Pages

2009-05-11

මමත් අර්ධ ශතකයක් ගහලනේ


පෙබරවාරි දාහතර වෙනිද තිබුණ බ්ලොග් එක සිංහල බ්ලොග් එකක් විදියට හරවල පටන්ගත්ත සිංහල බ්ලොග් කෙරුවාව අද බලනකොට අර්ධශතකයත් පසු කරල. මගේ ලිවීමේ කලාව නම් එච්චරම හොද නැහැ. පුලුවන් විදියට තමයි ලිවුවේ. ඉතිං මේක අවස්ථාවක් කරගන්නවා මම මගේ බ්ලොග් එක බලපු සියලුම දෙනාටත් කමෙන්ට් කරල මාව දිරිමත් කරපු සියලුම දෙනාටත් ස්තුති කරන්න.

ඒ වගේම මෙම සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය පටන් ගැනීම සහ පවත්වාගෙන යෑම පිලිබදව එහි නිර්මාතෘ වරුන්ට සහ ඇඩ්මින්වරුන්ටද මාගේ ප්‍රණාමය පුද කර සිටිමි!.

10 අදහස්:

  1. හික් හී අර්ධ ශතකයක් කිව්වේ කියාක්ද එළ දිගටම ලියාගෙන ලියාගෙන යන්න මම සුබ පතනවා.

    ReplyDelete
  2. හෆ්ෆා නියමයි නෙ. චිරාත් කාලයක් බ්ලොග් කෙටීමට ලැබේ වා.

    ලිවීමේ කලාව ගැන නම් කිසිම අවුලක් නෑ (මට වඩා සිය ගුණයක් හොඳයී)

    එළ

    ReplyDelete
  3. අයියෝ මලයෝ අර්ධ ශතකය කියන්නේ පනහනේ.

    ලියනව ලියනව පුලුවන් තරම් ලියන්න තමයි අදහස් කරන් ඉන්නේ.

    ReplyDelete
  4. එල එල එහෙනම් නොදැවි ශතකයක් ගහයි කියලා හිතෙනවා.ඔන්න මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  5. අවුලක් නෑ ඉතිං ඔයා ලියන ඒවා බලන්න අපි ඉන්නවානේ...
    සුභ පතනවා මුළු හදවතින්ම..!!!
    ඔහොම යාං...එළ...එළ...

    ReplyDelete
  6. හික්‍‍... half century ආහ්!!! :D

    ReplyDelete
  7. පොඩ්ඩගේ සුභපැතුම් !

    ReplyDelete
  8. @මනු
    මේ ඔයා නිකං දැනගෙන නේද ඇහුවේ.

    @පිස්සා
    චිරාත් කාලයක් ලියන්න... ම්.. බලමු බලමු.

    @සසික නානායක්කාර
    ශතකයක් නම් ඉක්මණටම ගහන්න පුලුවන් වෙයි වගේ.IPL T20 ‍වගේ දෙන්න හදන්නෙ. නොදැවී ඉන්න ‍ඕන නේන්නං. වතුර එහෙම ඕන උනොත් සප් එක දෙනවද?

    @ඉ-නැණ පියස
    ඔයා ලියන ඒවත් මං බලනවා. අර තාප්ප වල අලවන එක නම් මරු.

    @ගයන්ත
    ඔව් ඔව් half centuary තමයි.
    මට මතක හැටියට නිව්ටන්ගේ නියම ගැන ඔයාගේ එකේ නේද මම ලිවුවේ.

    @පොඩ්ඩා
    ආ පොඩ්ඩො ඔයත් ඉක්මණට දුවල එන්න. ශතකයක් ම ගහන්න බැරිවෙන එකක් නෑ ඔයාටත්.

    ----
    ඔක්කොටම ස්තූතියි. මාව තවත් දිරිමත් කරනවට. තව හොද හොද ඒව හිතේ තියෙනව වෙලාව තමයි හරහට ඉන්නෙ. ඒවත් ලියන්න තමයි හිතාන ඉන්නේ.

    ReplyDelete
  9. එල එල ඔහොමයමු! සුභ පතනව අපිත්

    ReplyDelete
  10. තාරක ඉතාම සතුටුයි ලිපි 50 සම්පුර්ණ කිරිම ගැන එය වැදගත් වන්නේ වැදගත් ලිපි 50 කින් සම්පුර්ණ කිරිම මම ඔබට මම සුබපතනවා

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ