharing and security... තේරීමෙන් පසු එය දැන් share වී ඇති බව දැකගත හැක.
දැන් share නොකර share කිරීම සිදුකර අවසන්.

බලන්නෙ
share කරපු විදිය බලන්න අනිත් පරිගණකයේ explorer හෝ internet browser එකේ (Fire fox also worked, Konqueror) address bar එකේ මෙලෙස ලබාදෙන්න'
" \\<ඔබ‍ගේ පරිගණකයේ නම හෝ ip ලිපිනය>\<අදාල ධාවකයේ අකුර>$ "
උදා: C ධාවකයට ඇතුලුවීමට නම් "\\Tharaka_PC\C$"
ඉහත පියවරවල් නිවැරදිව සිදු කලා නම් පරිශීලක නාමය හා මුර පදය විමසන කවුලුවක් විවෘත වනු ඇත.
ඇතුලු වීමට අවශ්‍ය පරිගණකයේ පරිශීලක නාමය හා මුරපදය සඳහන් කර OK කරන්න. එම පරිගණකයේ අදාල ධාවකය තුල ඇති ගොනු සහ ෆයිල් දිස්වනු ඇති.

ප.ලි:මෙය මා අතින් නිතර භාවිත වන දෙයක්. ලිව්වෙ නම් මතකින්.මොකද මේ වෙලාවෙ මේ‍කෙ විතරයි වැඩ. wamp දුවන නිසා වැඩ කරනවද කියල හිතාගන්න බෑ. වැරදි තියෙනවද කියලත් බලන්න.ආ තව ටිකෙන් අමතක වෙනවා. ලියන ක්‍රමෙත් පොඩ්ඩක් වෙනස් කරා.




2009-03-15

ඕනම පරිගණක දෙකක් අතර VPN එකක්

මුලින්ම කියන්න ඕන. මේකත් මම අත්හදා බලපු එකක්. ADSL වලින් VPN හදල බැලුවා. Dialog එකකට Remotely ලොග් උනා. කලේ මේකෙන්
 
අනිත් අයත් එක්ක තමන්ගේ files හුවමාරු කරගන්නත් පුලුවන්. පෞද්ගලික භාවිතයට නොමිලේ දෙනවා.
ෆයර්වෝල් IP ගැන වදවෙන්න ඕනත් නෑ. උවමනා වෙන්නේ දෙපැත්තෙම මේක දාල තියෙන එකයි.

ආරක්ෂාව ගැන කියනවනම් අහඹු අංකයක් ආරම්භ‍ වෙද්දි දෙනවා. ඒක පරිගණකයට ඇතුළු වෙන කෙනාට මුරපදයක් වගේ. ඒක නැතුව ඇතුලු වෙන්න බෑ. ඒක නිසා අයිතිකරු නොදැන පරිගණකයට ඇතුළු වෙන්න හැකියාවක් නෑ.

හැබයි අනිත් අයට ඇතිවෙන ප්‍රශ්න තේරුම් ගන්න මරු. (කිව්වට නොතේරිච්ච ඒවා) මේකෙන් බලල මම දෙන්නෙක්ගෙ ප්‍රශ්නවලට විසදුම් දීලත් තියෙනවා.


2009-03-13

සිංහල විකිපීඩි‍යාවේ මගේ පලමු සංස්කරණය

මගේ පලමු සංස්කරණය ලෙස මම ඉන්ටනෙට් හෙවත් අන්තර්ජාලය පිලිබද ලිපිය සංස්කරණය කලෙමි.

 සංස්කරණයට  පෙර
 
    


විකිපීඩියා සහ සිංහල


විකිපීඩියා යනු අප කවුරුත් දන්නා පරිදි ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කල හැකි විශ්වකෝෂයකි. ඕනෑම කෙනෙකුට නව ලිපි ලිවිමට මෙන්ම පවතින ලිපිවල අඩුපාඩු සකස් කිරිමද සිදුකල හැකි බැවින් මෙහි අන්තර්ගතය වැරදි සහිත වීමේ සම්භාවිතාව ඉතා අඩුය.
දැන් විකිපීඩියා සිංහල භාෂාවෙනුත් භාවිතයට පහසුකම ලබාදී ඇත. එහෙත් මෙහි සිංහල සංස්කරණයේ ඇත්තේ අන්තර්ගතයන් 1318ක් පමණි. එහෙත් ඒවායේද සමහරක "සංස්කරණය වෙමින් පවතියි" ලෙස දක්වා ඇත. සිංහල භාවිතා කරන්නන්ගේ පහසුව තකා ලැබී ඇති අවස්ථාව අප මඟ හරින්නේ නැතිව අපේම භාෂාවෙන් මෙහි අඩුපාඩු සකසා ගතහොත් ඕනෑම දෙයක් ගැන කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
අපට මේ‍ වෙනුවෙන් කල හැක්කේ අප දන්නා දේ පිලිබදව මෙහි සටහන් කිරිමයි. එහෙත් වැරදිම් සිදුවිය හැකියාව ඇත. එය මඟ හැරිමට කල යුත්තේ අප සියලු දෙනාම එක්ව මෙය යාවත්කාල කිරීමයි. එවිට සැමදෙනාගේම අදහස් සලකා බැලීමෙන් වඩාත් නිවැරදි සිංහල විකිපීඩියාවක් අපට ලැබෙනු ඇත.
ඉතින් මෙය සිංහල භාෂාව ව්‍යාප්ත කිරීමට මහඟු අවස්ථාවක් නොවන්නේද?

2009-03-10

ලොව වටා ඇති සැටලයිට් හා ගමන්පථ



මේ දවස්වල සැටලයිට් හා ගමන් පථ ගැන වැඩක් කරන නිසා ඒවා පිලිබදව ටිකක් හොයන්න වෙලා. ඉතින් හොයල බැලුවම තියෙනවා මාර සැටලයිට්‍ ගොඩක්.ආරක්ෂක,කාලගුණ,සන්නිවේදන ආදී දේවල් සඳහාත් මේ සැටලයිට් භාවිතා වෙනවා. තව හැමෝම වගේ දන්න රූපවාහිනී සේවා කරන ඒවත් තියෙනවා. මේ J-Track 3D කියන එකේ ඒ ඔක්කොම සැටලයිට් වල තොරතුරු තියෙනවා. මේක බලන්න හැබයි ජා‍වා තියෙන්න‍ ඕන. සැටලයිට් බලන්න මෙතනින් යන්න.
බලල හිතෙන්නෙ මොනවද කියල කියන්නකෝ

2009-03-07

IE 8 වල තවත් ලෙඩක්

IE 8 ‍‍ආරම්භ කල පසු මුල් පිටුව ලෙස ගූගල් සකසා තිබුනද දිස්වන්නේ මෙම පණිවිඩයයි. ගූගල් වෙන යාමට පිටුව ප්‍රතිපූරණය කල යුතුය.

එ‍බැවින් මම සුපුරුදු පරිදි ‍ගිනි නරියා ම භාවිත කරමි. මන්ද මෙවැනි දෝෂ නොමැතිව සහ වේගවත්ම අන්තර්ජාලයේ සැරිසැරිය හැකි නිසාත්ය. කාල ප්‍රමාදය නැති කරගැනීමට උපදෙස් සදහා මෙය මත ක්ලික් කරන්න. දැන් නම් මට වෙන ගවේෂක වලට යන්න හිතෙන්නෙත් නෑ. ෆයර් ෆොක්ස් දාල.

මෙන්න වැඩක්

Google reader එකට මම follow කරපු බ්ලොග් ටිකයි සින්ඩියයි add කරල ඒක කියවද්දි මගේම පෝස්ට් එකක් හම්බුනා හැබැයි ලියල තියෙන්නෙ ප්‍රභාෂ්වර කියල තමයි ඒකෙ පෙන්නුවෙ. මේ බලන්න




2009-03-04

Proxy නැතිව අන්තර්ජාල සබදතාව Share කිරිම

මගේ තියෙන්නේ ADSL සබදතාවයක්නේ. ඉතින් ඒකට පාවිච්චි කරන්නේ zte මොඩම් එක connect කරන්න තියෙන්නේ usb පොර්ට් එකට. එහෙම කනෙක්ට් කරාම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කනෙක්ට් කරපු පරිගණකයේ විතරයි. ඉතින් අනිත් පරිගණකය ට සබදතාව ලබාදෙන්න එක්කෝ රවුටරයක් ඕන. නැතිනම් ‍ප්‍රොක්සියක් දාගන්න ඕන.
අන්තර්ජාල සබදතාව share කරන්න ලේසිම ක්‍රමය proxy එකක් දාගන්න එක. ඒත් ඒක පාවිච්චි කරද්දී මට සැරින් සැරේ Proxy එක restart කරන්න උන නිසා වෙන ක්‍රමයක් බැලුවා. ඉතින් අන්තිමට හොයාගත්තා ක්‍රමයක්.

Network connections වලට ගිහින් ZTE මොඩම් එකේ propertise වල Advanced යටතේ තියෙන Internet Connection Sharing වල මුල් tick දාල OK කරාම Lan IP එක 192.168.0.1 කියල වෙනස් වෙන‍වා.
දැන් අනිත් පරිගණකයේ Network Properties වල Local Area Connection එකේ Properties වල Internet Protocol (TCP/IP) properties වල  Ip , dns දෙකම obtain automatically ලෙස තෝරා OK කරන්න.

(වෙනත් අදහස් හෝ නිවැරදි කිරීම් ඇත්නම් ප්‍රතිචාර දක්වන්න. මෙය මා දැනට භාවිත කරන සැකසුම කෙටියෙන් දැක්වීමකි.)





True Love

i found this about true love.




Ninja Proxy

Ninja Cloak is a free anonymous web based proxy service. With Ninja Cloak you can browse your favorite web sites anonymously and even from behind a firewall with blocked ports. Whether you're on the job, at school or college university, a public terminal, or anywhere else with a web browser, you can use Ninja Cloak to view your favorite web sites!

Your privacy is obviously important to you, and Ninja Cloak ensures your privacy by letting you browse the Web as an anonymous user. Web sites often track, log, and analyze your IP address, geographical information, web browser, and other personal information. Ninja Cloak makes your browsing experience totally anonymous by hiding information such as your IP address from web servers. Browsing anonymously is safe. Ninja Cloak requires absolutely no extra software or programs to be installed. Using Ninja Cloak to browse the web will reduce your risk of being infected with trojans, viruses, worms, and other malicious scripts by putting an anonymous filter between you and the web site you want to visit.

How does it work? Ninja Cloak is an anonymous CGI proxy , that handles every request you make for a web site on your behalf. Using Ninja Cloak is like slipping on the ninja suit and becoming invisible to the web sites you browse. If you have been searching for a safe and private way to browse the web from work or college, you have found it!

Source: