Pages

2009-05-05

ලිනක්ස් මිල ගණන්




ජාලය තුල සැරිසරන විට හමුවූ දෙයක්.
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ලිපිනයක් සඳහන් මෙම අඩ‍වියේ රු.40 සිට රු.200 දක්වා මිල ගණන් වලට ලිනක්ස් සීඩී මිල සදහන් කර ඇත.

ලිනක්ස් ‍වල වෙලුම් වර්ග එක තැනකදී දැකගතිමි.

මෙන්න ලිපිනය ගිහින් බලන්න.

නමුත් මේවා නිදහස් හා විවෘත මෘදුකාංග බව මතක තබා ගන්න. සංවර්ධනය කිරීමට හෝ සංවර්ධනය කර විකිනීමට ඔබට තහනමක් නැත. තවද නොමිලයේම භාගත කරගත හැකිය.

5 අදහස්:

  1. මේකෙ වැරැද්ද මොකද්ද? අන්තර්ජාල පහසුකම් නැති හෝ මා වගේ ඩයල් අප් භාවිත් කරන කෙනෙක්ට වෙන කොහෙන් ගන්නද? ගිගාබයිට් ගණන් ඩවුන්ලෝඩ් කර දෙන්න කැමැත්තෙක් නම් මට තවම හමුවී නෑ. (චිත්‍රපටයක්/සිංදුවක් නම් බා දෙයි මෙවැන්නක් මුදල් ගෙවා වත් නොහැකියී)එවන් කරුණු නිසා මට සමහර ලිනක්ස් සංස්කරන අත්හදාවත් බැලිය නොහැකිවී තිබෙනවා, මංද කැෆේ එකකින් දවසකට පැය 8 පමණක් භාවිතා කිරීමට ලැබීමත් , බාගත් දේ ගබඩා කල නොහැකි වීමත්. පැයකට රුපියල් 60ක් වැනි (අපට )ඉහල මුදලක් ගෙවීමට සිදුවීමත් නිසා කුඩා සංස්කරණ වලින් එහා යෑම මට ප්‍රායෝහික නෑ

    ලංකාවේ මෙවැනි සේවයක් තිබුනා නම් මා ගොඩක් සතුටු වෙනවා. රුපියල් 40 (මෙහේ 80) ක් ගෙවා ගන්න එක ගොඩක් ලාබයි, රුපියල් 200-300ක් නොව දහසක් උවත් මම එවැන්නක් අනිවාර්යයෙන්ම මිලදී ගන්නවා

    බ්‍රෝඩ් බෑන්ඩ් තිබෙන අයට කිසිදා නොසිතන තරම් අපහසුතාවලට අප ලක් වෙනවා. (උදා:: ඔබගේ බ්ලොගය විවෘත කිරීමට මට විනාඩි හරියටම විනාඩි 12 ක් ගියා., තමන්ගේ බ්ලොගය තමන් කැමති විදියටයි ඒත් අපි ගැනත් හිතන්න. බ්ලොග් ලිපිය එන්නේ සියල්ලට පසුයි. එතකම් අප බලාසිටිය යුතුයි, හොඳ මාතෘකාවක් යැයි සිතුන නිසා මිසක් සාමාන්‍ය්යෙන් ඔබේ අඩවියට මා ගොඩ වන්නේ නෑ (ෆීඩයෙන් බලනව ඉඩ ලද විට)මෙවන් දෙයක් ලංකාවේත් ඇති කරන්න කාට හරි පුලුවන් නම් ලොකු දෙයක්. බංකොලොත් වෙන්නේ නෑ ඒක විස්වාසයි


    PS:තරහවෙන්න එපා මෙහෙම කියනවට, ඔබේ අඩවියේ ඔබටවත් බලන්නාටවත් කිසිදා අනවශ්‍ය කැබලි තිබෙනවා. අඩවියේ අලංකාරයටත් එය විශාල භාදාවක්

    ඒවා ලෝඩ් වීමට බලාසිටිය නොහැකිව හැරී ගිය (මාද ඇතුලුව ) පිරිස කොපමණ දැයි හිතන්න

    ReplyDelete
  2. හික්ස් අපිත් දාමුද එකක්?

    ReplyDelete
  3. Yeah, this background along sucks, so even if some valubale info is there I rather skip sites like this

    ReplyDelete
  4. @ගයාන් කල්හාර
    කිසි වැරද්දක් නැහැ. මා සබැදියට පසු කොටස එක් කලේ මෙය නිසා කවුරුන් හෝ වැරදි වැටහීමක් ඇති කර නොගනු පිණිස බව සලකන්න.
    මා ඔබට පෞද්ගලිකව ඩවුන්ලෝඩ් කර දීමට මගේ කැමැත්ත මීට පෙර ප්‍රකාශ කර ඇත.

    හොදයි. දෙවන කාරණය සම්බනධයෙන් මා අනවශ්‍ය යයි සිතූ කිහිපයක් ඉවත් කර වෙනස්කම් කිහිපයක් සිදුකලෙමි. (මා මෙම බ්ලොගය ආරම්භ කලේ මා සතු දැනුම හා මාගේ පරීක්ෂණ සඳහන්කර තැබීමටයි. පසුව සිංහලට හැරවූ නිසා Template එක ගැන නොසැලකුවෙමි.) ඔබ සඳහන් කල නිසාම මෙහි ධාරිතාව අඩු කිරීම ගැන ඉදිරියෙදී සලකා බලමි.

    @-බිன்ku-
    අදහස නම් නරකම නෑ. ආරම්භයක් දෙන්න බලන්නම්


    --සියලුම පාඨකයන් හට--
    ‍නොසැලකිල්ල නිසා සිදුවූ දෙයට මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

    ReplyDelete
  5. සමාව ඉල්ලීමට තරම් වැරැද්දක් ඔබෙන් වූයේ නෑ

    බොහොම ස්තූතියි අපේ අපහසුකම් ගැන බලලා තීම් එක මාරු කලාට, මා ඔබට සුදුසු බර අඩු එහෙත් ඉතා ලස්සන තීමයක් කොහේහෝ දුටුවා, මා එය සොයා ඔබට ඊ ලිපියක් දමන්නම්

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ