2010-03-17
2010-03-04
Repaird Fedora 12 File System
Last time when i start my Laptop it was normally booted & worked well. while the working i saw there are several updates are available for fedora 12 so opened the terminal and logged as root. then run update command by giving
it start to update. during the update process is downloading updates just minimized it and worked same as normal. there are no unusual things happened that day.
but day after that day i start my laptop i it wouldn't boot
it gave following message & i gave root password for it.
first i tried several times by pressing CONTROL-D. it restarted & gave same message
after that i found the problem it needs repair the file system. so i gave following command to repair file system (sda5)
it takes a little time to repair file system

that's all after rebooting the laptop it was successfully booted to gnome desktop.
finally i got my desktop back
yepieeeeeee!
yum update -yit start to update. during the update process is downloading updates just minimized it and worked same as normal. there are no unusual things happened that day.
but day after that day i start my laptop i it wouldn't boot
it gave following message & i gave root password for it.
*** An error occurred during the file system check.
*** Dropping you to a shell: the system will reboot
*** When you leave the shell.
Give root password for maintenance
(or type Control-D to continue):
bash: cannot set terminal process group (-1): Inappropriate ioctl for device
bash: no job control in this shell
(Repair filesystem) 1#
first i tried several times by pressing CONTROL-D. it restarted & gave same message
after that i found the problem it needs repair the file system. so i gave following command to repair file system (sda5)
fsck -t ext3 /dev/sda5
it takes a little time to repair file system

that's all after rebooting the laptop it was successfully booted to gnome desktop.
finally i got my desktop back
yepieeeeeee!
2010-03-02
තවත් Facebook වයිරසයක් වේගයෙන් පැතිරී යයි

මේ අවස්ථාව වන විට Facebook ජාලය තුල වයිරසයක් පැතිරෙමින් පවතින අතර එය ඔබේ මිතුරන් ලෙසින් මිතුරන්ගේ පින්තූර වලට කමෙන්ට් දමමින් යනු දැකගත හැක. පහත දැක්වන්නේ එම වයිරසය මගින් දැමූ කමෙන්ට කිහිපයකි.
Plsssss help.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/
Come if you are my friends.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/
Thanks all.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/
Love you soooooooo much.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/
this is a tough game, please teach me.
http://apps.facebook.com/jjzkrxjauwdqbxn/
මෙය වෙනස් වෙනස් ආකාර වලින්ද පැවතිය හැක. එය මත වැරදී හෝ ක්ලික් වීමක් සිදු උනේ නම් පහත පරිදි අවසර විමසීමක් කරනු ඇත. එහිදි කිසිම විටක අවසර ලබා නොදෙන්න. අවසර දුන හොත් එය පැතිර යාමට ඔබේ ගිනුමද භාවිතා කරනු ඇති.
මෙවන් application වලින් ප්‍රවේසම් වෙන්න. සැකකටයුතු application භාවිතා කිරීමෙන් වලකින්න. හැකියාව ඇත්නම් හැකිතරම් application භාවිතය අඩු කරන්න.
නිවහන අලුත්වැඩියා කරමින් සිටිමි
අවුරුද්දක් තිස්සේ හිටපු තැනනේ. ඔන්න මටත් හිතුන නිවහන අලුත්වැඩියා කරන්න. ඉතිං තීන්ත පාරක් ගාල අදහස් වඩා ප්‍රළුල්ව පෙන්නන්න ලිපි පෙන්වන තීරුව ටිකක් ප්‍රමාණයෙන් වැඩි කරල ලෝඩ් වෙන්න වෙලා යන ඒව වෙනමම පිටුවකට පිටුවහල් කරල දැම්මා. තවම වැඩ ඉවර නෑ. ටික ටික හදන්න ඕන. ඉතිං ඒක හදන කං මං බ්ලොග් එක නොලිය ඉන්නවට වඩා ලියන එක හොදයි කියල හිතුනා.
මූණු පොතේ ට්වීටරේ ඉන්න යාලුවො නම් දන්නවා ඉරිදා පොඩි (පොඩිමත් නෑ) රවුමක් ගැහුව විත්තිය. ඒ ගැනත් ලියන්න තියෙනවා. ඩොටේ ඩොට් වෙන ගමකට ගිහන් ආව.
ඒ ඔක්කොම ලියන්න ඕන අමතක වෙන්න කලිං ඊටත් කලිං මාස ගානක ඉදන් ඩ්‍රාෆ්ට් තුනක් එකතු වෙලා තියෙනවා ඒටික ලිපි බවට පත්කරන්නත් ඕන.
තීම් එක Internet Explorer වලට නම් කචල් ඇති. Firefox වලට තමයි හැදුවේ. ඉතිං දැනගන්න ඕන කට්ටියට පේන්නෙ කොහොමද කියලා. Internet Explorer වල ඉන්න කවුරු හරි කියන්නකෝ පේන විදිය කචල්ද නැද්ද කියලා.

2010-02-14
දෙවන වසර ආරම්භය.
ඔන්න පෙබරවාරි 14 වෙනිදත් ආවා.
ඉතිං පෙබරවාරි 14 විශේෂ වෙන්නෙ ඇයි.
ආදරවන්තයින්ගේ දිනය කියන නිසා නම් නෙවෙයි. මේ කියන්න යන්නේ සිංහල බ්ලොග් අවකාශයේ තියෙන තාරකගේ සටහන් පිටුව කියන මේ සිංහල බ්ලොග් අඩවියට පෙබරවාරි 14 වෙනිදා තියෙන විශේශත්වය මොකක්ද කියලා.
ඉතිං අදට හරියටම වසරකට කලින් අන්තර්ජාලය නම් මහා දැනුම ගබඩාවට තවත් එක පුංචිම පුංචි බ්ලොග් අඩවියක් ආරම්භ උනා. ඉතිං එදා ඉදලා ලියඋනු ලිපි ටික සංඛ්‍යාත්මකව ගත්තොත් 114ක් වෙනවා. මේ තියෙන්නේ එදා සටහන් කරපු තාරකගේ පළවෙනි සටහන
ඒ සටහනත් එක්ක පටන් ගත්තු සටහන් පිටුවට හැම මාසෙකම නොවැරදීම සටහන් එකතු උනා. ඉතිං මේ සටහනත් එක්ක තාරක සටහන් පිටුවත් අරගෙන ඉර වටේ රවුමක් ගිහිල්ල තියෙන්නේ තාරකටත් නොදැනීමයි.

සටහන් පිටුව ආරම්භ කරාට පස්සේ බ්ලොග් එක කියවපු කියවල අදුන ගත්තු අය එක්ක කොච්චර මේල් යවලා චැට් කරලා ස්කයිප් හරහා කතා කරල තිබුනත් ඒ අය හමුවෙලා දැන හදුන ගන්න ලැබීම මේ අවුරද්ද තුල සිදු වෙච්ච වැදගත්ම දෙයක් කියල කියන්න පුලුවන්.
මුලින්ම දක්ෂිණ ලිනක්ස් සංසදය ආරම්භ කලෙත් එහෙම හම්බෙලා දැන අදුනගෙන හිටපු අය එක්ක නෙවෙයි. දක්ෂිණ ලිනක්ස් සංසදයේ පළමු වැඩසටහනට ගියත් කවුරුවත් මූණ බලල අඳුන ගන්න බැරි උනා. වැටසටහන සංවිධානය කරගත්තෙත් අන්තර්ජාලය හරහාමනේ. එපාර ඩනිෂ්ක අයිය තමයි මුලින්ම කතා කරල අඳුන ගත්තේ ඊටත් පස්සේ ගයාන් කල්හාර, අනුෂ්ක ලක්මාල්, කල්ප පැතුම්, වී අමිත්ත ;) බන්දුල සර් එහෙම අඳුනගත්තා. ටිකක් වෙලා යනකොට අර මුලින් දැනුනු නුහුරු ගතිය නැතිඋනා. කට්ටිය සෑහෙන කාලෙක ඉඳල දන්නව වගේ ආශ්‍රය කරන්න පුලුවන් උනේ අන්තර්ජාලය තුලින් කතා බහ කරල තිබුණ නිසා වෙන්න ඇති.
දක්ෂිණ ලිනක්ස් සංසදය තුලින් අප පාසල් රැසකට නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩමුළු කලා.ඒ සියල්ලම මෙහෙම සඳහන් කරන්න අමාරුයි. ඒ අතර මම බටපොල නවෝද්‍යා පාසල වෙනුවෙන් නිදහස් හා වීවෘත මෘදුකාංග ගැන වැඩමුලුවක් සංවිධානය කලා. එදා තමයි ගෙදරින් දැනගත්තේ මම මේ කරන දේවල් මොනවද කියලා ;) (මගේ අම්මා ගුරුවරියක්) ඉතිං ගෙදර ඇවිත් මට ඌන පූරණ කරන්න විතරයි තිබුනේ. අම්මා සේරම දේවල් අනිත් අයට කිවුවා. මෙන්න මෙහෙමයි වැඩේ උනේ කියලා.
දේශීයකරණ වැඩමුලුත් අමතක කරන්න බෑ ඒ වැඩසටහනෙන් පස්සේ මම කරපු එක තමයි මේ
ඊටත් පස්සේ හන්තාන ව්‍යාපෘතියට දායක උනේ. හන්තාන ව්‍යාපෘතිය හදුන්වා දුන්නේ Software Freedom Day එක දවසෙදී ඒ අයත් එක්කම තවත් කිහිප දෙනෙක් හමු උනා. හිරන්‍ය ශ්‍රීමාල් සහ ප්‍රවීන් ඉන්ද්‍රනාමත් ඒ අය අතර හිටියා.
ඒ අතර තවත් එකක් කට්ටියටම අමතක නොවන හමුවීම මතක ඇති. විස්තර කියන්න ඕන නෑනේ. හැම බ්ලොග් එකකම වගේ ලිවුවනේ ඒක ගැන.
මෙන්න ලින්ක් ටිකක්. සිංහල බ්ලොග් අවකාශයට අලුතින් ආපු කස්ටියයි මතක නැති කට්ටියයි, මතක් කරල නැවත ඒ අවස්ථාව විදගන්න ආස අයයි ආපහු පාරක් ගිහින් බලන්නකෝ
මේ මගේ කැමරාවේ (ඇත්තම කිවුවොත් ජංගම දුරකථනයේ) සටහන් වෙලා තිබුණු සොදුරු මතකසටහන් ටිකක්.

මේ තමයි සමූහ ඡායාරූපය ගත්ත හැටි. අර කලින් දාපු ලින්ක් වල කිහිප තැනකම තියෙන නිසා මෙතන සමූහ එක දැම්මෙ නෑ.
අන්තිමට වටිනම පින්තූරේ. බළලා හිනා වෙනව හෙම නෙවෙයි ඕං. ;)

ඉතිං ඔන්න ඔය විදියට තමයි මේ පහුඋන අවුරුද්දක කාලය ගත උනේ..
අවුරුද්දක් පුරා මේ බ්ලොග් එකක් ලියාගෙන ගිහිල්ල ඒකේ සටහන් සියයකටත් අධික ප්‍රමාණයක් තියල කියල හිතෙන කොට මටත් ඇත්තටම පුදුම හිතුනා. මොකද මම එච්චරම ලිවීමේ දක්ෂයෙක් නොවන නිසා. ඒ කොහොම උනත් මේ වෙද්දී සටහන් පිටුවේ පළමු සංවත්සරය සමරන්න වෙලාව ඇවිල්ලා. ඉතිං ඒ අවුරුද්ද පුරාම මාත් එක්කම හිටපු තාරකගේ සටහන් පිටුවේ ප්‍රතිචාර දක්වලා මට සහයෝගය දක්වපු, ප්‍රතිචාර නැති උනත් සටහන් පිටුවට පා තබල කියවපු , කියවපු නැතත් පා තබපු හැමදෙනාටමත්, සටහන් පිටුවට පා නොතබාම RSS හරහා කියවපු හැමදෙනාටමත් බොහොම ස්තූතියි.

- ටොපිය - බ්ලොගර් නෑදෑකං සදාකාලිකං
- තමීරගේ තීරය - බ්ලොග් මිතුරන්ගේ හමුවීම
- ඉන්ද්‍රනාමගේ සයිබර් සිතුවිලි - Excel World හි අමතක නොවන දිනයක් | සිංහල බ්ලොග්කරුවෝ ප්‍රථම වරට රැස්වෙති
- ශාකුන්තලගේ සටහන් පොත - සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව
- ප්‍රභාෂ්ගේ සටහන් - SBU හමුව සහ අතුරු කථා
- රස්තියාදු කතා - සිංහල බ්ලොග්කරුවන් ගේ සුහද හමුව.