Pages

2009-05-06

Firefox හි Address bar එක මගින් සෙවීම

ඇත්තටම Firefox Address bar එක සෙවුම් යන්ත්‍රයක් විදියට වැඩ කරනවා. ඉතිං හොයන්න තියෙන දෙයක් Address bar එකට ඇතුලත් කරල හොයන්නත් පුලුවන්.

මේක හම්බුනේ මගේ පෙරනිමි සෙවුම් යන්ත්‍රය එක වෙනස් වීම නිසයි. ඉතිං පෙරනිමි සෙවුම් යන්ත්‍රය Google කරන්න මෙහෙම කරන්න.නැතිනම් අවශය සෙවුම් යන්ත්‍රයක් ලෙස සකසා ගන්න.

1.ලිපින තීරුවේ about:config ලෙස සඳහන් කර Enter කරන්න. එහිදි සුපරික්ෂාකාරී වන බවට පොරොන්දුවන්න.
2.පිළිබඳ:මානකරණයේ පෙරහනය තුල keyword.url ලෙස සඳහන් කරන්න.
3. ලැයිස්තුවෙන් keyword.URL තොරා දෙවරක් ක්ලික් කරන්න
4. එහිදී String අගයට පහත පෙල ඇතුලත් කරන්න.
http://www.google.com.my/search?q=
5.දැන් "හරි" යන බොත්තම මත ක්ලික් කරන්න.

ඔබේ Firefox ලිපින තීරුව සෙවුම් යන්ත්‍රයක් වී අවසන්.

ඉගියක්:
සස්රූත සෙවුම් යන්ත්‍රය අවශය නම් එය http://www.sasrutha.com/?search= ලෙස වෙනස් කරන්න.

7 අදහස්:

  1. එළ තීම් එක මාරු කරපු එකනම් ගොඩක් හොදයි

    ReplyDelete
  2. ඕක මෙහෙම උනා නම් මොකො? ;)

    http://www.google.lk/search?q=

    ReplyDelete
  3. ප්‍රතිඵල වැඩියෙන් පෙන්නනවා. හොද අවධානයක් තියනවනේ.

    ReplyDelete
  4. ඔයා ඉන්නෙ මැලේසියාවෙද?

    ReplyDelete
  5. නෑ මම ඉන්නෙ ලංකාවෙමයි. ඇයි එහෙම හිතුනේ.

    ReplyDelete
  6. @බුද්ධික
    දැංනේ මීටර් උනේ. වැඩේ :)

    ReplyDelete
  7. හී හී,දැන් මාස කියක් පරණ පෝස්ට් එකක්ද/මොකෝ එකපාරම මේම මීටර් උනේ? ;)

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ