Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2009-11-30

Fedora 12 මත ස්කයිප් ස්ථාපනය

ටර්මිනල් එකෙන් තමයි මේ වැඩෙත් කරන්න යන්නේ.
මුලින්ම root විදියට ටර්මිනල් එකට ප්‍රවේශ වෙන්න ටර්මිනල් එක විවෘත කරල su යන විධානය ලබා දෙන්න.
එවිට root සඳහා වන මුර පදය ඉල්ලා සිටින අතර එහිදි ඔබේ root පරිශීලක සඳහා වන මුරපදය ලබාදෙන්න.

දැන් vi හෝ nano වැනි editor එකකින් පහත සඳහන් වන ටික /etc/yum.repos.d/skype.repo යන ගොනුව සාදා එය තුල සුරකින්න.
මෙහිදී ඇත්තටම සිදුවන්නේ Skype සඳහා Repository එකක් සෑදීමයි.

[skype]
name=Skype Repository
baseurl=http://download.skype.com/linux/repos/fedora/updates/i586/
#gpgkey=http://www.skype.com/products/skype/linux/rpm-public-key.asc
gpgkey=file:///etc/pki/rpm-gpg/RPM-GPG-KEY-skype
enabled=1
gpgcheck=1


මේ ටික කරල ඉවර උනාම කරන්න තියෙන්නේ පුරුදු විදියටම yum මගින් skype ස්ථාපනයට විධානයට ලබාදීමයි.
එය පහත පරිදි ලබාදෙන්න.
yum install skype --nogpgcheck

දැන් yum මගින් ස්කයිප් ස්ථාපනය කරනු ඇති.

ස්ථාපනය අවසන් වූ පසු යෙදුම-->අන්තර්ජාලය-->Skype මගින් ස්කයිප් ලබාගත හැකියි.

මගේ සියවන සැමරුම් සටහන (100)


වෙනද වගේම අදත් ඔන්න බ්ලොග් සටහනක් ලියන්න කියල බ්ලොග් එක පැත්තෙ ආව. බලනකොට ලියන්න යන්නේ සියවෙනි බ්ලොග් සටහන. ඉතිං මාස දහයක් තිස්සේ කරපු උත්සහයේ සාර්ථකත්වයක් තියෙනවනම් තියෙන්නේ මං ලියපු දේවලින් ඔයාල ප්‍රයෝජනයක් ගත්ත නම් තමයි.

මේක පටන් ගත්ත හැටි කියනවනම් මට ADSL අන්තර්ජාල සබඳතාව හම්බුනේ 2009 ජනවාරි දෙවනිදා. හැබයි ගත්ත ගමන් කලේ 2008 අප්‍රේල් වල ලියපු උසස් පෙළ විභාගේ ප්‍රතිඵල බලපු එක තමයි. හරියටම එදා තමයි ප්‍රතිඵල අන්තර්ජාලයට දැම්මේ. :p

එදා ඉදගෙන ඉතිං ජංජාල ගත වෙලා තමයි හිටියේ. ඉතිං ඔහොම ජංජාලෙ අතරමංවෙවී ඉන්නකොට තමයි සිංහල බ්ලොග් කෙරුවාව ගැන දැනගත්තේ. ඉතිං මාත් තිබුණු ඉංගිරිස් බ්ලොග් එකේ තිබිච්ච මකල දාල ඒකට තීම් එකක් හදාගෙන ලියන්න ගත්ත. ඉතිං නමකුත් දාන්න එපැයි. තීම් එක හදද්දිම සටහන් පිටුව කියන එක හොදා කියල ඔළුවට ඇවිත් තිබුණා. (මේක සටහන් පිටුව කියල නම් කලෙත් මම එක දෙයක් ගැන විතරක් ලියන්නැති බව දන්න නිසා) ඉතිං විවිධ කිවුවට ලියපු ක්‍ෂේත්‍ර මට මතකත් නෑ වගේ. ඔන්න ඔය ටැග් වලාව බැලුවනම් තේරෙයි මොන මොන දේවල් ගැන ලියල තියෙනවද කියල.

මුලින්ම ලිවුවා ඉතිං මාත් පටන් ගත්ත කියල. ඒකට පළමුවෙන්ම ප්‍රතිචාර දක්වලා දිරිමත් කලේ සු෴ සහ ඒ ලිපියටම ප්‍රතිචාර දක්වපු Nevi තමයි. ඉතිං එදා ඉදල (2009 පෙබරවාරි 24 වෙනිදා) කරන කියන දේවල් අහන්න දකින්න ලැබෙන දේවල් මේ සටහන් පිටුවෙ ලිපි අතර සටහන් කරල තිවුවා. සමහරවිට මම ලියපුව තේරුම් ගන්න අපහසු වෙන්නත් ඇති.

මේ බ්ලොග් කෙරුවාවෙන් මාත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. කොහොම කොහොම හරි මමත් මෙච්චර සටහන් ලිවුවෙ කොහොමද කියන එක මටවත් හිතාගන්න බෑ.

මේ තියෙන්නේ මෙතුවක් කල් මම ලියපු සටහන් වල ලැයිස්තුව.
ඔන්න ඉතිං සියවන සැමරුම වෙලාවේ අතීත ආවර්ජනයකුත් කලා. ඔන්න ඔහොමයි තාරකගේ බ්ලොග් කෙරුවාව. තවත් සටහනකින් ඔබ හමුවෙන තුරු

එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝවේවා!!

2009-11-29

අපේ ඔන්ලයින් සාජ්ජය

ඔන්න අපේ කස්ටිය එහෙනම් ඔන්ලයින් සාජ්ජෙකුත් පැවැත්තුවා! වැඩේ පැවැත්තුවේ ට්වීටරේමයි. කට්ටිය සිංදු කිය කිය ඉන්න කොට, තව රීට්වීට් කර කර ඉන්නකොට බුදාගේ අදහසකට ඔන්න හැමෝම සිංදු වලට ටැග් එක දාන්න ගත්ත. මුලින්ම දාපු සිංදුවල ටැග් එක දැම්මෙ නෑනේ. ඉතිං මුලින් දාපු සිංදු ටික නම් නෑ.

ඉතිං ඔය සිංදු කියන අතරේ ඇඩ් ටිකක් එහෙමත් වැටුනා. වැඩිපුරම ඇඩ් දැම්මේ ඉන්ද්‍රනාම වෙන්න ඕන. මාත් දැම්මනෙව ඇඩ් දෙකක් විතර. සුපුරුදු විදියට Hint පාස් කිරිල්ලත් ක‍ලා නෙව. ‍
සාජ්ජේ කොච්චර නැගල ගියාද කියනවනම් රෑ 1ත් පහුවෙනකං තිබිල. මම ඉතිං 12ට විතර නිදාගන්න ගියානෙව. එළිවෙලත් කස්ටිය කතා කරන්නෙ සාජ්ජේ ගැන.

හැබැයි හොදම වැඩේ වෙන්නේ. අද උදේම සාජ්ජෙට හිටපු නැති අය ටිවීටරේට ලොග් උනාම පෙන්නන ගාන බලන්න ගියාම තමයි. :D


කොහොම කොහොම හරි ආයිම ලබන සෙනසුරාදත් සාජ්ජේ පවත්වන්න කස්ටියගේ අදහසක් තියෙනවා. එදාටම බලාගන්න පුලුවන් වෙයි.


කට්ටිය සිංදු කියපු හැටි මෙතනින් ගිහින් බලන්න.

2009-11-26

Windows XP 64bit එකක සිට සිංහලෙන් ලියමි

Windows XP 64bit SP1 එකට සිංහල යුනිකේත ස්ථාපනය කරන්න ගියාම Service Pack 2 ඕන කියනවා. ඉතිං Service Pack 2 වලට යාවත්කාල කලාට පස්සෙ මෙහෙම කියනවා.

මොනව කරන්නද? ඒත් එහෙම කියල බෑනෙව.

සිංහල යුනිකේත නිවැරදිව කියවීමේ පහසුකම ඉස්කෝල පොත‍ ෆොන්ටය Fonts folder එකට පිටපත් කර දසුන් සමීර සොයුරාගේ ලිපියට අනුව usp10.dll ගොනුව ෆයර්ෆොක්ස් ස්ථාපන ස්ථානයට පිටපත් කර සාදාගත් නමුත් මෙතෙක් සිංහල යුනිකේත ලිවීමේ හැකියාව නොතිබුණි.

නමුත් දැන් KeyTouch නමින් අලුත් IME (Input Method Editor - යතුරුලියන සංස්කරණ මෘදුකාංගයක් හදුන්වා දී ඇති අතර එමගින් සිංහල යුනිකේත ලිවීමේ හැකියාව Windows XP 64bit වෙළුම මතදීද ලබාදේ.

බාගත කිරීමට පහත සබැදියෙන් යන්න

http://cplus.lk/2009/11/keytouch-ime/

2009-11-23

Google talk Empathy සමග භාවිතා කරන්නේ මෙහෙමයි

Fedora 12 සමග පෙරනිමයෙන් එන chat client තමයි empaty කියන්නේ. ඉතිං ඒකට මේල් එකවුන්ට් ටික එකතු කරගත්ත. දැන් මේල් එකට ලොග් නොවී කෙලින්ම Empathy එකෙන් චැට් කරන්න පුලුවන්.

කරන්න තියෙන්නේ මෙච්චරයි


යෙදුම්-->අන්තර්ජාලය->Empathy IM Client
මගින් Empathy ලබාගන්න. එහි Account කවුලුවේ පහල තියෙන Add New බොත්තම ඔබන්න
දැන් Add New ඉදිරියෙන් ඇති ගලා හැලෙන මෙනුවෙන් Google Talk තෝරාගෙන Create බොත්තම එබූ විට පහත පරිදි දිස්වේ. එහි Login ID සහ Password ලබා දී Advanced යටතේ ඇති සැකසුම් පහත පරිදි සකසන්න.

Server: talk.google.com
Port: 5223
Use old SSL යන්න සලකුණු කර Apply කරන්න. එපමණයි Google Talk ලෙසම Empathy භාවිතා කල හැකි වනු ඇත.



මෙහි ඇති විශේෂත්වය නම් Google Talk හි ඇති ශ්‍රව්‍ය මාධ්‍ය මෙන්ම දෘෂ්‍ය මාධ්‍යද සහය දැක්වීමයි.

2009-11-22

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය එළි දැක්වේ



වසරකට අධික කාලයක් තිස්සේ කෙරුණු අත්හදා බැලීම්වලින් පසු හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය දා සම්පූර්ණ කෙරිණි. හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය දැන් සියලු පරිගණක පරිශීලකයින්ගේ භාවිතය උදෙසා අන්තර්ජාලය ඔස්සේත්, හන්තාන ප්‍රජාවේ ස්වේච්ඡා සම්පත් දායකයින් වෙතිනුත් ලබාගත හැකි ය.

හන්තාන ලිනක්ස් යනු කුමක් ද? එය කාට ද?

හන්තාන ලිනක්ස් යනු සුප්‍රකට Fedora මෙහෙයුම් පද්ධතිය සම්මිශ්‍රණය කරමින් සකස් කළ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. අන්තර්ජාල පහසුකම් අඩු පරිශීලකයින්ට, පාසැල් සිසුන්ට හා ගුරුවරුන්ට සහ අවම තාක්ෂණ හුරුවක් ඇති අයට පවා ඉතා පහසුවෙන් තම පරිගණක වැඩකටයුතු ඉටු කරගැනිමේ අවකාශ විවර කර දීමේ අරමුණින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පාදනය කර තිබේ.

Fedora වෙතින් ලැබෙන සියලු පහසුකම්, මෘදුකාංග හා ගුණාංග සියල්ල හන්තාන පද්ධතිය සතු වෙයි. ඊට අමතර ව කාර්යාලයීය, අධ්‍යාපනික, බහුමාධ්‍ය හා ග්‍රැෆික් අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය මෘදුකාංග ගණනාවක් හන්තාන සමග කෙලින් ම ඔබ වෙත ලැබේ. සාමාන්‍ය PC එනම් i686 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live CD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන.

Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. එහෙයින් (MP3 වැනි) ඕනෑ ම බහුමාධ්‍ය අන්තර්ගතයක් සේ ම DVD ආදිය ද කෙලින් ම ධාවනය කිරීමේ පහසුකම හන්තාන සතු ය. හන්තාන බාගැනීමේ දී ඔබට Fedora මෙහෙයුම් පද්ධතියේ නවතම නිකුතුව මෙන් ම RPM Fusion සහ Livna මෘදුකාංග කෝෂ්ටාගාර ද ලැබෙන හෙයින් වෙනත් අමතර පිරියම් කිරීමක් අවශ්‍ය නො වේ. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්‍ය, ග්‍රැෆික්, අධ්‍යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්‍යතා සපුරාලීමෙයි සමත් වෙයි!

හන්තාන වේගවත් හා සැහැල්ලු ඩෙස්ක්ටොප් පරිසරයක් වන XFCE භාවිත කරන හෙයින් අවම බලයක් සහිත පරිගණකයක් වුව ද වේගවත්ව ධාවනය කිරීමට සමත් වන අතර ඔබේ දෘඪ තැටියේ ඉඩකඩ ද සුරකියි.

හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්‍යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ.

හන්තාන ප්‍රජාව


හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන් ම ප්‍රජා නිෂ්පාදිතයකි. හන්තාන ව්‍යාපෘතිය වටා ගොනු වෙමින් තාක්ෂණික, භාෂාමය හා වෙනත් නානා විධ අංශයන්ගෙන් ස්වේච්ඡා දායකත්වය ලබා දෙන උද්‍යෝගීමත් ප්‍රජාව එහි ප්‍රධානතම ශක්තියයි. හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි!

හන්තාන ලිනක්ස් පිළිබඳ ඔබේ ගැටලුවලට විසඳුම් හන්තාන ලිනක්ස් ෆෝරමය, හන්තාන ලිනක්ස් ගූගල් සමූහය හා #hanthana irc චැනලය ඔස්සේ ඉතා ඉක්මනින් ලබාගැනීමට පුළුවන.

වැඩි විස්තර සඳහා දැන් ම ප්‍රධාන හන්තාන ලිනක්ස් වෙබ් අඩෙවිය hanthana.org පිවිසෙන්න.


හන්තාන ලිනක්ස් පාසල් වලට හදුන්වාදීම

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පළමුවෙන් පාසල් සිසුන්ට හදුන්වාදුන්නේ මෙම ව‍සරේ ජාත්‍යන්තර නිදහස් හා විවෘත මෘදුකාංග දින එනම් 2009 සැප්තැම්බර් 19 වන දින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීයේ පැවැත්වූ අම්බලන්ගොඩ කලාපයේ පාසල් වලට පවත්වන ලද වැඩමුළුවේදීය.


2009 සැප්තැම්බර් මස 17 වන දින රුහුණු විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයේදී සිසුන් 100 දෙනෙකුට හන්තාන ලිනක්ස් ස්ථාපනය කරගැනීම සහ ඒමගින් සාමාන්‍ය කටයුතු කරගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදි.


අතුරුලිය රතනසාර විද්‍යාලය - අකුරැස්ස, කළහේ ශ්‍රී සුමංගලෝදය - කලහේ, ශාරිපුත්‍ර විද්‍යාලය - අහංගම දැනට හන්තාන ලිනක්ස් භාවිතා කරන පාසැල් අතරින් කිහිපයකි.

මීට අමතරව ගාල්ල මධ්‍ය මහා විද්‍යාලයීය (ඕල් සෙන්ට්ස් විද්‍යාලය) තොරතුරු තාක්‍ෂණික කණ්ඩායම සංවිධානය කළ තොරතුරු තාක්‍ෂණ දිනයේදි ද හන්තාන මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීම සඳහා ආරාධනා ලැබුණි.

බෙලිඅත්ත මහපොල අධ්‍යාපනික ප්‍රදර්ශන භුමියේදි මෙම මෙහෙයුම් පද්ධතිය ප්‍රයෝගිකව අත්හදා බලා ලබා ගැනිමේ අවස්ථාව හම්බන්තොට ප්‍රදේශවාසීන්ට හිමිවිය.

2009-11-21

Fedora 12 CONSTANTINE දාගතිමි


Fedora 12ත් ඇවිල්ල. මේක නම් කරල තියෙන්නේ CONSTANTINE කියල. සිකුරාද ඩවුන්ලෝඩ් කරගත්තට ගෙදර ගේන්න බැරි උනා. ඉතිං අද එමින් ගමන් ඩනිෂ්ක අයියගෙන් අරගෙන ඇවිත් දැම්මා.

දාල ඉවරඋනාම ඉඩගිහින් තිබුනේ මෙහෙමයි.






FilesystemSizeUsedAvailUse%Mounted on
/dev/sda513G3.0G8.5G26%/
tmpfs498M420K498M1%/dev/shm
/dev/sda3197M22M165M12%/boot
/dev/sda73.6G88M3.3G3%/home

Gigabyte 13න් Gigabyte 3ක් විතරයි අරන් තියෙන්නේ.

ඉතිං කොනක ඉඳන් හදන්න එපැයි.
<ALT+F2>අරගෙන Gnome-ter ගහනකොට gnome-terminal කියල පෙන්නනවනේ එන්ටර් කරා
[tharaka@localhost ~]$ su
Password:
[root@localhost tharaka]#


පටන් ගත්ත
RPM Fusion මූලය පිහිටෙව්වා.
rpm -Uvh http://download1.rpmfusion.org/free/fedora/rpmfusion-free-release-stable.noarch.rpm
rpm -Uhv http://download1.rpmfusion.org/nonfree/fedora/rpmfusion-nonfree-release-stable.noarch.rpm
rpm --import /etc/pki/rpm-gpg/RPM-GPG-KEY-rpmfusion-*


වේගවත් මිරර් එපැයි ඒකත් දාගත්තා
yum install yum-fastestmirror
[root@localhost tharaka]# yum install yum-fastestmirror
Loaded plugins: presto, refresh-packagekit

Setting up Install Process
Resolving Dependencies
--> Running transaction check
---> Package yum-plugin-fastestmirror.noarch 0:1.1.24-2.fc12 set to be updated
--> Finished Dependency Resolution

Dependencies Resolved

================================================================================
Package Arch Version Repository Size
================================================================================
Installing:
yum-plugin-fastestmirror noarch 1.1.24-2.fc12 updates 16 k

Transaction Summary
================================================================================
Install 1 Package(s)
Upgrade 0 Package(s)

Total download size: 16 k
Is this ok [y/N]: y
Downloading Packages:
Setting up and reading Presto delta metadata
Processing delta metadata
Package(s) data still to download: 16 k
yum-plugin-fastestmirror-1.1.24-2.fc12.noarch.rpm | 16 kB 00:01
Running rpm_check_debug
Running Transaction Test
Finished Transaction Test
Transaction Test Succeeded
Running Transaction
Installing : yum-plugin-fastestmirror-1.1.24-2.fc12.noarch 1/1

Installed:
yum-plugin-fastestmirror.noarch 0:1.1.24-2.fc12

Complete!
[root@localhost tharaka]#


අපි සිංදු අහන්නනැද්ද mp3 වැඩ නෑනේ
දැම්ම gstremer

yum install gstreamer-plugins-ugly audacious-plugins-freeworld-mp3


ෆ්ලෑෂ් ප්ලේයර් එක

rpm -Uvh http://linuxdownload.adobe.com/adobe-release/adobe-release-i386-1.0-1.noarch.rpm
yum install flash-plugin
mozilla-plugin-config -i -g -v




ඔය දේවල් ස්ථාපනය වෙන අතරතුරේ
echofun එක දාගත්තා
https://addons.mozilla.org/en-US/firefox/addon/5081

ආ තව EnSiTip එකත්

https://addons.mozilla.org/en-US/firefox/addon/7846


දැනට ඇති වගේ. තව දාගන්න දේවල් නම් තියේ :)

2009-11-03

පිළිකාවට ඔසුවක්?



මා හට විද්‍යුත් තැපෑලෙන් ලැබුණු දෙයකි.