Pages

2009-05-06

ලිනක්ස් වල ටීවී කාඩ් වැඩකරනවා.

දින දෙකකට කලින් ගෙදර ටීවී එක වැඩ නොකරන තත්වයකට පත් විය. ඉතිං මේ දිනවල ටීවී බැලීමට භාවිතා වන්නේද පරිගණයකයයි. වින්ඩෝස් වල කොහොමත් වැඩ කරන නමුත් ලිනක්ස් සඳහා ස්ථාපනය කිරීමට උත්සහයක් දැරුවෙමි.
ලිනක්ස් සඳහා මුලින්ම ටීවී බැලීමට හොද මෘදුකාගයක් සොයද්දී tvtime ගැන දැනගතිමි. එනිසාම එය ස්ථාපනය කල මුත් ලිනක්ස් වලට ටීවී කාඩ් එක සපෝට් කරයිද යන්න සැක සහිත විය. මුලින් වැඩ නොකලද බුද්ධික ගේ අඩවියේ එම කාඩ් එක සඳහා සැකසුම් ඇතිබව බුද්ධික විසින් වෙනත් ස්ථානයකදී මට සඳහන් කිරීම ගැන මුලින් ඔහුට ස්තූතිවන්ත වෙමි.

ඉතිං ඒ අනුව සැකසුම් කර අවසානයේ සතුටු දායක තත්වයකට ගැනීමට හැකි විය. එනම් Composite input ක්‍රියාකාරී වීමයි. ඉතිං දැන් ටීවී කාඩ් එක වැඩ කරන බව දන්නා නිසා Channel සදහා Scan කල යුතුය. නමුත් මේ ටික කර අවසන් වන විටම විදුලි බලය ඇණහිටීම නිසා කටයුතු ටික අතරමඟ නැවත් වීමට සිඳු විය.

ඉතිං ලිනක්ස් වල ටීවී කාඩ් එකත් වැඩ කරනවා.

0 අදහස්:

Post a Comment

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ