Pages

2009-05-08

Desktop එක ධාවනය වන යෙදුම් සමග සුරැකීම

වැඩක් කරමින් සිටින විට පරිගණකය වසා දමන්න සිදුවුවහොත් ඔබ කරන්නේ කුමක්ද?
බොහෝ විට කරන්නේ සියල්ල සුරකීම සිදුකොට වසා දැමීමයි.

එහෙත් Desktop එක විවෘත කර ඇති යෙදුම් සමගම ‍සුරකීම සිදු කර වසා දමා නැවත ආරම්භ කල විට වසද්දී තිබූ තැනටම ගත හැකි විකල්පයක් වින්ඩොස් හි ඇත.

එය Hibarnation නම්‍ වේ.පෙරනිමියෙන් මෙය සක්‍රීය නොවේ.
සක්‍රිය කිරීමට Control Panel හි Power Options වල Hibarnation නම් ටැබය යටතේ ඇති Enable Hibernation tick එක සක්‍රිය කරන්න.
(මේ සඳහාද Hard disk එකෙන් යම් ඉඩක් වැයවේ.)
දැන් විකල්පය සක්‍රිය කර අවසන්.

භාවිත කිරීම මෙසේ සිදු කල හැක. මීඩියා ප්ලේයරය හැර ඕනෑම යෙදුමක් හෝ කිහිපයක් ධාවනය කරන්න.
දැන් Start-->Shutdown තෝරන්න.
සුපුරුදු විකල්ප තුන වන Stand by, Shutdown, Restart එහි දිස්වනු ඇත.
දැන Shift යතුර තද කරන්න. එවිට Stand by යන්න Hibarnate ලෙස වෙනස් වනු ඇත.
Hibernate දිස්වී තිබෙන විට එය මත ක්ලික් කිරීම මගින් පරිගණකය Hibernate කිරීම සිදු කල හැක.
එවිට සියල්ල සුරකීමට කාලයක් ගනිමින් පරිගණකයේ විදුලිය විසන්ධි වනු ඇත. එවිට එය Shutdown කිරීම හා සමාන අවස්ථාවකට පත්වේ.

දැන් නැවත පරිගණකය පණගැන්වූ විට Resume Windows ලෙස දිස්වෙමින් Hibarnate තත්වයට පත් කරද්දී තිබු Desktop එක ධාවනය වූ යෙදුම් සියල්ල එලෙසම විවෘත කර‍ දෙයි.

3 අදහස්:

  1. Ever since I brought this laptop. I never shutdown it. I have set it to hibernate when the flap is closed. I wonder if there is a way to set to set turn on when I open the flap! ;)

    ReplyDelete
  2. Hibarnate කියන්නෙ හරි වටින එකක්. සමහර කොම්පුටර වල Resume Windows වෙනකොට මග හිටින්නේ ඇයි? මගෙ අනිත් කොම්පූටරේ තියෙන්නෙ XP. 1GB RAM සහ අප්‍රමාණ හාඩ් ඩිස්ක් ස්පේස්. හේතුව දන්නවද?

    ReplyDelete
  3. @Vishva Kumara
    I also have seen only "Close Lid". There is no way to Power up when Open the Lid. i also like if it exsist.

    @අනු
    Hibernate වලට ඉඩ පාවිච්චි වෙන්නෙ රැම් එකෙන් නෙවයි. හාඩ් ඩිස්ක් එකෙන්. බලන්න සක්‍රිය කරන තැන අවශය වෙන ඉඩ ප්‍රමාණය සඳහන් කරනවා. බොහෝ විට 1GB විතර තමයි ඕන. මගේ නම් ඊට අ‍ඩුවෙන් තමයි පෙන්‍වන්නේ. හේතුවක් නම් හිතාගන්න අමාරුයි.

    අප්‍රමාණ හාඩ් ඩිස්ක් ස්පේස් වෙන්නෙ කොහොමද? හාඩ් එකට නියමිත ධාරිතාවක් තියෙනවනේ.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ