Pages

2009-04-01

Kubuntu 8.10 වල හිරවුනෙමි.

පසුගිය දවසක නැවතත් මට shipit හරහා ඉල්ලුම් කරන ලද Kubuntu 8.10 හා Ubuntu 8.10 ලැබුණත් මේ වන තුරු දමා බැලීමට ඉඩක් ලැබුනෙ නෑ. (අනික වෙනත් Hardisk එකක් නොමැති වීම නිසා). ඔන්න අද ඉඩක් ලැබුණු නිසා Virtual box එක ආධාරයෙන් Kubuntu 8.10 ස්ථාපනය කලා.( gnome වලට වඩා KDE ලස්සන යැයි සිතුණ නිසා).

ඉතින් desktop එකට ආපු ගමන් ඉතින් තව ටිකක් මොනවද තියෙන්නෙ කියල බැලුවා
බලන‍ කොට මුලින්ම දැක්කෙ desktop effects.
මොකද කලේ ඔක්කොම ටික enable කරල apply කරා.

ඔන්න ඊට පස්සෙ තමයි ලස්සනම වැඩේ උනේ
desktop එක ‍පාට පාට වැටෙන්න ගත්තා.
මොනවත්ම පේන්නෙ නෑ.

‍Console එකට නම් ලොග් වෙන්න පුලුවන්. ඒකෙන් මොනව කරන්නද ෆයිල් හොයාගන්නත් තැන් මතක නෑනේ.
ඉතින් x-server restart කරා, remove කරල install කරා.
දන්න සෙල්ලං සේරම දාල බැලුවා හරි ගියෙත් නෑ.
මොනව කරන්නද? මමත් විහින්නෙ කරගත්තේ.

මම ඉතින් gnome දාගෙන බැලුවා ඒක නම් වැඩ.

ඉතින් අප්‍රේල් පලවෙනිදා දවසත් ඉවරයි.




2 අදහස්:

  1. google කරලත් හෙතුවක් සහායක් හොයාගන්න බැරි නිසා irc එකෙන් ඇහුවම අනේ මට නම් එගැන අදහසක් නැ කියලා තමා පිළිතුර ආවේ.

    එකටත් පැය 1/2 ඉන්න උනා.

    ඇත්තටම මම උත්සාහ කළේ CLI ක්‍රමයට desktop effects නැති කරන ක්‍රමය.

    එහෙම පුළුවන් වෙන්න ඔනා.

    ReplyDelete
  2. අන්තිමට පරිශීලක ගිණුමක් අලුතින් හැදුවා. අර සකස් කරපු දේවල් අදාල වෙන්නේ ඒ පරිශීලකයට විතරයිනේ. තාම අලුත් පරිශීලක ගිණුමෙ මුකුත් වෙනස් කලේ නෑ‍.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ