Pages

2009-03-04

Proxy නැතිව අන්තර්ජාල සබදතාව Share කිරිම

මගේ තියෙන්නේ ADSL සබදතාවයක්නේ. ඉතින් ඒකට පාවිච්චි කරන්නේ zte මොඩම් එක connect කරන්න තියෙන්නේ usb පොර්ට් එකට. එහෙම කනෙක්ට් කරාම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කනෙක්ට් කරපු පරිගණකයේ විතරයි. ඉතින් අනිත් පරිගණකය ට සබදතාව ලබාදෙන්න එක්කෝ රවුටරයක් ඕන. නැතිනම් ‍ප්‍රොක්සියක් දාගන්න ඕන.
අන්තර්ජාල සබදතාව share කරන්න ලේසිම ක්‍රමය proxy එකක් දාගන්න එක. ඒත් ඒක පාවිච්චි කරද්දී මට සැරින් සැරේ Proxy එක restart කරන්න උන නිසා වෙන ක්‍රමයක් බැලුවා. ඉතින් අන්තිමට හොයාගත්තා ක්‍රමයක්.

Network connections වලට ගිහින් ZTE මොඩම් එකේ propertise වල Advanced යටතේ තියෙන Internet Connection Sharing වල මුල් tick දාල OK කරාම Lan IP එක 192.168.0.1 කියල වෙනස් වෙන‍වා.
දැන් අනිත් පරිගණකයේ Network Properties වල Local Area Connection එකේ Properties වල Internet Protocol (TCP/IP) properties වල  Ip , dns දෙකම obtain automatically ලෙස තෝරා OK කරන්න.

(වෙනත් අදහස් හෝ නිවැරදි කිරීම් ඇත්නම් ප්‍රතිචාර දක්වන්න. මෙය මා දැනට භාවිත කරන සැකසුම කෙටියෙන් දැක්වීමකි.)





3 අදහස්:

  1. අන්තර්ජාල සබඳතාව share කරන්න proxy අවශ්‍යම නෑ. මම මගේ Dial up HSDPA සම්බන්ධතාව share කරන්නෙත් මේ ක්‍රමයටම (proxy රහිත) තමා.

    ReplyDelete
  2. මේක තව විස්තර සහිතව දැම්මොත් නරකද? අනික් පරිගණකය connect කරන්නෙ crossover cable එකකින් නේද? අනික එහෙම share කරන්න පුළුවන් තව එක පරිගණකයකට විතරනෙ. Laptop පරිගණක පාවිච්චි කරනවනම් Wireless Ad-Hoc Network එකක් හදලා Wi-Fi හරහා share කරන්න පුළුවන්.

    ReplyDelete
  3. Proxy ගැන හැදින්වීමක් කරන්න පුලුවන්ද?? දන්නෙ නැති අයට වැදගත් වෙයි..(මම දන්නෙත් නැ හරියටම ඔය සිද්දිය..)

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ